The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ප්‍රසාරණය වූ ODI මඟක් හා T20 ‘සුපර් 10’ අදියරක්: 2028 වසරේ සිට ලෝක කුසලාන ආකෘතිවල සංශෝධනයක්

T

The Leader Desk

July 17, 2026 • 10:17 AM

ප්‍රසාරණය වූ ODI මඟක් හා T20 ‘සුපර් 10’ අදියරක්: 2028 වසරේ සිට ලෝක කුසලාන ආකෘතිවල සංශෝධනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) 2028 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියන්ගේ ගමන් මඟ නැවත සකස් කරන අතරෙම ‘සුපර් 7’ හා ‘සුපර් 10’ පිළිමළුන් පිටුදැකීමක් හඳුන්වා දෙමින් පිරිමි ජාත්‍යන්තර එක්දින (ODI) හා විස්සයි20 (T20) ලෝක කුසලාන ආකෘතීන් සංශෝධනය කර තිබෙනවා.
  • වැඩි තේරුමක් ඇති තරග නිර්මාණය කිරීම, තරගකාරිත්වයේ මට්ටම දියුණු කිරීම හා ප්‍රධාන තරගාවලියන් හි එකදිගට පැවැත්වෙන තරගවල වැදගත්කම ඉහළ නැංවීම පිණිස මේ වෙනස්කම් සැලසුම් කර ඇති බව ICCය ප්‍රකාශ කරනවා.
  • ODI ලෝක කුසලානය තරග 57ක් දක්වා වැඩි කරයි පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය කණ්ඩායම් 14ක තරගාවලියක් ලෙස තවදුරටත් රැඳී තිබුනත් දැන් එය අවසන් පූර්ව හා අවසාන තරගවලට පිවිසීමට පෙර වට තුනක් හරහා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.
  • පළමු වටය අංක 12, 13 හා 14 ට ශ්‍රේණිගත කර තිබෙන කණ්ඩායම් තුනේ රවුන්ඩ්-රොබින් ‘සුපර් තරගමාලාවක්’ වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ගෝලීය ක්‍රිකට් පාලකයින් විසින් මේ ප්‍රධාන වෙනස්කම් අනුමත කර තිබෙන්නේ අමතර තරගකාරී වේදිකාවන් හා මූලික වටයේ ඒ ඒ කොටස්වල ඉහළට පිවිසෙන කණ්ඩායම්වලට දැනට වඩා වැඩි ඵලදායී අවස්ථාවන් හඳුන්වා දෙමින්.

ප්‍රධාන විධායකවරුන්ගේ කමිටුව විසින් නිර්දේශ කිරීමෙන් පසුව මේ තීරණ ගෙන තිබෙන්නේ ස්කොට්ලන්තයේ එඩින්බ්‍රා අගනගරයේ පැවති ICC පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීමේ. වැඩි තේරුමක් ඇති තරග නිර්මාණය කිරීම, තරගකාරිත්වයේ මට්ටම දියුණු කිරීම හා ප්‍රධාන තරගාවලියන් හි එකදිගට පැවැත්වෙන තරගවල වැදගත්කම ඉහළ නැංවීම පිණිස මේ වෙනස්කම් සැලසුම් කර ඇති බව ICCය ප්‍රකාශ කරනවා.

ODI ලෝක කුසලානය තරග 57ක් දක්වා වැඩි කරයි

5h675675656h5
පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය කණ්ඩායම් 14ක තරගාවලියක් ලෙස තවදුරටත් රැඳී තිබුනත් දැන් එය අවසන් පූර්ව හා අවසාන තරගවලට පිවිසීමට පෙර වට තුනක් හරහා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

පළමු වටය අංක 12, 13 හා 14 ට ශ්‍රේණිගත කර තිබෙන කණ්ඩායම් තුනේ රවුන්ඩ්-රොබින් ‘සුපර් තරගමාලාවක්’ වනවා. මේ අදියරේ ඉහළින් සිටින කණ්ඩායම දෙවැනි වටයට සුදුසුකම් ලබනවා.

ඉතිරි කණ්ඩායම් 12 ඉන්පසුව හය දෙනා බැගින් වන කොටස් දෙකකට බෙදනු ලබන්නේ දෙවැනි වටයේදී තරග 30ක් ක්‍රීඩා කිරීම සඳහා වේදිකාව සකසමින්. ඒ ඒ කොටස්වල ඉහළම කණ්ඩායම් තුන, කොටස් දෙක හරහා ඊළඟට ඉහළම ස්ථානය හිමිකර ගන්නා කණඩායම සමග ‘සුපර් 7’ වටය සඳහා සුදුසුකම් ලබනවා.

