The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'All Blacks' පස්වැනි වතාවටත් ලෝක කුසලාන අවසන් තරගයට

T

The Leader Desk

October 21, 2023 • 7:56 AM

 'All Blacks' පස්වැනි වතාවටත් ලෝක කුසලාන අවසන් තරගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවසිලන්ත 'ඕල් බ්ලැක්ස්’ කණ්ඩායම ආජන්ටිනාව ට එරෙහිව අවසානයේ ක්‍රීඩා කළේ ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් පමණයි. ඒ, කහ හෝ රතු කාඩ්
  • දකුණු අප්‍රිකාව විසින් 2007 වසරේදී ආජන්ටිනාව ලකුණු 37-13කින් පරාජය කරනු ලැබීමෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියක අවසන් පූර්ව තරගයකදී ඕනෑම කණ්ඩායමක් ලකුණු 30කට වැඩියෙන් ලබා ගත්තේ වසර 16ක් ඇතුළත ප්‍රථම වතාවට.
  • ඔවුන්ගේ ක්‍රීඩාවේ වේගයෙන් පිටියේ තරග විනිසුරු පවා මෝහනයට පත්ව සිටි බවක් ප්‍රදර්ශනය වුනා.
  •   සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com    
අකුරු ප්‍රමාණය (Font Size):

පතකින් ක්‍රීඩකයෙකු දඬුවම් ලැබ තරගයෙන් ඉවත් කිරීම නිසා නොව ක්‍රීඩකයෙකු අඩුවෙන් සිට තරග කිරීමට ඔවුන්ට සිතුනු නිසාවෙනි.

මිනිත්තු 80ක තරගයේ නීතිවිරෝධී ක්‍රීඩාවක් හේතුවෙන් නවසිලන්ත ක්‍රීඩකයෙක් 65 වැනි මිනිත්තුවේදී තරගයෙන් ඉවත් කරන ලද අතර ඔහුට නැවත තරගයට සහභාගි වීමේ අවස්ථාව පැමිණියත් ඔහු හෝ වෙනත් ක්‍රීඩකයෙක් නැවත පිටියට යැවීමට නවසිලන්ත පුහුණුකරුවන් කිසිවෙකුටත් උවමනාවක් තිබුනේ නැහැ. තරගයේ ඉතිරි කාලය එක් ක්‍රීඩකයෙකු නැතිව ක්‍රීඩා කිරීමෙන් ලබන සතියේ පැවැත්වෙන අවසාන මහා තරගයට හොඳ සූදානමක් ලබා ගැනීමට ඔවුන් කල්පනා කළ බවක් මින් පැහැදිලි වුනා. 

1697849979 New Zealand vs Argentina Rugby World Cup semi final l

 
2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නවසිලන්තය ලකුණු 44-6කින් ආජන්ටිනාව පහසුවෙන් පරදවමින් මෙසේ අවසන් වූයේ ඊයේ රාත්‍රියේ පැවැති තරගය නවසිලන්තනුවන් ඔවුන්ගේ පුහුණු තරගයක් ලෙසට හරවා ගනිමින්. 
නවසිලන්තය ලෝක කුසලාන අවසාන මහා තරගයට මෙවර පිවිසියේ 5 වැනි වතාවට.

230911121240 01 malakai fekitoa rugby world cup tongaදකුණු අප්‍රිකාව විසින් 2007 වසරේදී ආජන්ටිනාව ලකුණු 37-13කින් පරාජය කරනු ලැබීමෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියක අවසන් පූර්ව තරගයකදී ඕනෑම කණ්ඩායමක් ලකුණු 30කට වැඩියෙන් ලබා ගත්තේ වසර 16ක් ඇතුළත ප්‍රථම වතාවට.

නවසිලන්තය වේගයෙන් පන්දුව ‘පාස්’ කර ගත්තේ ඔවුන්ට පමණක් ක්‍රීඩා කළ හැකි දර්ශනීය තරගයක නියැලෙමින්. ඔවුන්ගේ ක්‍රීඩාවේ වේගයෙන් පිටියේ තරග විනිසුරු පවා මෝහනයට පත්ව සිටි බවක් ප්‍රදර්ශනය වුනා. ඔවුන් එක පිට එක ‘ට්‍රයි’ ලබා ගත්තේ ඉතා කෑදර ඕනෑ කමකින් යුතුව.

All Blacks
තරගයේ පළමු භාගය අවසන් වන විට නවසිලන්තය ලකුණු 20-6ක් සටහන් කර තිබූ අතර ඒ වන විටත් සමස්ත තරගයේ ජයග්‍රාහකයා කවුදැයි සිතා ගැනීමට හැකිව තිබුනේ කිසිම කණ්ඩායමක් තරගයේ විවේක කාලයේදී ලකුණු 8කට වැඩියෙන් පසුපසින් සිට ලෝක කුසලාන රග්බි අවසන් පූර්ව තරගයක් මෙතෙක් ජය ගෙන නැති බැවින්.

මේ රටාව වෙනස් කරන කණ්ඩායම ආජන්ටිනාව වීමට ඊයේ කොහෙත්ම ඉඩක් තිබුනේ නැහැ.
 
warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...