The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රග්බි ක්‍රීඩාවේ විප්ලවීය ක්‍රමවේදය - Rugby 11’s - ශ්‍රී ලංකාවටත්

T

The Leader Desk

February 8, 2024 • 11:44 AM

රග්බි ක්‍රීඩාවේ විප්ලවීය ක්‍රමවේදය - Rugby 11’s - ශ්‍රී ලංකාවටත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Colombo International Rugby 11’s තරගාවලියේ මහමොළකරුවෝ....(වමේ සිට) ඩිල්රෝයි ප්‍රනාන්දු, ඩිලිප් කුමාර්, ජෝන් ඔබ්‍රයන් හා පැට්‍රික් කොට
  • දෙස් විදෙස් කණ්ඩායම් 38ක් තුන් දිනක් තිස්සේ තරග 78කට සහභාගි වන අතර එකොළොස් සාමාජික රග්බි තරගාවලියක් දකුණු ආසියාවේ පවත්වනු ලබන්නේ ප්‍රථම වතාවට.
  • තරග පැවැත්වෙන්නේ ක්‍රීඩා සමාජ පිරිමි විවෘත, ක්‍රීඩා සමාජ කාන්තා විවෘත, පාසල් අවුරුදු 20න් පහළ සහ ප්‍රවීන වශයෙන් තරගාවලි හතරකින්.
  •   මේ අනුව තරගාවලියට සහභාගි වන විදෙස් කණ්ඩායම් ගණන 21ක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රග්බි ක්‍රීඩාවේ විප්ලවයක් ඇති කරමින් ආරම්භ වී තිබෙන පිලකට ක්‍රීඩකයන් 11 දෙනා බැගින් වන රග්බි ක්‍රීඩාව මේ වසරේ ශ්‍රී ලංකාවටත් ගෙන ඒමට කටයුතු සංවිධානය වෙමින් තිබීම මෙරට රග්බි ලෝලීන්ට මෙන්ම රග්බි ක්‍රීඩකයන් හා ක්‍රීඩා සමාජවලට ද ගෙන එන්නේ සුභ ආරංචියක්.

කණ්ඩායමකට ක්‍රීඩකයන් 15 දෙනා ක්‍රීඩා කරන සාමාන්‍ය රග්බි ක්‍රීඩාවට අමතරව සත් සාමාජික හා සමහර අවස්ථාවන්හිදී දස සාමාජික තරග පවා දැක තිබෙන රග්බි ලෝලීන්ට එම ක්‍රීඩාවේ අලුත්ම ක්‍රමවේදය වන එකොළොස් සාමාජික තරග නවමු අත්දැකීමක් වනු නොඅනුමාන යි.

කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 27 සිට 29 දක්වා පැවැත්වෙන මේ කොළඹ ජාත්‍යන්තර රග්බි එකොළොස් සාමාජික තරගාවලිය - Colombo International Rugby 11’s Tournament - සංවිධානය කර මෙහෙයවන්‌නේ AGOAL RUGBY නමැති මෙරට ජාත්‍යන්තර රග්බි තරග සංවිධානය කිරීමේ ප්‍රමූඛ ආයතනය යි.

දෙස් විදෙස් කණ්ඩායම් 38ක් තුන් දිනක් තිස්සේ තරග 78කට සහභාගි වන අතර එකොළොස් සාමාජික රග්බි තරගාවලියක් දකුණු ආසියාවේ පවත්වනු ලබන්නේ ප්‍රථම වතාවට.

තරග පැවැත්වෙන්නේ ක්‍රීඩා සමාජ පිරිමි විවෘත, ක්‍රීඩා සමාජ කාන්තා විවෘත, පාසල් අවුරුදු 20න් පහළ සහ ප්‍රවීන වශයෙන් තරගාවලි හතරකින්.

