The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කාන්තා ODI වැඩිම ලකුණු හඹා යාමේ ඉන්දියාවේ ලෝක වාර්තාව නවසිලන්තය බිඳ දමයි: අමීලියා නොදැවී 179 යි

T

The Leader Desk

April 4, 2026 • 3:04 PM

කාන්තා ODI වැඩිම ලකුණු හඹා යාමේ ඉන්දියාවේ ලෝක වාර්තාව නවසිලන්තය බිඳ දමයි: අමීලියා නොදැවී 179 යි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමීලියා ක (Amelia Kerr) නායිකාව අතිවිශිෂ්ට පිතිකරණයක නියැලෙමින් නවසිලන්තය ට කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට්
  • ඇගේ මේ සුපිරි පිතිහරඹය නිසා වෙලිංටන් නුවර බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයේ ලකුණු 347ක අසීරු ඉලක්කයක් පසුකර යමින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට නවසිලන්තය ට හැකිවුනා.
  • මේ ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත තරගමාලාව 1-1 සම තත්ත්වයට පිවිසියා.
  • ජයග්‍රාහී නවසිලන්තය කඩලු 8ක් දැවී ලකුණු 350ක් රැස් කරමින් දකුණු අප්‍රිකාව කඩුලු දෙකකින් පරාජය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතිහාසයේ වැඩිම සාර්ථක ලකුණු හඹා යාම වාර්තා කිරීමට උපකාරී වුනා.

ඇගේ මේ සුපිරි පිතිහරඹය නිසා වෙලිංටන් නුවර බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයේ ලකුණු 347ක අසීරු ඉලක්කයක් පසුකර යමින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමට නවසිලන්තය ට හැකිවුනා. මේ ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත තරගමාලාව 1-1 සම තත්ත්වයට පිවිසියා.

wewe
හතරේ පහර 23ක් සහ හයේ පහරක් සමග විමතියට පත් කරන ලකුණු 179ක් පන්දු 139කින් අමීලියා නොදැවී ලබා ගනිද්දී නවසිලන්තය කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාව පිහිටුවා තිබූ වැඩිම සාර්ථක ලකුණු හඹා යාමේ වාර්තාව අභිභවා ගියේ දකුණු අප්‍රිකාවේ 346/6 දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාව පන්දු දෙකක් ඉතිරිව තිබියදී පසු කරමින්. ජයග්‍රාහී නවසිලන්තය කඩලු 8ක් දැවී ලකුණු 350ක් රැස් කරමින් දකුණු අප්‍රිකාව කඩුලු දෙකකින් පරාජය කළා.

ඉන්දියාව කලින් වාර්තාව තබා තිබුනේ පසුගිය වසරේ නාවි මුම්බායි හිදී පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගයේ ඔස්ට්‍රේලියාවේ ලකුණු 339ක ඉලක්කය ඔ්වර 48.3ක් ඇතුළත 341/5කින් ජයග්‍රාහීව හඹා යමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...