The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මගේ ලෝක වාර්තා බිඳින්න ෂුබ්මන් ගිල්ට පුළුවන් -බ්‍රයන් ලාරා

T

The Leader Desk

December 10, 2023 • 3:48 PM

මගේ ලෝක වාර්තා බිඳින්න ෂුබ්මන් ගිල්ට පුළුවන් -බ්‍රයන් ලාරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියා සුපිරි ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් (Shubman Gill) ට තමා විසින් තැබූ නොයෙකුත් ලෝක වාර්තා
  • මෑතකදී අවසන් වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 24 හැවිරිදි ෂුබ්මන් ගිල් ට විශේෂිත එකක්.
  • මේ පිතිකරුවා එම තරගාවලියේ තරග 9කදී ලකුණු 354ක් ලබා ගැනීමට සමත් වුනේ අර්ධ ශතක 4ක් ද සමග.
  • එහි ජාත්‍යන්තර විස්සයි20 හා ටෙස්ට් තරග සඳහා වන ඉන්දියා කණ්ඩායම්වලට ගිල් ඇතුළත්ව සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බිඳ දැමීමේ විශිෂ්ට හැකියාවක් තිබෙන බව බ්‍රයන් ලාරා පවසා තිබෙනවා.

මේ නව පරම්පරාවේ සිටින විශිෂ්ටතම සහජ දක්ෂතාව තිබෙන පිතිකරුවා ගිල් බව ප්‍රකාශ කරන හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක බ්‍රයන් ලාරා වැඩිම පෞද්ගලික ටෙස්ට් ක්‍රිකට් ලකුණු ලෝක වාර්තාව ඇතුළු තමාගේ‌ බොහෝ වාර්තා බිඳ දැමීමට ගිල් ට හැම අතින්ම හැකියාවක් තිබෙන බව කියනවා.

මෑතකදී අවසන් වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 24 හැවිරිදි ෂුබ්මන් ගිල් ට විශේෂිත එකක්. මේ පිතිකරුවා එම තරගාවලියේ තරග 9කදී ලකුණු 354ක් ලබා ගැනීමට සමත් වුනේ අර්ධ ශතක 4ක් ද සමග.

dsfwser
ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ගිල් දැන් සූදානම්ව සිටින්නේ ළඟ එන දකුණු අප්‍රිකානු සංචාරයට. එහි ජාත්‍යන්තර විස්සයි20 හා ටෙස්ට් තරග සඳහා වන ඉන්දියා කණ්ඩායම්වලට ගිල් ඇතුළත්ව සිටිනවා.

කෙසේ වෙතත්, වර්තමානයේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අංක 1 පිතිකරු ලෙසින් ශ්‍රේණිගතව සිටින ෂුබ්මන් ගිල් දකුණු අප්‍රිකාව ට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින තරගමාලාවෙන් විශ්‍රාම ගන්වා තිබෙනවා.

shubman gill
“ෂුබ්මන් ගිල් ට මගේ වාර්තා දෙක ම බිඳ දමන්න පුළුවනි. ඔහු මේ නව පරම්පරාවේ ඉන්න වඩාත්ම සහජ කුසලතාවක් තිබෙන පිතිකරුවා යි. ඉදිරි වසරවලදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරාවි. ඔහු ලොකු වාර්තා කිහිපයක්ම බිඳ දමනු ඇතැයි මම විශ්වාස කරනවා. මගේ වාර්තා බිඳින්න ගිල් ට පුළුවන්. ඔහු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කළොත් මගේ නොදැවී ලකුණු 501 වාර්තාව මකා දමන්න එයාට හැකිවේවි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහුට පැහැදිලිවම ලකුණු 400 පසුකර යන්න පුළුවන්” ලාරා පවසනවා.


“ෂුබ්මන් විශාල ප්‍රමාණයේ ලකුණු ලබා ගනීවි. මගේ වචන ලියලා තියා ගන්න. ගිල් ලෝක කුසලාන තරගාවලියේදී ශතකයක් ලබා ගත්තේ නැතත් ඔහු දැනටමත් ක්‍රීඩා කර තිබෙන ඉනිම දිහා බලන්න. ඔහු සෑම ආකාරයකම ක්‍රිකට් ක්‍රීඩාවේ ශතක ලබා ගෙන තිබෙනවා. ජාත්‍යන්තර එක්දින තරග බිමේ ද්විත්ව ශතකයක් වාර්තා කළා. මීට අමතරව ඔහු ‘අයි.පී.එල්.’ තරග ජයග්‍රහණය කරවූ ඉනිම ගණනාවක් ක්‍රීඩා කර තිබෙනවා. අනාගතයේදී ඔහු ICC (ජගත් ක්‍රිකට් කවුන්සලය) තරගාවලි ගොඩක් දිනන බවට මට සැකයක් නැහැ” ලාරා පවසනවා.

sdfwerwe

මේ දක්ෂතාවන්ට අමතරව ෂුබ්මන් ගිල් ලබන වසරේ පැවැත්වෙන ‘අයි.පී.එල්.’ තරගාවලියේදී ‘ගුජරාට් ටයිටන්ස්’ කණ්ඩායමේ නායකත්වය දරනු ඇත්තේ එම කණ්ඩායමේ නිත්‍ය නායක හාඩික් පාන්ඩියා ‘මුම්බායි ඉන්ඩියන්ස්’ කණ්ඩායමට විකිණුනු බැවින්.

බ්‍රයන් ලාරා කළ ප්‍රකාශය වැදගත් වන්නේ ඔහු ඉන්දියා කණ්ඩායමේ සිටින සුපිරි පිතිකරුවන් වන විරාට් කෝලි හෝ රෝහිත් ෂර්මා ට වඩා ඉහළින් ෂුබ්මන් ගිල්ගේ ලෝක වාර්තා බිඳ දැමීමේ අනාගතයක් දැකීම නිසාවෙන්.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...