The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

පුරාවෘත්ත ක්‍රීඩක O.J.Simpson මිය යයි

T

The Leader Desk

April 14, 2024 • 4:53 PM

පුරාවෘත්ත ක්‍රීඩක O.J.Simpson මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ ජාති භේදය හා පොලිස් භේදය අනාවරණය වෙමින් සහ තමාගේ හිටපු බිරිඳ හා ඇගේ මිතුරා ඝාතනය කළ බවට වූ
  • සිම්ප්සන් (O.J.Simpson) අප්‍රේල් 10 වැනිදා ලාස් වේගාස්හිදී මිය ගියා.
  • පිළිකාවකින් මිය යන විට ඔහු 76 වැනි වියේ පසුවෙමින් සිටියා.
  • එහෙත් 1994 ජූනි මාසයේ සිදුවූ ඔහුගේ හිටපු බිරිඳ නිකෝල් බ්‍රවුන් සිම්ප්සන් හා ඇගේ මිතුරා වූ රොනල්ඩ් ගෝල්ඩ්මන් ලොස් ඇන්ජලීස්හිදී කෲර ලෙස පිහියෙන් ඇන මරා දැමීමේ සිද්ධියෙන් පසුව සිම්ප්සන්ගේ ලෙගසිය සදහටම වෙනස් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

චෝදනාවලින් නිදහස් වෙමින් පැවති ජනතාව වශීකළ ‘ශතකයේ නඩු විභාගය’ට මුහුණ දුන් අමෙරිකානු පාපන්දු හා හොලිවුඩ් තරුවක් වන ඕ.ජේ. සිම්ප්සන් (O.J.Simpson) අප්‍රේල් 10 වැනිදා ලාස් වේගාස්හිදී මිය ගියා.

පිළිකාවකින් මිය යන විට ඔහු 76 වැනි වියේ පසුවෙමින් සිටියා.


සිම්ප්සන් කීර්තිය, ධනය හා අධික ප්‍රශංසාව අත්කර ගත්තේ අමෙරිකානු පාපන්දු ක්‍රීඩාවෙන් (NFL) හා චිත්‍රපට ව්‍යාපාරයෙන්. එහෙත් 1994 ජූනි මාසයේ සිදුවූ ඔහුගේ හිටපු බිරිඳ නිකෝල් බ්‍රවුන් සිම්ප්සන් හා ඇගේ මිතුරා වූ රොනල්ඩ් ගෝල්ඩ්මන් ලොස් ඇන්ජලීස්හිදී කෲර ලෙස පිහියෙන් ඇන මරා දැමීමේ සිද්ධියෙන් පසුව සිම්ප්සන්ගේ ලෙගසිය සදහටම වෙනස් වුනා.

පසුව, වෙන ම පරීක්ෂණයක් ලෙසින් පැවති සිවිල් නඩු විභාගයකදී ඔහු මේ මරණවලට වගකිවයුතු බවට සොයා ගැනුනා. ඉන්පසු මීට සම්බන්ධ නැති චෝදනා සම්බන්ධයෙන් වසර නවයක් සිරදඬුවම් විඳීමටත් සිම්ප්සන් ට සිදුවුනා.

මිනීමැරීමේ චෝදනාවලට තමාව අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර සිම්ප්සන් තමාගේ නිදොස් බව ප්‍රකාශ කරමින්, මිතුරන්ගෙන් සමු ගනිමින්, තමාගේ දරුවන්ට නිදහසේ සිටීමට ඉඩ දෙන ලෙසට අවසාන ඉල්ලීමක් කරමින්, ලිපියක් ලියා තබා නිවසෙන් පලා ගියා. ඔහු අත්අඩංගුවට ගැනීම පිණිස සැතපුම් 60ක් මහාමාර්ග හා නාගරික මාර්ගවල ඔහුගේ මෝටර් රථය හඹා යාමට පොලිසියට සිදුවුනු අතර පැයකට වැඩි කාලයක් තිස්සේ පැවති මේ ලුහුබැඳීම ජාතික රූපවාහිනියේ සජීවීව විකාශනය කෙරුනා. මේ ජනප්‍රිය මඳ වේග ලුහුබැඳීම ප්‍රසාදයේ සිට සිම්ප්සන්ගේ විස්මිත ඇද වැටීම සනිටුහන් කළා.