 

 

ශ්‍රී ලංකා රග්බි ‘ඒ’ කොටසේ ක්‍රීඩා සමාජ අටක් තිබුනත් මේ තරගාවලියට සහභාගි වීමට ඉඩ තිබෙන්නේ කණ්ඩායම් හයකට පමණක් බවත් පළමුව අයදුම් කරන පිළිවෙල අනුව එම ක්‍රීඩා සමාජ 6 ට අවස්ථාව ලැබෙන බවත් තරගාවලියේ අධ්‍යක්ෂ ඩිල්රෝයි ප්‍රනාන්දු තරගාවලිය පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළා. 

ක්‍රීඩා සමාජ පිරිමි විවෘත තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් තරග වදින අතර මෙයින් 6ක් විදේශීය කණ්ඩායම්. ක්‍රීඩා සමාජ කාන්තා විවෘත තරගාවලිය වෙනුවෙන් දේශීය කණ්ඩායම් 4ක් හා විදේශීය කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8ක් ද, පාසල් වයස අවුරුදු 20න් පහළ තරගාවලිය සඳහා දේශීය කණ්ඩායම් 6ක් හා විදේශීය කණ්ඩායම් 6ක් වශයෙන් කණ්ඩායම් 12ක් ද, ප්‍රවීනයන්ගේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් එක් කණ්ඩායමක් හා විදෙස් කණ්ඩායම් 5ක් වශයෙන් කණ්ඩායම් 6ක් ද සහභාගි වීමටයි නියමිත.

rugby 2sdfgs

 

මේ අනුව තරගාවලියට සහභාගි වන විදෙස් කණ්ඩායම් ගණන 21ක්. සියළු තරග විනිශ්චය කරන්නේ ලෝක රග්බි සම්මේලනයෙන් සුදුසුකම් ලැබූ දේශීය හා විදේශීය තරග විනිසුරුවන්.

ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තරග සංවිධායකයන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව, තරග පැවැත්වෙන සෑම දිනයකම වෛද්‍යවරයෙක් හා වෛද්‍ය කණ්ඩායමක් පිටියේ සිටින අතර වෛද්‍ය උපකරණ රැගත් ගිලන් රථ දෙකක් ද සූදානම් කර තිබෙනවා. අවශ්‍ය තරමට පානීය ජලය හා අයිස් සැපයෙනු ඇති අතර ආබාධවලින් සුවය ලැබීම පිණිස අයිස් ස්නානය කරන ස්ථාන ද සැලසුම් කර තිබෙනවා.

රග්බි ලෝකයේ මේ අලුත් ම ක්‍රමවේදය වන Rugby 11’s ක්‍රීඩා කෙරෙන්නේ කණ්ඩායමක ඉදිරි පෙල ක්‍රීඩකයන් 6 දෙනෙක් හා පසුපෙල ක්‍රීඩකයන් 5 දෙනෙක් ඇතුළුව ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන්. 

 

b5cf972a7a4e4592a49f672d4a64f465

තරගයක් පැවැත්වෙන සම්පූර්ණ කාලය මිනිත්තු 14 යි. එක් භාගයකට මිනිත්තු 7 බැගින් වන අතර මේ අතරමැද විරාමය මිනිත්තු 2ක්.

ක්‍රීඩකයන් 6 දෙනා බැගින් වන ‘ස්ක්‍රම්’ හා ‘ලයින් අවුට්’ මෙන්ම ට්‍රයි දිනුමක් ගෝලයක් බවට පරිවර්තනය කිරීම ද තත්පර 30ක් ඇතුළත සිදුවිය යුතුයි. පන්දුවට පාදයෙන් පහර එල්ල කරන කණ්ඩායමට ගුවනේදී පන්දුව ලබා ගැනීම සඳහා තරග කරන්න බැහැ.

