The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මොහමඩ් සලා බාගැනීමේ සෞදි වෑයම දිගටම

T

The Leader Desk

December 18, 2023 • 4:14 PM

මොහමඩ් සලා බාගැනීමේ සෞදි වෑයම දිගටම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිවපූල් කණ්ඩායමට ක්‍රීඩා කරන මොහමඩ් සලා ලබන වසරේ තරගාවලිය සඳහා මිලදී ගැනීමට
  • අල්-ඉටිහාඩ් ක්‍රීඩා සමාජය පසුගිය ග්‍රීෂ්ම සෘතුවේදී ලිවපූල් පාපන්දු ක්‍රීඩා සමාජය තුළ මහත් කැළඹීමක් ඇති කළේ ක්‍රීඩකයින් මාරු කිරීමේ අවසාන කාලසීමාවේදී ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩක සලා ට පවුම් මිලියන 200ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් යෝජනා කරමින්.
  • එය වළක්වා ගැනීමට ලිවපූල් අවසානයේ සමත් වූවත් ඉදිරි මාසවලදී මේ ඊජිප්තු සුපිරි පාපන්දු තරුව දිනා ගැනීම පිණිස සෞදි ලීගය වඩාත් ක්‍රමවත් උපායශීලී ක්‍රියාමාර්ගයකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
  • එහෙත් සලාව සලකනු ලබන්නේ විශේෂ කාරණයක් ලෙසින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ධනවත් සෞදි අරාබි පාපන්දු ලීගය නැවත වරක් උත්සාහ කරන බවට කිසිම සැකයක් නැහැ.

අල්-ඉටිහාඩ් ක්‍රීඩා සමාජය පසුගිය ග්‍රීෂ්ම සෘතුවේදී ලිවපූල් පාපන්දු ක්‍රීඩා සමාජය තුළ මහත් කැළඹීමක් ඇති කළේ ක්‍රීඩකයින් මාරු කිරීමේ අවසාන කාලසීමාවේදී ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩක සලා ට පවුම් මිලියන 200ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක් යෝජනා කරමින්. එය වළක්වා ගැනීමට ලිවපූල් අවසානයේ සමත් වූවත් ඉදිරි මාසවලදී මේ ඊජිප්තු සුපිරි පාපන්දු තරුව දිනා ගැනීම පිණිස සෞදි ලීගය වඩාත් ක්‍රමවත් උපායශීලී ක්‍රියාමාර්ගයකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

zdfsetrer
පසුගිය ක්‍රීඩක මාරුවේදී අලුත් ක්‍රීඩකයින් වෙනුවෙන් පවුම් මිලියන 750ක් ආයෝජනය කිරීමෙන් පසුව සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ වියදම් කිරීම ලබන වසරේ අඩු වනු ඇතැයි පැවසෙන්නේ ඔවුන් මීළඟ මාස 18ක් සඳහා ඔවුන්ගේ සියළුම විකාශන හා වාණිජ කොන්ත්‍රාත්වලට සිරවී සිටින බැවින්. එහෙත් සලාව සලකනු ලබන්නේ විශේෂ කාරණයක් ලෙසින්.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝටත් වඩා සෞදි ලීගයට වැදගත් ක්‍රීඩක මාරුවක් ලෙසින් 34 හැවිරිදි මොහමඩ් සලා දැන් ඉලක්කගතව සිටිනවා.

zxvfdfsd

මීට මාස දොළහකට පෙර මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත්ව අල් නසර් කණ්ඩායමට සම්බන්ධ වූ රොනාල්ඩෝ තවමත් ඔහුගේ ක්‍රීඩාවේ හිණිපෙත්තේ සිටින්නේ අරාබි ලෝකයේ සංකේතයක් බවට පත්වෙමින්.

අප්‍රිකානු ශූරයින් වන අල්-අහලි කණ්ඩායම බ්‍රහස්පතින්දා ජෙඩා නුවරදී අල්-ඉටිහාඩ් කණ්ඩායම පරාජය කර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඊජිප්තු ක්‍රීඩා ලෝලීන් 10,000කට වැඩි පිරිසක් බලා සිටියා.

සෞදි වෘත්තීය ලීගය ව්‍යාප්ත කිරීම සෞදි රජය විසින් මුලින් ආරම්භ කළේ සෞදි අරාබි රාජධානියේ ආර්ථිකය ඉන්ධනවලින් ඔබ්බට වෙනස් කිරීමේ අරමුණෙන්. නමුත් මේ ලීගය සඳහා දක්වන ආශාව දැන් මැද පෙරදිග හා අප්‍රිකාව හරහා පැතිර ගොස් තිබෙනවා. මොහමඩ් සලා ඊට ඇතුළත් කර ගැනීමෙන් එහි ව්‍යාප්තිය තව තවත් වැඩි වෙනවා.

xzcdgvsdft

ලබන වසරේ සෞදි ලීගය ආරම්භ වන්නේ සලා ට ඔහුගේ සතියකට පවුම් 300,000ක වර්තමාන කොන්ත්‍රාත්තුවේ මාස 12ක් ඉතිරිව තිබියදී.

පසුගිය ග්‍රීෂ්ම සෘතුවේදී අල්-ඉටිහාඩ් සමග ගනුදෙනුවකට සලා අදිමදි කළේවත් සාකච්ඡා ආරම්භ කළේවත් නැහැ. නමුත් තරග වාරය අවසානයේ ලිවපූල් ඔහුගේ මග ඇහිරුවොත් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබෙනවා.

අල්-ඉටිහාඩ් වෙතින් සලා ට යෝජනා කෙරුනු සතියකට පවුම් මිලියන1.25ක බදු රහිත වැටුප සමග තරග කරන්න ලිවපූල් ක්‍රීඩා සමාජයට හැකියාවක් නැහැ. නමුත් සලා තරග බිමෙන් පිට උපයන විශාල මුදල සැලකිල්ලට ගත් විට, එංගලන්තයේ සිටිමින් තව තවත් ප්‍රිමිය ලීග් ශූරතා දිනා ගැනීම වඩා වැදගත් බව සලකා ඔහු ලිවපූල් හි තවදුරටත් රැඳී සිටීම තෝරා ගැනීමට ද ඉඩ තිබෙනවා.

හාවඩ් බිස්නස් පාසල විසින් මේ වසර මුල පළකරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව මොහමඩ් සලා වසරකට පවුම් මිලියන 46.8ත් මිලියන 53.7ත් අතර මුදලක් උපයනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මොහමඩ් සලා බාගැනීමේ සෞදි වෑයම දිගටම | The Leader