හයේ පහර 25ක් සහ හතරේ පහර 40ක් ඇතුළුව දෙපිලෙන් ලකුණු 449ක් ගොඩගැසුනු ඒ ආරම්භක රාත්‍රියේදී ‘එම්.අයි. කේප් ටවුන්’ කණ්ඩායම ලකුණු 15කින් පරාජය වූව ද රිකල්ටන්ගේ පන්දු 65කින් ලකුණු 113 කැපී පෙනුනා.
රිකල්ටන්ගේ ඉනිම හයේ පහර 11ක් සහ හතරේ පහර 5කින් සමන්විතව තිබුණා. මෙයින් එක් හයේ පහරක්, එනම් එම තරගයේ 13 වැනි ඕවරයේ සිවු වැනි පන්දුවට ඔහු එල්ල කළ හයේ පහරින් නික්ම ගිය පන්දුව අල්ලා ගත්තේ ක්‍රිකට් ලෝලී නරඹන්නෙක්. ඒ වෙනුවෙන් ඔහුට රෑන්ඩ් මිලියන දෙකක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 37,878,840) හිමිවුණා. එය, ඉතාමත් පැහැදිලිව දිස්වන පරිදි එක අතකින් උඩ පන්දුවක් රැකගන්නා නරඹන්නෙකුට එවැනි මුදලක් පිරිනැමෙන SA20 ත්‍යාග පිරිනැමීමේ තරගයක කොටසක් වී තිබුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




