The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රජු බිසොවට පදක්කම පළඳවයි: තායි රැජින SEA ඔරු පැදීමේ රන් දිනයි

T

The Leader Desk

December 20, 2025 • 4:50 AM

රජු බිසොවට පදක්කම පළඳවයි: තායි රැජින SEA ඔරු පැදීමේ රන් දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්තයේ රැජින ඔරු පැදීමේ තරගයක රන් පදක්කම දිනා ගත්තා. ඇය මේ ජයග්‍රහණය වාර්තා කළේ මේ දිනවල ඇගේ රටේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලේයි (SEA – Southeast Asian Games).
  • 47 හැවිරිදි රැජින පටායා ජලයේ මැලේසියාව හා මියන්මාරය ට පෙර තායිලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූයේ ශූර උපක්‍රමශීලිනිය හා සුක්කානම්කාරිය ලෙස කටයුතු කරමින්.
  • 73 හැවිරිදි වජිරලොංකෝන් රජු තමන් 2019 වසරේ විවාහ කරගත් සුතිඩා ඇතුළු ජයග්‍රාහකයන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් ප්‍රදානය කළා.
  •   සන්නිවේදන උපාධිධාරිනියක වන සුතිඩා හමුදාවේ සේවය කිරීමට පෙර තායි ගුවන් සේවයේ ගුවන් සේවිකාවක ලෙස රැකියාව කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


මහා වජිරලොංකෝන් (Maha Vajiralongkorn) රජුගේ බිරිඳ වන සුතිඩා (Suthida) රැජින අඩි 47ක (මීටර් 14) ඔරුවකින් මිශ්‍ර කීල්බෝට් SSL47 අංශයේ තරග වැදුනේ නව දෙනෙකුගෙන් යුත් නාවික පිරිසක් ද සමගයි. කීල්‌බෝට් යනු පැතලි පතුල සහිත ඔරුවක්.

47 හැවිරිදි රැජින පටායා ජලයේ මැලේසියාව හා මියන්මාරය ට පෙර තායිලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූයේ ශූර උපක්‍රමශීලිනිය හා සුක්කානම්කාරිය ලෙස කටයුතු කරමින්.

73 හැවිරිදි වජිරලොංකෝන් රජු තමන් 2019 වසරේ විවාහ කරගත් සුතිඩා ඇතුළු ජයග්‍රාහකයන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් ප්‍රදානය කළා.

 



සන්නිවේදන උපාධිධාරිනියක වන සුතිඩා හමුදාවේ සේවය කිරීමට පෙර තායි ගුවන් සේවයේ ගුවන් සේවිකාවක ලෙස රැකියාව කළා.

උද්යෝගිමත් මලල ක්‍රීඩිකාවක වන ඇය මේ මාසයේ බැංකොක් අගනුවරදී කෙන්යාවේ දුර දිවීමේ පුරාවෘත්ත ක්‍රීඩක Eliud Kipchoge ළඟින් ධාවනයේ යෙදෙමින් පැය 2යි මිනිත්තු13යි තත්පර 40ක අර්ධ මැරතන් කාලයක් වාර්තා කළා.

බැංකොක් හි දෙසැම්බර් 9 වැනිදා පැවති SEA ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදී තායිලන්ත නියෝජිත පිරිසේ නායිකාව වූයේ සුතිඩා රැජින යි.

 

E3DC13E227A2C2C7E9B0D605C45991BB low 1
ඔරු පැදීමේ තරගවල රන් පදක්කමක් දිනා ගත් තායි රාජකීය පවුලේ පළමු සාමාජිකයා සුතිඩා නෙවෙයි.

වජිරලොංකෝන්ගේ පියා භුමිබොල් අඩුල්යාදෙජ් රජු 1967 වසරේ තායිලන්තයේ පැවති 4 වැනි SEA ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරගයට සහභාගි වී තිබෙනවා.

එහිදි තමා විසින් ම තනාගත් ඔරුවකින් OK පන්තියේ තරග කළ භුමිබොල් ඔහුගේ වැඩිමල් දියණිය උබොල්රටානා රාජකන්‍යා රැජින සමග රන් පදක්කම දිනා ගෙන තිබෙන බව SEA ක්‍රීඩා වෙබ්අඩවියේ දැක්වෙනවා.


(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...