The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ODI ඕවර 50ම දඟ පන්දු යවමින් කොදෙව්වෝ ඉතිහාසගත වෙති

T

The Leader Desk

October 23, 2025 • 11:01 AM

ODI ඕවර 50ම දඟ පන්දු යවමින් කොදෙව්වෝ ඉතිහාසගත වෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේග පන්දුවෙන් කලක් ක්‍රිකට් ලෝකය භීතියට පත්කළ බටහිර ඉන්දීය කොදෙව් පිල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ඕවර 50 ම දඟ පන්දු යවා තිබෙනවා.
  • ප්‍රධාන සත්කාරක රටවල තරග පැවැත්වෙද්දී දඟ පන්දු යැවීම අතින් දෙවැනියට හොඳම රට ලෙස සලකනු ලබන්නේ බංග්ලාදේශය.
  • 2023 වසරේ සිට එහි දඟ පන්දු යවන්නන්ගේ සාමාන්‍යය 29.76ක් වී තිබියදී කොදෙව්වන්ට වැහැරුණු, මන්දගාමී සහ පන්දුව දඟ කැවෙන තවත් තණතීරුවකට මුහුණ දීමට සිදුවුනා.
  • පළමු මාරුව ලෙස වමතින් දඟ පන්දු යවන කේරි පියරෙ පැමිණි අතර ඉන්පසු නායක ෂායි හෝප් තවත් වමත් දඟ පන්දු යවන්නෙකු වන ගුඩාකේෂ් මොටී වෙත හැරුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


ODI ඉනිමක මුළු ඕවර 50 ම දඟ පන්දු යැවූ ලොව පළමු කණ්ඩායම බවට කොදෙව්වන් පත්වූයේ මිර්පූර් හිදී බංග්ලාදේශය ට එරෙහිව වාර්තා කළ විශිෂ්ට සුපර් ඕවර ජයග්‍රණයකදී.

ප්‍රධාන සත්කාරක රටවල තරග පැවැත්වෙද්දී දඟ පන්දු යැවීම අතින් දෙවැනියට හොඳම රට ලෙස සලකනු ලබන්නේ බංග්ලාදේශය. 2023 වසරේ සිට එහි දඟ පන්දු යවන්නන්ගේ සාමාන්‍යය 29.76ක් වී තිබියදී කොදෙව්වන්ට වැහැරුණු, මන්දගාමී සහ පන්දුව දඟ කැවෙන තවත් තණතීරුවකට මුහුණ දීමට සිදුවුනා. එය ඔවුන් සෙනසුරාදා පැවති පළමු ජාත්‍යන්තර එක්දින තරගයේ දඟ පන්දු ප්‍රහාරය හමුවේ පරාජයට පත්වූ තණතීරුවට සමාන එකක් වී තිබුණා.

11Screenshot 2025 10 23 at 16.18.54 copy

 

සංචාරක කොදෙව් පිල මෙවර තරගය වෙනුවෙන් වේග පන්දු යවන ජේඩ්න් සීල්ස් ඉවත් කර වමතින් දඟ පන්දු යවන අකීල් හොසේන් සහ අර්ධ කාලීන පිට දඟ පන්දු යවන්නෙකු වන රොස්ටන් චේස්ගෙන් පන්දු ප්‍රහාරය ආරම්භ කළා.

පළමු මාරුව ලෙස වමතින් දඟ පන්දු යවන කේරි පියරෙ පැමිණි අතර ඉන්පසු නායක ෂායි හෝප් තවත් වමත් දඟ පන්දු යවන්නෙකු වන ගුඩාකේෂ් මොටී වෙත හැරුණා. මොටී ලකුණු 65කට කඩුලු 3ක් බිඳ හෙලමින් බංග්ලාදේශය 213-7කට සීමා කළා.

කොදෙව්වන් භාවිතා කළ අනෙක් දඟ පන්දු යවන්නා වූයේ මීට පෙර ODI තරගවල ඕවර හතරක් යවා එක් කඩුල්ලක් හෝ ලබා නොසිටි පිතිකරු ඇලික් අතානාස්. ඔහු, ඔහුට සීමිත වූ ඕවර 10 තුළ ලකුණු 14කට කඩුලු 2ක් ලබා ගත් අතර හොසේන් ලකුණු 41කට කඩුලු 2ක් හිමිකර ගත්තා.

crihgfdafsdaf

 

මඳ වේග පන්දු යවන්නන් වන ග්‍රීව්ස් හා ෂර්ෆේන් රදර්ෆෝඩ් යන තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනාව පන්දු ප්‍රහාරය සඳහා කැඳවූයේ නැහැ.

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රොමාරියෝ ෂෙපඩ් කණ්ඩායමට නම් කර නොතිබූ අතර ජෙඩියා බ්ලේඩ්ස් හා ෂමාර් ජෝස‌ෆ් තුවාල ලබා සිටිනවා.

බංග්ලාදේශය ඔවුන්ගේ වේග පන්දු යවන්නා වන මුස්ටෆිසුර් රහ්මාන් කෙරෙහි බලාපොරොත්තු තබා ගත්ත ද, ඔහු කිසිම කඩුල්ලක් ලබා නොගෙන ඕවර අටක් යැවුවේ ලකුණු 40ක් ලබා දෙමින්. එහෙත් කඩුලු නවය ම ලබා ගනිමින් දඟ පන්දු යවන්නන් දිගටම පවත්වා ගෙන ගිය ආධිප්‍යය හමුවේ කොදෙව්වන් 213-9ක් වාර්තා කළේ තරගය සමව අවසන් කරමින්.

 

බටහිර ඉන්දීය කොදෙව් පිලට ජයග්‍රහණය සඳහා ඔවුන්ගේ පන්දු හයෙන් ලකුණු 11ක ඉලක්කයක් පිළිගන්වා තිබියදී ‘වයිඩ්’ පන්දුවක් හා ‘නෝ-බෝල්’ පන්දුවකින් සිය පන්දු යැවීම ආරම්භ කිරීම මධ්‍යයේ වුව ද හොසේන් අවසන් පන්දුවෙන් එක ලකුණක් පමණක් ලබා දුන්නේ බංග්ලාදේශය ට ජයග්‍රහණය සඳහා ලකුණු තුනක් අවශ්‍යව තිබියදී. 

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...