The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

‘බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලානය’ : MCA Veterans කණ්ඩායමට

T

The Leader Desk

April 14, 2024 • 5:16 PM

‘බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලානය’ : MCA Veterans කණ්ඩායමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ නායකයා වූ බන්දුල වර්ණපුර අනුස්මරණය කරමින් ‘බන්දුල වර්ණපුර කුසලානය’
  • පන්දු 43කට මුහුණ දෙමින් නොදැවී ක්‍රීඩා කළ වසන්තලාල් ප්‍රනාන්දු හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 56ක් වාර්තා කළ අතර අනුෂ් පෙරේරා ලකුණු 18කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුනා.
  • ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය MCA කණ්ඩායමට වසන්තලාල් ප්‍රනාන්දු හා විදාර අබේවර්ධන (හතරේ 3ක් සහ හයේ පහරක් සමග පන්දු 36කින් ලකුණු 27) ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 63කින් ලකුණු 66ක් රැස් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ ප්‍රවීනයන්ගේ කණ්ඩායම (MCA Veterans) හා සර් හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රීඩා පදනම (SHSOSF) කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 8කින් ජය ගැනීමට වෙළඳ සේවා ක්‍රිකට් ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමත් වුනා.

jkhdf
දෙපිල අතර ‌තෙවැනි වතාවටත් MCA ක්‍රීඩාංගණයේදී පැවති මේ වාර්ෂික ඕවර 20/20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන රෝහණ දිසානායකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ප්‍රථම වතාවට හිමිකර ගත්තේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් මෙහෙයවනු ලැබූ ඕල්කට් පදනම කණ්ඩායම පරාජය කරමින්.

MCA කණ්ඩායමට ජයග්‍රහණය අත්කර දුන් ක්‍රීඩකයන් වූයේ ආරම්භක පිතිකරු වසන්තලාල් ප්‍රනාන්දු සහ පිට දඟ පන්දු යවන අනුෂ් පෙරේරා. පන්දු 43කට මුහුණ දෙමින් නොදැවී ක්‍රීඩා කළ වසන්තලාල් ප්‍රනාන්දු හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 56ක් වාර්තා කළ අතර අනුෂ් පෙරේරා ලකුණු 18කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් ඕල්කට් පදනම කණ්ඩායම මඳ වේග පන්දු යවන දුමින්ද පින්ටො (20/1) හා දඟ පන්දු යවන්නන් වන අනුෂ් පෙරේරා හා පුණ්‍යකාන්ත අබේගුණසේකර (27/1) හමුවේ අසරණ වෙමින් රැස් කළේ මේ තරගමාලාවේ ඔවුන්ගේ අඩු ම මුළු ලකුණු ප්‍රමාණය වූ කඩුලු 5කට ලකුණු 115ක්.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය MCA කණ්ඩායමට වසන්තලාල් ප්‍රනාන්දු හා විදාර අබේවර්ධන (හතරේ 3ක් සහ හයේ පහරක් සමග පන්දු 36කින් ලකුණු 27) ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 63කින් ලකුණු 66ක් රැස් කරමින්.

බන්දුල වර්ණපුරගේ පවුලේ සාමාජිකයන්, බිරිඳ හේමමාලි (බිරිඳ), මාධව (පුතා) සහ උපාලි (සොහොයුරා) විසින් ‘බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලානය’ MCA ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ නායක රෝහණ දිසානායක ට පිරිනැමුවා.

hvjjh
ලකුණු විස්තරය:

SHSOSF - කඩුලු 5 ට ලකුණු 115 යි (ඕවර 20)
තිලාන් විජේසිංහ 23, සුදර්ශන් ගුරුගේ 13, දුමින්ද වික්‍රමසිංහ නොදැවී 20, දුමින්ද සෝමවීර නොදැවී 20 (අනුෂ් පෙරේරා 3/18)

MCA Veterans - කඩුලු 2 ට ලකුණු 119 (ඕවර 16.5)
වසන්තලාල් ප්‍රනාන්දු නොදැවී 56, විදාර අබේවර්ධන 27, සන්ජය අත්තනායක නොදැවී 18)

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...