මේ කණ්ඩායම් හත තරග 21කින් සමන්විත සම්පූර්ණ රවුන්ඩ්-රොබින් සුපිරි 7 අදියරක තරග කරනවා. මෙයින් පෙරමුණට පිවිසෙන කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර පළමු ස්ථානයේ කණ්ඩායම සිවු වැනි ස්ථානයේ කණ්ඩායම සමගත්, දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම තෙවැනි ස්ථානය ගන්නා කණ්ඩායම සමගත් තරග වදිනවා.

සංශෝධනය කරන ලද ලෝක කුසලාන තරගාවලියට තරග 57ක් ඇතුළත් වනවා. ඒ, පළමු වටයේ තරග 3ක්, දෙවැනි වටයේ තරග 30ක්, සුපර් සෙවන් වටයේ තරග 21ක් , අවසන් පූර්ව තරග 2ක් හා අවසාන තරගය වශයෙන්.

කලින් තිබූ ආකෘතිය යටතේ කණ්ඩායම් 14 හතක් බැගින් වන කොටස් දෙකකට බෙදා තිබුණේ තරග 42ක් නිර්මාණය වෙමින්. අවසන් පූර්ව හා අවසාන තරගයට පෙර ඒ ඒ කොටස්වල ඉහළම කණ්ඩායම් තුන තරග නවයකින් යුත් ‘සුපර් 6’ අදියරකට පිවිසියේ තරගාවලියේ තරග එකතුව 54ක් බවට පත් කරමින්.

T20 ලෝක කුසලානයට ‘සුපර් 10’ වටයක්

New Project 2026 02 04T165014.124
කණ්ඩායම් 20ක පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය එහි තරග 55 වැඩසටහන එලෙසම පවත්වා ගෙන යනවා. එහෙත් එය ප්‍රධාන සංශෝධනයකට ලක්වනු ඇති. කණ්ඩායම පහකගෙන් සමන්විත කොටස් හතරක් වෙනුවට ආරම්භක අදියර කණ්ඩායම් හතර බැගින් යුත් කොටස් පහක් බවට වෙනස් වනවා. එම කොටස්වල ඉහළම කණ්ඩායම් දෙක තරගාවලියේ ඉදිරියට යනු ඇත්තේ පළමු අදියරේ තරග 40 සිට 30 දක්වා අඩු වෙමින්.

සුදුසුකම් ලබන කණ්ඩායම් 10 ඉන්පසුව පහ බැගින් වන ‘සුපර් 10’ කොටස් දෙකකට බෙදෙන්නේ තරග 20ක් නිර්මාණය කරමින්. ඒ ඒ කොටසේ ජයග්‍රාහකයින් කෙලින්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම් ප්‍රතිවිරුද්ධ කොටසේ තෙවැනි ස්ථානයේ සිටින කණ්ඩායම සමග පරාජිතයන් පිටුදැකීමේ තරග දෙකකට මුහුණ දෙනවා. ජයග්‍රාහකයින් අවසන් පූර්ව කණ්ඩායම් පෙලගැස්ම සම්පූර්ණ කරනවා.

සුදුසුකම් ලැබීමේ නව ගමන් මඟට අනුමැතිය

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ එහෙත් 2028 තරගාවලිය සඳහා ඉබේ සුදුසුකම් ලබා ගැනීමට අසමත් වූ කණ්ඩායම් කෙළින්ම ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිසෙනවා. 2026 තරගාවලියේ සහභාගිත්වය වටා තිබූ විශේෂ තත්ත්වයන් හේතුවෙන් ස්කොට්ලන්තය ට කෙළින්ම යුරෝපීය කලාපයේ අවසාන තරගයට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා.

ගෝලීය සුදුසුකම් ලැබීමේ අමතර ස්ථාන අටක් කලාපීය තරග හරහා නිර්මාණය වනවා. මෙයින් දෙකක් බැගින් අප්‍රිකාවෙන් ද, ආසියාව හා යුරෝපයෙන් ද, අමෙරිකාස් හා නැගෙනහි ආසියා-පැසිෆික්වලින් එක බැගින් ද වනවා. ඒ ඒ කලාපවල ඉහළම ස්ථානයට පිවිසෙන කණ්ඩායම්, ඊළඟ සමස්ත හොඳම කණ්ඩායම් තුන සමග 2028 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනවා.

ICCය ඔවුන්ගේ අනුබද්ධිත රටවල් වෙනුවෙන් යෝජනා කර තිබෙන කණ්ඩායම් 16ක ගෝලීය තරගාවලියක් සඳහා ද අනුමැතිය පළ කර තිබෙනවා. මෙහි අවසාන අනුමත කිරීම නොවැම්රයේ පැවැත්වෙන ICC රැස්වීමේදී සිදුවීමට නියමිතයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රසාරණය වූ ODI මඟක් හා T20 ‘සුපර් 10’ අදියරක්: 2028 වසරේ සිට ලෝක කුසලාන ආකෘතිවල සංශෝධනයක් | The Leader