පිලකට ක්‍රීඩකයන් 15 දෙනා බැගින් වන තරගයක් ක්‍රීඩා කිරීම පිණිස ක්‍රීඩකයන් 25-30ක සංචිතයක් පිහිටුවා ගැනීමේ අසීරුතාවට මුහුණ පා සිටින ප්‍රදේශවල රග්බි ක්‍රීඩාවේ වර්ධනයට මේ 11දෙනාගේ ක්‍රීඩාව ඉතාමත් හොඳ අවියක්.

‘ස්ක්‍රම්’ එකට ඉදිරි පෙල ක්‍රීඩකයන් හය දෙනෙකු යොදවා අංක 8 ක්‍රීඩකයාට ‘ස්ක්‍රම්’ එක පිටුපසින් පන්දුව රැගෙන දිවීමට තිබෙන හැකියාව නිසා මේ අලුත් ක්‍රමවේදයේ කෙටි රග්බි ක්‍රීඩාවට එක් කරන්නේ ප්‍රබෝධමත් විකල්පයක් වන අතර එමගින් විවෘත වන්නේ ලකුණු ලබා ගැනීමේ විවිධ අවස්ථාවන්. ස්ක්‍රම්, ලයින් අවුට් හා පන්දුවට පහර දීම් වැනි අවස්ථාවන් තත්පර 30ක් ඇතුළත ලබා ගැනීමේ සීමාවන් පැනවීම නිසා තරගය වේගවත් වන අතර එමගින් වැඩිපුර ක්‍රීඩාවක් ද ලැබෙනවා.

ස්ථාපිත රග්බි රටවල් සමග ආසියාවේ ක්‍රීඩකයන්ට තරග කිරීමේ වැඩි අවස්ථාවක් මේ ඉක්මන්, වේගය හා තාක්ෂණය සහිත 11 දෙනාගේ රග්බි ක්‍රීඩාව මගින් උදාවනු ඇත්තේ මේ නව ක්‍රමවේදය දළු ලා වැඩෙමින් නුදුරු අනාගතයේදී ම ජාත්‍යන්තර තරග වැඩි වනු ඇති නිසාවෙන්.

 

SCC Phuket 10s Men Champions
ක්‍රීඩකයින් 11 දෙනා බැගින් වන රග්බි ක්‍රීඩාව ආරම්භ වූයේ පසුගිය වසරේ ජූනි මාසයේ තායිලන්තයේ පැවති Dimbulla Phuket International Rugby 11’s තරගාවලියෙන්. රටවල් 13කින් කණ්ඩායම් 36ක් එම තරගාවලියට සහභාගි වුනා. ඉක්බිති ප්‍රථම ලෝක රග්බි 11 ලීග් තරගාවලිය අගෝස්තු සිට නොවැම්බර් දක්වා පැවැත්වුනේ තායිලන්තයේ Chiang Mai නගරයේ. ක්‍රීඩා වාරය අවසානය සටහන් කරමින් Dimbulla Chiang Mai International Rugby 11’s තරගාවලිය නොවැම්බරයේදී පවත්වා තිබෙනවා.

මේ නව ක්‍රීඩාවට කණ්ඩායම් ප්‍රතිචාර දක්වන්නේ කුමන ආකාරයෙන්ද කියා සොයා බැලීම සහ මේ ක්‍රීඩාවේදී සාර්ථක වූ නීති හා අසාර්ථක වූ නීති පරීක්ෂා කිරීම සඳහා මේ තරගාවලි ත්‍රිත්වය අත්හදා බැලීමක් බවට පත්වුනා. මේ තරගාවලියන්ට සහභාගි වූ සියළු ම කණ්ඩායම්වල ප්‍රතිචාරය ඉතාමත් ධනාත්මක වූයේ මේ නව ක්‍රමවේදය වටා විශේෂ කතාබහක් මතු කරමින්.

සටහන :
අවිවාහක විශ්ව රූ රැජින තරගයට සංක්‍රාන්තිලිංගික කාන්තාවන් දෙදෙනෙකුත්(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...