The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සොෆී පවර්: අධිධාවන ක්‍රීඩිකාවගෙන් පැය 48ක ට්රෙඩ්මිල් නව ලෝක වාර්තාවක්

T

The Leader Desk

March 5, 2025 • 2:49 PM

සොෆී පවර්: අධිධාවන ක්‍රීඩිකාවගෙන් පැය 48ක ට්රෙඩ්මිල් නව ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සතුව දැන් ලෝක වාර්තා දෙකක් තිබෙනවා.
  • ඇය මෑතකදී, ට්රෙඩ්මිල් ව්‍යායාම යන්ත්‍රයකින් (treadmill) කාන්තාවක් පැය 48කදී වැඩිම දුරක් දිවීමේ නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
  • ඇය මේ දක්ෂතාව ප්‍රදර්ශනය කර තිබෙන්නේ පසුගිය වසරේ ජූනි මාසයේදී මෙවැනිම වූ හපන්කමකින් අයර්ලන්තය හරහා වැඩිම වේගයෙන් ධාවනයේ යෙදුනු කාන්තාව බවට ඉතිහාසගත වීමෙන් පසුව.
  • අයර්ලන්තය භූමියේ දිග ප්‍රමාණය වන කිලෝ මීටර් 558 (හැතැප්ම 347) සම්පූර්ණ කිරීමට ඇයට ගතවූයේ දින තුනක්, පැය 12ක් හා මිනිත්තු 8ක් පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සතුව දැන් ලෝක වාර්තා දෙකක් තිබෙනවා.

ඇය මෑතකදී, ට්රෙඩ්මිල් ව්‍යායාම යන්ත්‍රයකින් (treadmill) කාන්තාවක් පැය 48කදී වැඩිම දුරක් දිවීමේ නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඇය මේ දක්ෂතාව ප්‍රදර්ශනය කර තිබෙන්නේ පසුගිය වසරේ ජූනි මාසයේදී මෙවැනිම වූ හපන්කමකින් අයර්ලන්තය හරහා වැඩිම වේගයෙන් ධාවනයේ යෙදුනු කාන්තාව බවට ඉතිහාසගත වීමෙන් පසුව. අයර්ලන්තය භූමියේ දිග ප්‍රමාණය වන කිලෝ මීටර් 558 (හැතැප්ම 347) සම්පූර්ණ කිරීමට ඇයට ගතවූයේ දින තුනක්, පැය 12ක් හා මිනිත්තු 8ක් පමණයි. මේ අනුව ඇය මෙහි කළින් තිබූ කාන්තා වාර්තාව පැය තුනකට වැඩි කාලයකින් මකා දැමීමට සමත් වුණා.

ඇගේ අලුත්ම අභියෝගයේදී පවර් දින දෙකක් ඇතුළත කිලෝ මීටර් 370.9ක් (හැතැප්ම 230.5) ට්රෙඩ්මිල් යන්ත්‍රය මත දුවමින් මීට පෙර කාන්තාවක් විසින් එම යන්ත්‍රයෙන් ධාවනය කර තිබූ වැඩිම දුර ප්‍රමාණය වන කිලෝ මීටර් 340 (හැතැප්ම 211.49) වාර්තාව බිඳ දැමුවා. පවර් මේ නව වාර්තාව පිහිටුවූයේ එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවති ජාතික ධාවන ප්‍රදර්ශනයේ (National Running Show).

d545fr

ජනවාරි 24 වැනි සිකුරාදා පස්වරු 2.30 ට සිය දිවීම ආරම්භ කළ සොෆී පවර් නරඹන්නන්ගේ ජය ඝෝෂා මැද ධාවනය අවසන් කළේ ඉරිදා පස්වරු 2.30 ට. මීට පෙර තිබූ වාර්තාව ඉරිදා උදෙන්ම ඇය අභිබවා ගිය ද, ඇගේ නව වාර්තාව වැඩි කිරීම පිණිස තවත් පැය කිහිපයක් ඇයට ඉතිරිව තිබුණා. ධාවනයේ යෙදුනු පැය 48 තුළ ඇය සුවපහසුව හා කෙටි නින්දක් සඳහා ලබා ගත්තේ අවම විරාමයක්. ඇගේ ආහාරය වූයේ ජෑම් සැන්විචයක්.

42 හැවිරිදි මේ දිරිය ක්‍රීඩිකාව තෙදරු මවක්. Ultra-Trail du Mont-Blanc නමැති, කැලෑවක ඇතුළත පයින් මැඩුණ මඟක පැවැත්වෙන ලොව වඩාත්ම තරගකාරී අධිමැරතන් තරගයේ ධාවනයේ යෙදී සිටි ඇගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පැතිර යාමෙන් පසුව පවර් 2018 වසරේදී ප්‍රසිද්ධියට පත්වුණා. සැතැපුම් 106ක් දුර එම තරගය අතරතුර පවර් ඇගේ මාස තුනේ බබා ට මවු කිරි දෙන අයුරු එම ඡායාරූපයෙන් දිස්වූ අතර අධික වෙහෙසට පත් පිරිමි තරගකරුවෙක් ඇය අසල බිම වැටී සිටින ආකාරය ද එහි පෙනෙන්නට තිබුණා.

මෙවැනි තරගවලදී කාන්තාවන්ට අවශ්‍ය වන වඩාත් හොඳ පහසුකම් පිළිබඳ අවදි කිරීමක් එම ඡයාරූපයෙන් මතුකර දැක්වුනු අතර එමගින් මෙවැනි තරගවලට සහභාගි වීමට උවමනාවෙන් සිටින කාන්තාවන්ගේ තත්ත්වය නගා සිටුවීම පිණිස SheRACES නමින් ඇගේ ම පදනමක් ආරම්භ කිරීමට සොෆී පවර් පෙළඹුනා.

තරගාකාරිනියන් වෙනුවෙන් වැඩි පහසුකම් අන්තර්ගත කළ යුතු ආකාරය පිළිබඳව තරග සංවිධායකයන්‌ දැනුවත් කිරීම මේ පදනමේ අරමුණ වී තිබෙනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සොෆී පවර්: අධිධාවන ක්‍රීඩිකාවගෙන් පැය 48ක ට්රෙඩ්මිල් නව ලෝක වාර්තාවක් | The Leader