The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Olympia 2026 සමස්ත ශූරතාව කිරිබත්ගොඩ JMC පාසලට: අනුශූරයෝ කඩුවෙල ශාඛාව

T

The Leader Desk

March 27, 2026 • 4:14 PM

Olympia 2026 සමස්ත ශූරතාව කිරිබත්ගොඩ JMC පාසලට: අනුශූරයෝ කඩුවෙල ශාඛාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Olympia 2026 සමස්ත ලංකා මලල ක්‍රීඩා ශූරතාව දිනා ගැනීමට කිරිබත්ගොඩ JMC ජාත්‍යන්තර පාසල සමත් වුණා.
  • කඩුවෙල ශාඛාව ලකුණු 345ක් රැස් කරමින් අනුශූරයීන් වූ අතර තෙවැනි ස්ථානයට පත්වුනේ ලකුණු 299ක් ලබා ගත් ගම්පහ ශාඛාව.
  • වයස අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණේ කළුතර ශාඛාවේ එම්.ඒ.
  • ෂලිනි අප්සරා පෙරේරා වයස අවුරුදු 12න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුනු අතර කේ.ඩී.
අකුරු ප්‍රමාණය (Font Size):

JMC ජාත්‍යන්තර පාසල් ජාලයේ ශාඛා 18ක් නියෝජනය කරමින් සිසුන් 1,300කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මේ තරගාවලියේදී කිරිබත්ගොඩ ශාඛාව කුසලානය හිමිකර ගත්තේ ලකුණු 373ක් ලබා ගනිමින්.


කඩුවෙල ශාඛාව ලකුණු 345ක් රැස් කරමින් අනුශූරයීන් වූ අතර තෙවැනි ස්ථානයට පත්වුනේ ලකුණු 299ක් ලබා ගත් ගම්පහ ශාඛාව.

වයස අවුරුදු 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණේ කළුතර ශාඛාවේ එම්.ඒ. මොහමඩ් ෆර්ෂාද්. දක්ෂතම ක්‍රීඩිකාව වුනේ කිරිබත්ගොඩ ශාඛාවේ එච්.ඩබ්ලිව්.එස්. ඩියංශා වෙදගේ.

තරගාවලියේ විශිෂ්ට දස්කම් පෑ බාලක බාලිකාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වුනේ කඩුවෙල JMC ජාත්‍යන්තර පාසලෙන්. එම පාසලේ එච්. ෂලිනි අප්සරා පෙරේරා වයස අවුරුදු 12න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුනු අතර කේ.ඩී. අෂේර් නේතන් අවුරුදු 14න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණා. මීට අමතරව, එම ශාඛාවේ එන්.පී. යෙෂෙල් නිශාක්‍ය තිම්සර හා ගම්පහ ශාඛාවේ ඩබ්ලිව්. යෙතිදු ෂවේන් අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයින් බවට පත්වුණා.

එම වයස් ඛාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වුනේ කුරුණෑගල ශාඛාවේ එම්. ඩිශිනි දිනොජ යි.

අවුරුදු 14න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර ශාඛාවේ සෙහංසා නාරන්‍යා ද, අවුරුදු 12න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් කෑගල්ල ශාඛාවේ දිනුජය ප්‍රභාස්වර ද නම් කෙරුණා.  

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී මේ තරගාවලිය පැවැත්වුනේ නියෝජ්‍ය ක්‍රීඩා ඇමති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා විශේෂ අමුත්තෙකු ලෙස සහභාගි වුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
 

 

 j3| සමස්ත ශූරතාව දිනා ගත් කිරිබත්ගොඩ JMC පාසල් කණ්ඩායම

j2| සමස්ත ශූරතා කුසලානය සමග...

 

j1| දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...