අමෙරිකාව හා කැනඩාවේ විශ්ව විද්‍යාල හා පාසල්වල ක්‍රීඩා කෙරෙන College Football හි ප්‍රබල දකුණු කැලිෆෝනියා සරසවියේ ට්‍රෝජන්ස් කණ්ඩායමේ සුපිරි තරුව ලෙස1960 ගණන්වල අගභාගයේ ක්‍රීඩා කරද්දී සහ භාණ්ඩ අලෙවි කිරීම පිණිස කුලී රථයකින් ගුවන්තොටුපළවල් හරහා වේගයෙන් යන ප්‍රචාරක අලෙවි නියෝජිතයෙකු ලෙස 1970 ගණන්වල අගභාගයේ කටයුතු කරද්දී මෙන්ම නිල් පාට ඇස් ඇති ලස්සන තඹවන් තැනැත්තියකගේ සැමියා ලෙස 1980 ගණන්වල සිටියදී ඔ්.ජේ.සිම්ප්සන් ජාතිවාදී බාධක අභිබවා ගොස් ඇති බවක් ලෝකයට දිස්වුනා.


ojs
“මම කළු නෙවෙයි. මම O.J.,” යනුවෙන් යහළුවන්ට කීමට ඔහුගේ කැමැත්තක් තිබුනා.

 

රූපවාහිනියේ සජීවි ලෙස විකාශය කෙරුනු ඔහුගේ නඩුව අමෙරිකාවේ ග්‍රහණයට හසුවුනා. නඩුවෙන් පුපුරා ගියේ ජන වර්ගය පිළිබඳ විවාද, ලිංගභේදය, ගෘහස්ථ හිංසනය, කීර්තිමතුන්ගේ ධර්මිෂ්ඨකම හා පොලිස් අපචර්යාව යි.

මිනීමැරුම් සිදුවූ ස්ථානයෙන් සොයා ගැණුනු සාක්ෂි සිම්ප්සන් ට එරෙහිව තිබුනේ ඉතාමත් ප්‍රබල අයුරින්. ලේ බින්දු, ලේ තැවරුණු පා සටහන් හා අත්වැසුම් එහි තිබුනා. ලේ තැවරුනු තවත් අත්වැස්මක් සොයා ගෙන තිබුනේ සිම්ප්සන්ගේ නිවෙසින්.

සිම්ප්සන් නඩුවේදී සාක්ෂි දුන්නේවත් කිසිම ප්‍රකාශයක් සිදුකළේවත් නැහැ. නමුත් උසාවියේදී අත්වැසුම් පැළඳීමට උත්සාහ කරන ලෙසට පැමිණිල්ල ඔහුට කියා සිටි අවස්ථාවේදී ඒවා තමන්ගේ අත්වලට රිංගවීමට දැඩි උත්සාහයක් ගත් සිම්ප්සන් නඩුවේ ඔහුගේ එකම වචන තුන කටින් පිට කළා: “ඒවා පොඩි වැඩියි.”

fdfgbvgff

“ඒවා ගැළපෙන්නේ නැත්නම්, චෝදනාවලින් ඔහුව නිදහස් කළ යුතුයි” සිම්ප්සන්ගේ නීතිඥවරයා ජූරියට කියා සිටියා.

මිනීමැරුමට ඕ.ජේ. සිම්ප්සන් වරදකරු නොවන බවට ජූරිය 1995දී තීරණය කළ ද, පසුව වෙන්ව විභාග කෙරුනු සිවිල් නඩුවක ජූරිය සිම්ප්සන් මේ මරණවලට වගකිවයුතු බවට 1997දී තීරණය කරමින් බ්‍රවුන් හා ගෝල්ඩ්මන්ගේ ඥාතීන්ට ඩොලර් මිලියන 33.5ක් ගෙවන ලෙසට ඔහුට නියෝග කළා.

ඊට දශකයකට පසුව, කැලිෆෝනියා උසාවියේ වැරදි මිනීමැරුම් තීරණයේ සෙවනැල්ල තවමත් තිබියදී, සිම්ප්සන් ඔහු යන්තම් හඳුනන පුද්ගලයන් පස් දෙනෙකු මෙහෙයවමින් ලාස් වේගාස් හෝටලයක කාමරයකදී ක්‍රීඩා සිහිවටන ගනුදෙනුකරුවන් දෙදෙනෙකු සමග ගැටුමක් ඇතිකර ගත්තා. සිම්ප්සන් සමග සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත තුවක්කු තිබුනු අතර ජූරියක් විසින් සිම්ප්සන් ආයුධ සන්නද්ධ මංකොල්ලයට වැරදිකරු කරමින් වසර 33ක සිරදඬුවමක් ඔහුට නියම කළා.

වයස අවුරුදු 61දී හිරේ දැමුනු සිම්ප්සන් ජිම් ව්‍යායාම ශාලාවේ මුරකරුවෙකු ලෙස ද සේවය කරමින් අප්‍රසිද්ධ නෙවාඩා සිරගෙයක වසර නවයක් ගත කළා. 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී තාවකාලිකව නිදහස් කෙරුනු විට ඔහු පසුතැවෙන පුද්ගලයෙකුව සිටියේ නැහැ. සිරකරුවන් තාවකාලිකව නිදහස් කිරීම තීරණය කරන පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේත් සිම්ප්සන් නැවත වතාවක් අවධාරණය කර සිටියේ, ඔහු උත්සාහ කළේ ලොස් ඇන්ජලීස් අපරාධ නඩු විභාගයෙන් පසුව තමාගෙන් සොරකම් කර ගත් සිහිවටන හා පරම්පරාවෙන් එන වස්තුන් යළි ලබා ගැනීමට පමණක් බව.

vhfgg


2021 අගභාගයේදී ඕ.ජේ. සිම්ප්සන් සම්පූර්ණයෙන් නිදහස් මිනිසෙක් බවට පත්වුනා.

