The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පෞද්ගලික වියදමෙන් රටට පදක්කම් ගෙන එන සවිඑසවීමේ දිරිය ක්‍රීඩකයෝ

T

The Leader Desk

February 19, 2024 • 9:38 AM

පෞද්ගලික වියදමෙන් රටට පදක්කම් ගෙන එන සවිඑසවීමේ දිරිය ක්‍රීඩකයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු සවිඑසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම්ලාභීන්
  • ‌ මේ තරග වෙනුවෙන් ගුවන්ගමන්, හෝටල්, ප්‍රවාහන සහ තරගාවලියන්ට සහභාගි වීමේ ගාස්තු ඇතුළු සියළු වියදම් දැරීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ම සිදුව තිබීම ඉතාම කණගාටුදායක කරුණක්.
  • මේ වසර ශ්‍රී ලංකාවට සවිඑසවීමේ ක්‍රීඩාවේ තීරණාත්මක එකක් බවට පත්ව තිබෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩල, ආසියා පැසිෆික් හා ලෝක ශූරතාවලිය යන තරගාවලියන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බැවින්.
  • රොහාන් පඋලස්   ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල්මය ආධාර සැපයීම හුදෙක් ත්‍යාගශීලී ක්‍රියාවක් නොව එය ජාතියේ ක්‍රීඩාවට කරන ආයෝජනයක් බව සවිඑසවීමේ ජාත්‍යන්තර රන් පදක්කම්ලාභී රොහාන් පඋලස් ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලාංකික සවිඑසවීමේ (Powerlifting) ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයේ නිරතුරුව පදක්කම් දිනා ගනිමින් සිටින්නේ ඒ ක්‍රීඩාවට පරිපාලනමය හා මූල්‍යමය  අභියෝග රැසක් තිබියදී. ‌

මේ තරග වෙනුවෙන් ගුවන්ගමන්, හෝටල්, ප්‍රවාහන සහ තරගාවලියන්ට සහභාගි වීමේ ගාස්තු ඇතුළු සියළු වියදම් දැරීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ම සිදුව තිබීම ඉතාම කණගාටුදායක කරුණක්.

මේ වසර ශ්‍රී ලංකාවට සවිඑසවීමේ ක්‍රීඩාවේ තීරණාත්මක එකක් බවට පත්ව තිබෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩල, ආසියා පැසිෆික් හා ලෝක ශූරතාවලිය යන තරගාවලියන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බැවින්. මේ තරගවලදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දීමේ අවස්ථාවන් උදාකර ගැනීමට නම් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ උපරිම සහයෝගය හා සංවිධානය අවශ්‍ය වනවා.

rohan 26රොහාන් පඋලස්

 

ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල්මය ආධාර සැපයීම හුදෙක් ත්‍යාගශීලී ක්‍රියාවක් නොව එය ජාතියේ ක්‍රීඩාවට කරන ආයෝජනයක් බව සවිඑසවීමේ ජාත්‍යන්තර රන් පදක්කම්ලාභී රොහාන් පඋලස් ප්‍රකාශ කරනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සවිඑසවීමේ සම්මේලනයට ලියා තිබෙන්නේ ක්‍රීඩකයන්ගේ වැඩි තරග සහභාගිත්වය දියුණු කිරීම පිණිස උපකාරී වන ප්‍රායෝගික පියවර කිහිපයක් ඉදිරිපත් කිරීමට හා අනාගත තරගවලදී රට නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය ලබා ගැනීම සහතික කර ගැනීමේ අරමුණින්.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික සවිඑසවීමේ ක්‍රීඩක රොහාන් පඋලස් මෙසේ ප්‍රකාශ කරනවා:

 

lift we
“ක්‍රීඩාව නමැති විෂයේදී රට වෙනුවෙන් තරග වදින ක්‍රීඩකයන්ගේ කැපවීම හා වගකීමට සමාන කළ හැකි වෙනත් කිසිවක් නැහැ. ගෝලීය වේදිකාවේ දස්කම් පාමින් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන්නේ ජාතියේ ආඩම්බරයයි. කෙසේ වෙතත්, ‌මේ අලංකාරය හා කීර්තිය පිටුපස තිබෙන්නේ අමිහිරි යථාර්ථයක්.”

“මේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුදල්මය වශයෙන් පීඩා විඳින්නේ ඔවුන්ගේ සිහින හඹා යාම සඳහා අවශ්‍ය සහයෝගය නැතිකම නිසා. ශ්‍රී ලංකාවෙ මේ ක්‍රීඩකයන්ගේ දායකත්වය හඳුනාගෙන ඔවුන්ට සුදුසු මූල්‍යමය සහාය ලබා දීමේ කාලය දැන් එළඹ තියෙනවා. ජාතික මට්ටමෙන් තරග කරන සවිඑසවීම හා අනෙකුත් ක්‍රීඩකයින් ඔවුන්ගේ පෞද්ගලික හා වෘත්තීය අවස්ථාවන් ද කැපකර පැය ගණනින් පුහුණු වන්නේ ක්‍රීඩාවේ විශිෂ්ටත්වය හඹා යාමටයි. එහෙත් ඔවුන්ගේ මේ නොසැලෙන කැපවීම තිබියදීත් මුදල්මය බාධක නිසා ඔවුන්ගේ සිහින බොඳ වෙමින් යනවා.”

 

“බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සඳහා යන වියදම, ප්‍රවාහන, ක්‍රීඩා උපකරණ හා සෞඛ්‍ය ආරක්ෂාවට යන වියදම දරා ගැනීමට නොහැකි වී තිබෙන්නේ මූල්‍යමය ආධාරයක් නැති නිසා. ‌මේ සහයෝගය නැතිකම තනි ක්‍රීඩකයන්ගෙන් එහාට යන තරමට සංකීර්ණ වන්නේ එමගින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයේ හැකියාවට බලපෑමක් ඇතිවන බැවින්. මේ නිසා පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව වළක්වන අතර ක්‍රීඩා ලෝකයේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය හීන කරනවා. ඊටත් වඩා භයානක තත්ත්වය වන්නේ එමගින්, ‌මේ ක්‍රීඩාවට ඒමට උත්සාහ කරන ක්‍රීඩකයන් අධෛර්යට පත්කරවන පණිවුඩයක් ලබා දීම” යැයි ශ්‍රී ලංකාවට සවිඑසවීමේ ක්‍රීඩාවෙන් පදක්කම් ගණනාවක් හිමිකර දුන් රොහාන් පඋලස් පවසනවා.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි ලිපි :
ආසියානු සවිඑසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 26ක්  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...