The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය: ශ්‍රී ලංකාව සුපර් සික්ස් වටයට

T

The Leader Desk

June 25, 2023 • 4:56 PM

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය: ශ්‍රී ලංකාව සුපර් සික්ස් වටයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ICC එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයට
  • ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 06ක් ලබා ගනිමින් ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.
  • ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49.5 කදී සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 325කි.
  • දිමුත් හතරේ පහරවල් අටක් ද සමගින් පන්දු 103 කදී ලකුණු 103ක් රැස් කිරීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා කණ්ඩායම අද සුදුසුකම් ලැබීය. ඒ, අද අයර්ලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 133 කින් ජය ගැනීමත් සමගය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 06ක් ලබා ගනිමින් ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.

කාසියේ වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබීය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49.5 කදී සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 325කි.


dIMUTH kදිමුත් කරුණාරත්න අද සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය.


දිමුත් ගේ මංගල එක්දින ශතකය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය.

දිමුත් හතරේ පහරවල් අටක් ද සමගින් පන්දු 103 කදී ලකුණු 103ක් රැස් කිරීමට සමත් විය.

එමෙන්ම ඔහු පසුගිය එක්දින තරග පහක දී අඛණ්ඩව අර්ධ ශතක හතරක් සහ ශතකයක් වාර්තා කිරීමට සමත් වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 48ක් ව තිබියදී පිට පිට කඩුලු දෙකක් දවා ගනිමින් අයර්ලන්ත පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කරනු දක්නට ලැබුණි.

ලකුණු 20කදී පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු රැස් කර ගැනීමට පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවු අයර්ලන්ත පන්දු යවන්නන් ක්‍රමයෙන් තරගයට අවතීර්ණ විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල සඳහා අගනා ලකුණු 168ක සම්බන්ධතාවයක් එක් කිරීමට දිමුත් කරුණාරත්න සහ සධීර සමරවික්‍රම සමත් වූහ.

සදිර පන්දු 86 කදී හතරේ පහරවල් 4ක් ද සමගින් ලකුණු 82ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණි.

SL Team

අසාර්ථක වූ මැද පෙළ සහ පසු පෙළ පිතිකරණය

අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ පිතිකරුවන් අතරින් චරිත් අසලංක ලකුණු 38ක් සහ ධනංජය සිල්වා නොදැවී ලකුණු 42ක් රැස් කිරීමට සමත් විය.

ඔවුන් දෙදෙනා හැරුණු කොට ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට අද තරගයේ දී නොහැකි විය.

ඒ අතරින් පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු නොලබා දැවී යන ලදී.



ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට අයර්ලන්ත පන්දු යවන්නන් දැක්වූ දස්කම

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර එක්දින තරග පහක් මේ දක්වා ක්‍රීඩා කර ඇත.

අද තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අයර්ලන්ත පන්දු යවන්නන් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා පිල සම්පුර්ණයෙන්ම දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක් විය.

පන්දු යැවීමේ දී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මාර්ක් ඇඩේර් ලකුණු 46 කට කඩුලු 4ක්, බැරී මැකාර්ති ලකුණු 56 කට කඩුලු 03ක් සහ ගැරත් ඩිලේනි ලකුණු 52 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.


Markපන්දු යැවීමේ දී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මාර්ක් ඇඩේර් ලකුණු 46 කට කඩුලු 4ක්, බැරී මැකාර්ති ලකුණු 56 කට කඩුලු 03ක් සහ ගැරත් ඩිලේනි ලකුණු 52 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.


වසර 33 කට පසුව වනිදු හසරංග සම කළ වාර්තාව

ලකුණු 326ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි අයර්ලන්ත පිතිකරුවන්ට පන්දු වාර 31ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 192ක් පමණයි.

අද තරගයේදී ද දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 10 අවසානයේ දී ලකුණු 79 කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව පිට පිට එක්දින තරග තුනකදී කඩුලු 05 බැගින් බිඳ හෙළු පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා ලෙසට ඔහු වාර්තා පොත් අතරට එක්විය.

එමෙන්ම 1990 වසරේ දී පාකිස්ථාන වේග පන්දු ක්‍රීඩක වකාර් යුනිස් නවසීලන්තයට එරෙහිව පැවති එක්දින තරග තුනකදී පිට පිට කඩුලු 5 බැගින් දවා ගනිමින් තබා තිබු වාර්තාව සම කිරීමට වනිදු හසරංග අද සමත් වීමද විශේෂත්වයකි.

Wanuduඑක්දින තරග ඉතිහාසයේ පිට පිට තරග 3කදී කඩුලු 5 බැගින් දවා ගත් ලොව පළමු දඟ පන්දු යවන්නා ලෙස වනිදු වාර්තා අතරට එක් විය.


එක්දින තරග ඉතිහාසයේ පිට පිට තරග 3කදී කඩුලු 5 බැගින් දවා ගත් ලොව පළමු දඟ පන්දු යවන්නා ලෙස ද ඔහු වාර්තා පොත් අතරට එක් විය.

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ මෙම තරගාවලියේ දී මේ දක්වා තරග තුනකදී කඩුලු 16 ක් දවා ගනිමින් හොඳම පන්දු යවන්නා ලෙස ද වනිදු හසරංග ඉදිරියෙන් පසුවෙයි.

(BBC සිංහල සේවය)

 

 සබැඳි පුවත්

වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ගැන තීරණයක් !

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබිය හැකිවෙයි ද?

  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...