The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

RCUAC ජල පෝලෝ වැඩි දස්කම් රාජකීය හා බිෂොප් විදුහල්වලින්

T

The Leader Desk

February 14, 2024 • 3:43 PM

RCUAC ජල පෝලෝ වැඩි දස්කම් රාජකීය හා බිෂොප් විදුහල්වලින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවයිනේ විශාලතම කණිෂ්ඨ ජල පෝලෝ තරගාවලිය වන RCUAC අභියෝග පළිහ තරගාවලියේ ප්‍
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස නම් කෙරුණේ රාජකීය විදුහලේ සුලෙයිමාන් ෂිහාර් සහ බිෂොප් විදුහලේ සිනාලි රත්නායක.
  • රාජකීය විදුහල් ජල ක්‍රීඩා සමාජ සංගමය පිට පිට තෙවැනි වසරටත් සංවිධානය කළ මේ RCUAC Water Polo තරගාවලිය සඳහා අවුරුදු 9න් පහළ, 11න් පහළ, 13න් පහළ, 15න් පහළ සහ +25 මාස්ටර්ස් යන වයස් ඛාණ්ඩ යටතේ කණ්ඩායම් 30ක් සහභාගි වුනා.
  • වයස අවුරුදු 9න් පහළ තරගාවලියක් මෙවර එක්කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට.
අකුරු ප්‍රමාණය (Font Size):

රධානතම ශූරතා වන අවුරුදු 15න් පහළ බාලක කිරුළ කොළඹ රාජකීය විදුහලත් බාලිකා කිරුළ බිෂොප් විදුහලත් දිනා ගත්තා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස නම් කෙරුණේ රාජකීය විදුහලේ සුලෙයිමාන් ෂිහාර් සහ බිෂොප් විදුහලේ සිනාලි රත්නායක.

රාජකීය විදුහල් ජල ක්‍රීඩා සමාජ සංගමය පිට පිට තෙවැනි වසරටත් සංවිධානය කළ මේ RCUAC Water Polo තරගාවලිය සඳහා අවුරුදු 9න් පහළ, 11න් පහළ, 13න් පහළ, 15න් පහළ සහ +25 මාස්ටර්ස් යන වයස් ඛාණ්ඩ යටතේ කණ්ඩායම් 30ක් සහභාගි වුනා.

මීළඟ අවුරුදු 5-10දී ජල පෝලෝ ක්‍රීඩාව තරුණ පරපුර අතර ව්‍යාප්ත කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ මේ තරගාවලියට පිහිනුම් සමාජ හා පාසල්වලින් ලොකු පිළිගැනීමක් තිබෙන අතර ඉරිදා පැවති තරග වෙනුවෙන් රාජකීය විදුහලේ පිහිනුම් තටාකයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් එක්ව සිටියා.

වයස අවුරුදු 9න් පහළ තරගාවලියක් මෙවර එක්කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට. එහිදී නාලන්දා විදුහල විසින් රාජකීය විදුහල බාලක තරගාවලියේදී 14-04කින් පරාජය කරනු ලැබූ අතර බාලිකා තරගාවලියේදී විශාඛා විදුහල ‘රවුන්ඩ් රොබින්’ ක්‍රමයට අනුව ජයග්‍රාහිකාවන් වුනා.

අවුරුදු 11න් පහළ ඛාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේත් නාලන්දා විදුහල. ඒ, තියුණු තරගයකදී 10-09කින් රාජකීය විදුහල පරදවමින්. බාලිකා අංශයේ අවසාන තරගයේදී කාන්තා විදුහල 14-04කින් බිෂොප් විදුහල පරාජය කළා.

අවුරුදු 13න් පහළ බාලක ඛාණ්ඩයේ ශූරයන් වුනේ රාජකීය විදුහල. ඔවුන් ශූරතාව හිමිකර ගත්තේ පරම ප්‍රතිවාදීන් වන සාන්ත තෝමස් විදුහල 20-04කින් අභිබවා යමින්. මේ අතර තවත් ‘රවුන්ඩ් රොබින්’ ක්‍රමවේදයකින් විශාඛා විදුහල අවුරදු 13න් පහළ බාලිකා කිරුළ අත්කර ගත්තා.

RCWP
දිනයේ අවසන් ඉසව්ව වුනේ රාජකීය හා සාන්ත තෝමස් විදුහල් මාස්ටර්ස් කණ්ඩායම් අතර පැවති තරගය. මේ තරගය සංවිධානය කර තිබුනේ මතක සටහන් හා දෙපිල අතර පැරණි මිතුදම් නැවත ගොඩනැගීමේ අරමුණින්.

කොළඹ රාජකීය විදුහල් පිහිනුම් තටාකයේ පැවැති මේ තරගාවලියට බිෂොප්, විශාඛා, කාන්තා, මියුසියස්, කොළඹ ජාත්‍යන්තර, සාන්ත තෝමස්, නාලන්දා, තර්ස්ටන්, රාජකීය යන පාසල් ද RCUAC සහ OTSC යන පිහිනුම් ක්‍රීඩා සමාජ ද සහභාගි වුනා.

ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති තිළිණ ප්‍රදානෝත්සවයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වුනා.

RCPS

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...