The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණයෙන් ජස්වර් උමාර්ගේ කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

T

The Leader Desk

September 29, 2023 • 11:33 AM

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණයෙන් ජස්වර් උමාර්ගේ කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (29) පැවති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයෙන් හිටපු සභාපතිවරයකු වූ ජස්වර් උමාර් යළිත් වරක් සභාපති ධුරයට පත්ව ඇති අතර ඔහුගේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත.
  • ලීග 65 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය අද (29) පස්වරු 3.00ට ආරම්භවිය.
  • ලීග 2ක් නිලවරණයට සහභාගී වී නොතිබිණ.  එහිදී සිව් වසරක කාලයක් සඳහා (2027 දක්වා) බල පැවැත්වෙන පරිදි විධායක සභාව පත්කර ගැනිණ.
  •   නිලවරණ කමිටුවේ සභාපති, විශ්‍රාමික විනිසුරු ආචාර්ය යූ.එල්.
අකුරු ප්‍රමාණය (Font Size):

සභාපති ධුරයට තරඟ වැදුන ජස්වර් උමාර් ලීග 67කින් ඡන්ද 45ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද  20 ක් පමණි.

ලීග 65 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය අද (29) පස්වරු 3.00ට ආරම්භවිය. ලීග 2ක් නිලවරණයට සහභාගී වී නොතිබිණ. 

එහිදී සිව් වසරක කාලයක් සඳහා (2027 දක්වා) බල පැවැත්වෙන පරිදි විධායක සභාව පත්කර ගැනිණ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ආචාර්ය යූ.එල්. මජීඩ් ගේ සභාපතිත්වයෙන් යුතු නිලවරණ කමිටුවේ අධීක්ෂණය යටතේ පැවති මෙම නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් ද එක්ව සිටියේය. 

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් 4 දෙනකු මෙම නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා 27දා රාත්‍රියේ දිවයිනට පැමිණි අතර මෙම පිරිසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල අභ්‍යන්තර කටයුතු භාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ද ඇතුළත් විය. 

නිලවරණයට පෙර ලිඛිත අනතුරු ඇඟවීමක් !

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයෙදී අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ලබා දුන් උපදෙස් මාලාවට අනුව කටයුතු නොකළහොත්, ශ්‍රී ලංකාවට සම්බාධකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට එම සම්මේලනය නිලවරණ කමිටුවට ඊයේ (28) දිනයේ ලිඛිතව දැනුම් දී තිබිණ.

 

නිලවරණ කමිටුවේ සභාපති, විශ්‍රාමික විනිසුරු ආචාර්ය යූ.එල්. මජීඩ් අන්තර් ජාතික පාපන්දු සම්මේලනයට යොමුකර තිබෙන කරුණු විමසීමේ ලිපියකට පිළිතුරු යොමුකරමින් එහිදී ශ්‍රී ලංකාවට දැනුම් දී තිබුනේ, කිසිදු තෙවැනි පාර්ශ්වයක මැදිහත් වීමකින් තොරව ඔවුන්ගේ අනිසි බලපෑමකින් තොරව නිලවරණය පවත්වා අවසන් කිරීමට වගබලා ගත යුතු බවයි.

 

නිලවරණ කමිටුවේ සභාපතිවරයා එහි දී අන්තර් ජාතික සම්මේලනයෙන් විමසා තිබුනේ, ඔවුන් ලබා දී තිබෙන නිලවරණ නීති සංග්‍රහයට අනුව නිලවරණය පැවැත්විය යුතු ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

ඒ අනුව අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් ප්‍රධාන නිලධාරි කෙනී ජේන් මරේ හා එහි නියෝජ්‍ය මහලේකම් චාහිඩ් කර්දානිගේ අත්සන්වලින් මෙරට නිලවරණ කමිටුවේ සභාපතිවරයාට යොමුකළ ලිපියේ කරුණු ගණනාවක් දැඩි ලෙස අවධානයට යොමුකර තිබිණ. 

 එම ලිපියේ මෙසේද සඳහන්විය. 

 ‘ඔබට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ප්‍රඥාප්ති තුළ ඕනෑම නීතිමය පිළියමක් සෙවිය හැකි අතර කරුණාකර ප්‍රඥාප්ති හා මැතිවරණ නීති සංග්‍රහය අනුගමනය කරන්න.’’


මේ අතර ලිපියේ මෙසේ ද දක්වා තිබිණ.

 තවද ‘ෆිෆා’ හි ව්‍යවස්ථාවේ අංක 14 හි 2 සහ 3 හි සඳහන් වන තෙවැනි පාර්ශ්වයේ බලපෑම අදාළ සාමාජික සම්මේලනයේ වරදක් නොවුණත් ඉහත සඳහන් කළ වගකීම උල්ලංඝනය කිරීම ‘ෆිෆා’ ව්‍යවස්ථාවේ සපයා ඇති සම්බාධකවලට හේතු විය හැකි බව අවධාරණය කෙරේ.’’

ශ්‍රී ලංකා පාපන්දු ආයතන ව්‍යවස්ථාවේ අංක 62 ප්‍රකාරව එහි ආරවුලක අවසාන අවස්ථාවේ දී පමණක් ශ්‍රී ලංකා ජාතික බේරුම්කාර මණ්ඩලයට අදාළ අභියචනා යොමු කළ හැකිය. ඒ ආරවුල නිශ්චිතවම එමගින් විසඳෙනු ඇති බවට සහතික වීමෙනි.

ලිපියෙන් අන්තර් ජාතික පාපන්දු සම්මේලන නිලවරණ කමිටුවට දැනුම් දී තිබුනේ, සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකාවේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි තත්වයන් සිය සම්මේලනය ආසියානු පාපන්දු සමුළුව සමග එක්ව දිගින් දිගටම නිරීක්‍ෂණය කරන බවයි.

 

පසුගිය අගෝස්තු 27 වැනිදා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය පිළිවෙත ලිහිල් කරමින් තහනම ඉවත් කිරීමට ගත් තීරණය ද ලිපියෙන් සිහිපත් කර තිබිණ. ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ 2022 සංශෝධිත ව්‍යවස්ථාවට අනුව නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙම ලිපිය පුරා නිලවරණ කමිටුවට සිහිපත් කිරීම් කර තිබීම විශේෂ කාරණයකි. 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...