The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Moose ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 ‌ලෝක කුසලාන කමිසය එළි දක්වයි

T

The Leader Desk

January 15, 2026 • 11:39 AM

Moose ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 ‌ලෝක කුසලාන කමිසය එළි දක්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශක්තිය, සමගිය හා විශ්වාසය පිළිබිඹු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2026 විස්සයි20 ලෝක කුසලාන කමිසය මූස් (Moose) ඇඳුම් ආයතනය ඊයේ එළිදැක්වූවා.
  • 2023 වසරේදී මේ සබඳතාව ආරම්භ වුනේ මූස් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ක්‍රිකට් ඇඳුම් හවුල්කරු ලෙස පත්වෙමින්.
  • එතැන් සිට, මූස් ආයතනය ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මෙන්ම වයස අවුරුදු 19න් පහළ මට්ටමේ සිට ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම්වලට ද ඔවුන්ගේ ක්‍රීඩාව වර්ධනය වීමේ ඇඳුම් පැලඳුම් සැලසුම් කර නිෂ්පාදනය කර තිබෙනවා.
  • ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ලබන මස ඇරඹෙන T20 ලෝක කුසලාන තරගාවලියේ මේ අලුත් ජර්සිය ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක විසින් නිරාවරණය කිරීම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ සවස සිදුකෙරුනා.
අකුරු ප්‍රමාණය (Font Size):


වැඩි කර දක්වන තද නිල් පැහැය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රතිමාමය කහ පාට ජෝඩු කෙරුනු මේ අලුත් ජර්සිය නවීන කාර්ය සාධන නවෝත්පාදනය සහ ශ්‍රී ලංකාවේ ලෝක මට්ටමේ ඇඟළුම් උරුමය එකට එක් වීමේ අවස්ථාවක්. මෙහි දිස්වන නම් සහ අංකවල නවීන විලාසයෙන් කමිසයට නූතන ජාත්‍යන්තර නිමවුමක් එක් කරන අතරතුර උරහිස්වල වාටියට අල්ලා තිබෙන කැපී පෙනෙන නිල් පැහැති මැස්මෙන් රටේ අනන්‍යතාවට නමස්කාර කෙරෙනවා.

 

 VK90517 E 2
විශිෂ්ට ක්‍රීඩාවක් වෙනුවෙන් සැලසුම් කර තිබෙන මේ කමිසයට යොදාගෙන තිබෙන්නේ සැහැල්ලු, සුළං වදින රෙද්දක්. හමා එන සුළඟින් උපරිම වාසි ලබා ගැනීම පිණිස කමිසය දෙපැත්ත දැල් පනේලවලින් සමන්විතව තිබෙන්නේ සුවපහසුව, කල්පැවැත්ම හා වෙනස් වන දේශගුණික තත්ත්වයන් යටතේ උපරිම දක්ෂතාවෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව තහවුරු කරමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ අලුත්ම කමිසය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මූස් ඇඳුම් ඇඟළුම් ආයතනය අතර තිබෙන අඛණ්ඩ හවුල නියෝජනය කරනවා.

Copy of VK90421 3
2023 වසරේදී මේ සබඳතාව ආරම්භ වුනේ මූස් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ක්‍රිකට් ඇඳුම් හවුල්කරු ලෙස පත්වෙමින්.

එතැන් සිට, මූස් ආයතනය ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මෙන්ම වයස අවුරුදු 19න් පහළ මට්ටමේ සිට ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම්වලට ද ඔවුන්ගේ ක්‍රීඩාව වර්ධනය වීමේ ඇඳුම් පැලඳුම් සැලසුම් කර නිෂ්පාදනය කර තිබෙනවා.

Copy of VK83275
ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ලබන මස ඇරඹෙන T20 ලෝක කුසලාන තරගාවලියේ මේ අලුත් ජර්සිය ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක විසින් නිරාවරණය කිරීම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ සවස සිදුකෙරුනා. එහිදී එම කමිසය මූස් ඇඳුම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හසිබ් ඔමාර් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ට නිල වශයෙන් බාර දුන්නා. ‌මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ද එක්ව සිටියා.
                                           
MOOSE FAN APP

Copy of VK83241
මේ කමිසය එළිදැක්වීමත් සමග මූස් ආයතනය ක්‍රිකට් ලෝලීන් ට ද මේ කමිසයේ කොටසක් බවට පත්වීමට අවස්ථාව සැලසෙන Moose Fan App එක හඳුන්වා දුන්නා. මෙමගින් ක්‍රීඩා ලෝලීන්ට ඔවුන්ගේ සෙල්ෆි ඡායාරූප ‘අප්ලෝඩ්’ කළ හැකි අතර ඒවා දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රතිරූප යොදවා ගනිමින් නිර්මාණය කළ වෛවර්ණ කුඩා ඩිජිටල් චිත්‍රයක් ඇතුළට ගිල්වන්නේ සාමුහික වශයෙන් විශේෂ මූස් ලෝලී කමිසයක් සකස් කරමින්.

මූස් ලෝලී කමිසය මුද්‍රිත QR කේතයකින් යුක්ත වන අතර එය ස්කෑන් කළ විට ක්‍රිකට් ලෝලීන්ව ඩිජිටල් චිත්‍රය කරා මෙහෙයවන්නේ එම චිත්‍රය ඇතුළේ තිබෙන ඔවුන්ගේ ස්ථානය සමග ඔවුන් පැලඳ සිටින කමිසය සම්බන්ධ කිරීමට ඉඩ දෙමින්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පිරිමි 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල කමිසයේ අනුරුවේ කමිස කොළඹ හා මහනුවර මූස් ඇඳුම් සාප්පුවලින් මෙන්ම www.mooseclothingcompany.com වෙතින් මිලදී ගැනීමට හැකි බවත් මාර්ගගත ඇනවුම්වලට ප්‍රවාහන ගාස්තු අය නොකරන බවත් නිවේදනය කෙරෙනවා.

Copy of VK83279
Moose Fan App ඔස්සේ මේ කමිසය කලින් ඇනවුම් කළ හැකි වන අතර මෙය ජනවාරි 21 සිට Google Play සහ Ios මගින් ‘ඩවුන්ලෝඩ්’ කළ හැකි බව මූස් ආයතනය දන්වා සිටිනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...