ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.
" 'Rebuilding Sri Lanka' ශ්‍රී ලංකා වැනි අරමුදලක් හදන්න පුළුවන්කමක් නැහැ පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතිව. මොකද අපේ ව්‍යවස්ථාවේ තියෙනවා 148 වගන්තිය යටතේ රටට ලැබෙන සියලුම මුදල් සහ රට විසින් වියදම් කරන සියලුම මුදල්වලට සම්පූර්ණ බලය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. එවැනි අරමුදලක් තවමත් නිර්මාණය කර නැහැ.
පාර්ලිමේන්තුව ඇතුළෙ අපි සම්මත කළා ඕන ඕන විදිහට ෆන්ඩ් හදන්න බෑ. මේ අනුව මේ විදිහේ ෆන්ඩ් එකක් හදලා නෑ. එහෙම ෆන්ඩ් එකක් නෑ. මේ තියෙන්නේ නියෝජ්‍ය මුදල් ලේකම්ගේ එකවුන්ට් නම්බර් එක සහ මහ බැංකු අධිපතිගේ එකවුන්ට් නම්බර් එක.
යම් හෙයකින් එවැනි අරමුදලක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව ව්‍යවස්ථානුකූල ප්‍රවේශයක් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය."




