එහෙත් මැකලම්ගේ කලකිරීම තවදුරටත් සිදුවෙමින් ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නෝ පළමු ජාත්‍යන්තර එක්දින තරගයේ විදුලි ආලෝක මධ්‍යයේ සියල්ල සුණුවිසුණු කළේ 129/1ක්ව තිබූ එංගලන්ත ඉනිම 165/6ක් ලෙසට කඩා බිඳ දමමින්.
ඩකට් සහ රූට්‌ගේ ලකුණු 117ක සබඳතාව බිඳ වැටීමෙන් පසුව තරගයේ අවසන් ඕවරයේදී එංගලන්තය ලකුණු 252කට දවාලීමට ශ්‍රී ලංකාව සමත් වුණේ සංචාරක කණ්ඩායමට ලකුණු 19ක පරාජයක් අත්කර දෙමින්.

“එය හොඳ ක්‍රිකට් තරගයක්. නමුත් අපි දිගටම දියුණු වෙමින් සිටිය යුතුයි. අපේ දඟ පන්දු යවන්නන් බිය වද්දන කාර්යයක් ඉටු කළා. 30 වැනි ඕවරයෙන් පසුව පන්දුව දඟ කැවීම ආරම්භ වන බවත් එවිට පිතිකරණය අභියෝගයක් වනු ඇති බවත් අපි දැන සිටියා” යැයි ශ්‍රී ලංකා නායක චරිත් අසලංක කියා සිටියා.
ශ්‍රී ලංකාව නැවත මේ තරගයට අවතීර්ණ කරවූයේ ඩකට් උත්සාහ කළ ‘රිවර්ස් ස්වීප්’ පහරේදී ඔහු ජෙෆ්රි වැන්ඩසන්ගේ පන්දුවට කඩුල්ල මුවා කළ බවට ලැබුණු තීරණයයි. කෙසේ වෙතත්, මේ තරගයේ ස්වභාවය සැබැවින්ම වෙනස් කළේ රූට්ගේ දැවී යාමයි.
ශ්‍රී ලංකාව ට එරෙහි තරගවලදී සාර්ථක පිතිකරුවෙකු බවට පත්ව ඔවුන්ට මහත් හිසරදයක්ව සිටින රූට් ‘පාට්-ටයිම්’ දඟ පන්දු යවන්නෙකු වන ධනංජය ද සිල්වාගේ පන්දුව වරදවා වටහා ගෙන ‘ස්වීප්’ පහරක් එල්ල කළා. ශ්‍රී ලංකාව වහාම එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමෙන් පසුව පිටියේ විනිසුරු දුන් තීරණය වැරදි බව තහවුරු වුණා.

අවශ්‍ය ලකුණු ලබා ගැනීමේ වේගය ඕවරයකට ලකුණු අටකට වඩා ඉහළ නගිමින් තිබියදී අවදානම් සහිත පිතිකරණයකට යොමු වීමට එංගලන්තය ට බල කෙරුණා. ඒ අභියෝගාත්මක ක්‍රීඩාවේදී ජේකබ් බෙතල් සහ නායක හැරී බෲක් යන දෙදෙනා ම පිළිවෙලින් දුනිත් වෙල්ලාලගේ හා චරිත් අසලංකගේ පන්දුවලදී කුසල් මෙන්ඩිස්ගේ ‘ස්ටම්ප්’ කිරීමට ගොදුරු වුණා.
ජැමී ඔවර්ටන් පසුව පිතිහරඹයක නියැලෙමින් පන්දු 17කින් ලකුණු 34ක් රැස්කර අඩිල් රෂිඩ් සමග අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක් එන්නත් කළ ද එය තරණය කිරීමට අපහසු ප්‍රපාතයක් බවට තහවුරු වෙමින් අවසාන කඩුල්ල ලෙස දැවී ගියා.

ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඔවුන්ගේ පන්දු යවන්නන් සමග පියවරෙන් පියවර එකට සිටිමින් ක්‍රීඩා කළේ ධනංජය ද සිල්වා හා වෙල්ලාලගේ ආකර්ෂණීය ලෙස උඩ පන්දු රැක ගනිමින් හා ප්‍රතිවාදීන්ගේ පීඩනය අඛණ්ඩව තබා ගනිමින්.
ඊට කළින්, එංගලන්ත පා දඟ පන්දු යුගලය වන අඩිල් රෂිඩ් සහ රෙහාන් අහමඩ් විසින් ශ්‍රී ලංකාව 124/4 දක්වා අඩු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම එකට බැඳ තබා ගත් පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත්ව සිටියා.

මස් පිඩු පෙරළීම සමග සටන් කරන අතරතුර තරගය පිළිබඳව මනා දැනුවත් වීමක් ද ප්‍රදර්ශන කළ ඔහු ජනිත් ලියනගේ සමග පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක් එක් කළා. ලියනගේ පන්දු 53කින් ලකුණු 46ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ද එල්ල කරමින්.
නොදැවුනු ඉනිමක් ක්‍රීඩා කළ මෙන්ඩිස් පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමග ලකුණු 93ක් වාර්තා කළා. අවසාන ඕවරයේදී ඔහු කඩුල්ලේ අනෙක් අන්තයේ බලා සිටියදී අවධානයේ කේන්ද්‍රය සොරාගත් වෙල්ලාලගේ පන්දු 12කින් වේගවත් ලකුණු 25ක් නොදැවී ලබා ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කරමින්. ජැමී ඔවර්ටන් යැවූ ඒ අවසන් ඕවරයයේදී ඔහුගෙන් ලකුණු 23ක් උදුරා ගැණුනා. එය තීරණාත්මක සාධකයක් බවට පත්වෙමින් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඔ්වර 50දී කඩුලු 6කට ලකුණු 271ක් වාර්තා කළා.

දෙපිල අතර තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවේ දෙවැනි තරගය හෙට (සෙනසුරදා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




