The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

Sri Lions ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීගය: ශූරියෝ - රාජ්‍ය සේවා : අනුශූරියෝ - ශ්‍රී ලයන්ස්

T

The Leader Desk

March 25, 2024 • 3:36 PM

Sri Lions ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීගය: ශූරියෝ - රාජ්‍ය සේවා : අනුශූරියෝ - ශ්‍රී ලයන්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීග් තරගාවලියේ ශූරියන් වීමට රාජ්‍ය සේවා නෙට්බෝල්
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවති මේ නෙට්බෝල් ලීග් තරගාවලිය - Sri Lions International Invitational Netball League 2024 - සංවිධානය කර තිබුනේ ‘ශ්‍රී ලයන්ස්’ සංවිධානය යි.
  • තරගය අවසන් වූයේ 44 – 43ක ලකුණු තත්ත්වයකින්.
  • මේ කණ්ඩායම හමුවේ ලකුණු 43 – 24කින් පරාජය වුනේ KDU ක්‍රීඩිකාවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

සංගමය සමත් වුනා. අනුශූරියන් වූයේ ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් කණ්ඩායම යි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවති මේ නෙට්බෝල් ලීග් තරගාවලිය - Sri Lions International Invitational Netball League 2024 - සංවිධානය කර තිබුනේ ‘ශ්‍රී ලයන්ස්’ සංවිධානය යි. සෙනසුරාදා හා ඉරිදා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ තරගාවලිය ඉතාමත් සාර්ථකව පැවැත්වුනා.

කණ්ඩායම් හයක් සහභාගි වූ මේ ලීග් තරගාවලියේ තියුණු මුහුණුවරක් ගත් අවසාන මහා තරගයේදී රාජ්‍ය සේවා කණ්ඩායම විසින් ශ්‍රී ලයන්ස් කණ්ඩායම පරාජය කරනු ලැබුවේ එක ලකුණකින්. තරගය අවසන් වූයේ 44 – 43ක ලකුණු තත්ත්වයකින්.

මාල දිවයිනේ ‘මැට්රික්ස්’ කණ්ඩායම තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වුනා. මේ කණ්ඩායම හමුවේ ලකුණු 43 – 24කින් පරාජය වුනේ KDU ක්‍රීඩිකාවන්.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළඳුවේ රාජ්‍ය සේවා කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය. හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් නායිකාවක වන ඇයට ‘තිලකා ජිනදාස අභියෝග කුසලානය’ හිමි වුනා. අවසාන මහා තරගයේ වීරවරිය වූයේ ද රාජ්‍ය සේවා කණ්ඩායමේ ම තිලිණි වත්තේගෙදර. ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක්.

තරගාවලියේ හොඳම ‘සෙන්ට කෝට්’ ක්‍රීඩිකාව වශයෙන් ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ තරුෂි පෙරේරා ද, හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ අකිලා නිමිනි ජයවර්ධන ද, හොඳම විදින්නිය ලෙස රාජ්‍ය සේවා කණ්ඩායමේ දුලංගා දනන්ජි ද නම් කෙරුනා.

අනුශූරියන් වූ ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වන අකිලා ජයවර්ධන විසින්.

තිළිණ ප්‍රදානෝත්සවය පැවැත්වුනේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ප්‍රධානී වෛද්‍ය හර්ෂ අලස් මහතාගේ ප්‍රධානත්වයෙන්. ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරල් මහාචාර්ය රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වුනා. ‘ශ්‍රී ලයන්ස්’ නිර්මාතෘ ආචාර්ය කැළුම් සුජිත්, ලුම්බිණි විදුහලේ විදුහල්පති සරත් ගුණරත්න යන මහත්වරු සහ හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපතිනි හා ආසියානු නෙට්බෝල් සභාපතිනි තමාරා ධර්මකීර්ති හේරත් මහත්මිය ද මේ අවස්ථාවට එක්වුනා.

kjhdf

සබැඳි ලිපි :
Sri Lions ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීග් තරගාවලිය : මාර්තු 23 – 24

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...