The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Signature: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල ඇඳුම් අනුග්‍රාහකයා’

T

The Leader Desk

November 3, 2024 • 4:05 PM

Signature: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල ඇඳුම් අනුග්‍රාහකයා’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගෙන සිටි Signature ඔවුන්ගේ දීර්ඝ කාලීන සම්බන්ධතාව තවදුරටත් ගෙන යාමට පියවර ගෙන තිබෙනවා.
  • ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසාවෙන් පිළිගැනෙන පිරිමි ඇඳුම් වෙළෙඳ ලකුණ වන හමීඩියා සමූහ ව්‍යාපාරයේ Signature, වසර 2024 සිට 2027 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනයේ ‘නිල විධිමත් හා නොවිධිමත් ඇඳුම් පැලඳුම් සහකරුවා’ – Official Formal and Casual Clothing Partner - ලෙස පත්කර තිබෙනවා.
  • මේ වසරේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල විධිමත් ඇඳුම් සහකරුවා ලෙස Signature කටයුතු කළේ වැදගත් ජාත්‍යන්තර ඉසව්වලදී ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දීමේ එම ආයතනයේ උරුමය දිගටම පවත්වා ගෙන යමින්.
  • මේ සම්බන්ධතාව නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා පැවති විශේෂ උත්සවයක කැපී පෙනෙන සිදුවීම වූයේ, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවයෙන් ප්‍රබෝධමත් කෙරුනු Signature වෙළෙඳ ලකුණේ අලුත් ම ඇඳුම් ප්‍රදර්ශනය වීම.
අකුරු ප්‍රමාණය (Font Size):
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගෙන සිටි Signature ඔවුන්ගේ දීර්ඝ කාලීන සම්බන්ධතාව තවදුරටත් ගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසාවෙන් පිළිගැනෙන පිරිමි ඇඳුම් වෙළෙඳ ලකුණ වන හමීඩියා සමූහ ව්‍යාපාරයේ Signature, වසර 2024 සිට 2027 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනයේ ‘නිල විධිමත් හා නොවිධිමත් ඇඳුම් පැලඳුම් සහකරුවා’ – Official Formal and Casual Clothing Partner - ලෙස පත්කර තිබෙනවා.

මේ වැදගත් හවුල් සබඳතාව යටතේ Signature, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සංවිධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලියන් ඇතුළු අනෙකුත් වැදගත් තරගාවලියන්හිදී ශ්‍රී ලංකා ජාතික පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල විධිමත් හා නොවිධිමත් ඇඳුම් ආයිත්තම් අනුග්‍රාහකයා වෙමින් එම කණ්ඩායම් බල ගන්වනවා.

මේ වසරේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල විධිමත් ඇඳුම් සහකරුවා ලෙස Signature කටයුතු කළේ වැදගත් ජාත්‍යන්තර ඉසව්වලදී ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දීමේ එම ආයතනයේ උරුමය දිගටම පවත්වා ගෙන යමින්.

මේ සම්බන්ධතාව නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා පැවති විශේෂ උත්සවයක කැපී පෙනෙන සිදුවීම වූයේ, ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවයෙන් ප්‍රබෝධමත් කෙරුනු Signature වෙළෙඳ ලකුණේ අලුත් ම ඇඳුම් ප්‍රදර්ශනය වීම. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා, එක්දින හා විස්සයි20 නායක චරිත් අසලංක හා ජාතික ක්‍රිකට් ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම ද මේ ඇඳුම් ප්‍රදර්ශනය කිරීමට එක්වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, Signature අධ්‍යක්ෂවරුන් වන අම්ජාඩ් හමීඩ් සහ ෆවුසුල් හමීඩ් යන මහත්වරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුවන් වන සනත් ජයසූරිය (පිරිමි) හා රුමේෂ් රත්නායක (කාන්තා) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති මේ උත්සවයට සහභාගි වුනා.
 
(Photos - Sri Lanka Cricket Face Book)
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
srilanka cricket

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...