සිම්ප්සන් කෙරෙහි තිබුනු මහජන සිත් ඇද ගැනීම කිසිදිනෙක මැකී ගියේ නැහැ. ලොස් ඇන්ජලීස් හි සිදුවූ නිදහස් වීමට ලාස් වේගාස් හි දී සිම්ප්සන් ට දඬුවම් ලැබුනේ ද කියා බොහෝ දෙනා තර්ක කළා. 2016 වසරේදී, ඔහු FX කෙටි චිත්‍රපට මාලාවක හා කොටස් පහකින් යුත් ESPN වාර්තාමය චිත්‍රපටයක මාතෘකාව බවට පත්වුනා.


“මම මිනීමැරුවා කියා අමෙරිකාවේ වැඩි දෙනෙක් විශ්වාස කරාවි කියලා මම හිතන්‌නේ නැහැ” යනුවෙන් සිම්ප්සන් 1995දී ප්‍රකාශ කළා. ඔහු එසේ කීවේ ඔහු බ්‍රවුන් හා ගෝල්ඩ්මන් මරා දැමුවේ නැති බවට ජූරියක් තීරණය කර සතියකට පසුව. “මට සහයෝගය පළ කරන පුද්ගලයන්ගෙන් දහස් ගණන් ලියුම් හා ටෙලිග්‍රෑම් මට ලැබී තියෙනවා” යනුවෙන් සිම්ප්සන් එදා පැවසුවා.


දොළොස් වසරකට පසුව, මහජන කෝපයකට යටත් වෙමින් ධනවත් බලවත් ව්‍යාපාරික Rupert Murdoch ඔහු විසින් සැලසුම් කර තිබූ සිම්ප්සන්ගේ පොතක් පළ කිරීම අහෝසි කළා. “මම ඒක කළා නම්” – If I Did It - යනුවෙන් නම් කිරීමට නියමිතව තිබූ ඒ පොතෙන් සිම්ප්සන් මිනීමැරුම්වල ඔහුගේ උපකල්පිත විස්තරය ඉදිරිපත් කර තිබුනා.

මිලියන ගණනින් මුදල් ලැබුනු වැරදි මිනීමැරුම් උසාවි තීරණයෙන් ඇතිවූ කම්පාවෙන් තවමත් පෙළෙමින් සිටි ගෝල්ඩ්මන්ගේ පවුලේ අය පොතේ අත්පිටපතේ පාලනය දිනා ගැනීමෙන් පසුව ඒ පොත, “මම ඒක කළා නම්: මිනීමරුවාගේ පාපෝච්චාරණය” – If I Did It: Confessions of the Killer - යනුවෙන් නැවත නම් කළා.

OJ 47 34
ඒ පොත වෙනුවෙන් සිම්ප්සන් ට ඩොලර් 880,000ක අත්තිකාරම් මුදලක් ලැබුනු අතර එය ඔහුට ගෙවනු ලැබුවේ තෙවැනි පාර්ශවයක් හරහා.

“මගේ ණය ගෙවලා නිවෙස සුරක්ෂිත කර ගැනීමට ඒ මුදල මට පිහිට වුනා” ඔහු කියා තිබුනා.

ඔහු ලාස් වේගාස්හිදී අත්අඩංගුවට ගැණුනේ පොතේ අයිතිය නැතිකර ගෙන මාස දෙකකටත් අඩු කාලයකින් පසුව.

ඕ.ජේ. සිම්ප්සන් NFL ක්‍රීඩා වාර 11කට ක්‍රීඩා කළ අතර මින් 9ක් ම ක්‍රීඩා කළේ The Juice නමින් ප්‍රසිද්ධ වෙමින් Buffalo Bills කණ්ඩායම වෙනුවෙන්. NFL Rushing කිරුළු හතරක් දිනා ගැනීමට ඔහු සමත් වුනා.

“මම ඒ ක්‍රීඩා ඉතිහාසයේ කොටසක්” යනුවෙන් 1947 ජූලි 9 වැනිදා සැන් ෆ්‍රැන්සිස්කෝ හි උපත ලැබූ Orenthal James Simpson ප්‍රකාශ කර තිබුනා. “මම මගේ ජීවිතයේ වෙන කිසිම දෙයක් කළේ නැතත්, මම ක්‍රීඩාවේ මගේ සළකුණ තැබුවා!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...