The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

SSC විදුලි ආලෝක පද්ධතියේ වියදම රු. බිලියන 1.8ක් !

T

The Leader Desk

January 3, 2026 • 11:45 AM

 SSC විදුලි ආලෝක පද්ධතියේ වියදම රු. බිලියන 1.8ක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ලබන මස ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් රුපියයල් බිලියන 1.8ක වියදමින් කොළඹ සිංහල ක්‍රීඩා සමාජයීය (එස්.එස්.සී. - SSC) ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සවි කරණ විදුලි ආලෝක කුළුණු හය සහ ක්‍රීඩාංගණයේ අනෙකුත් සංවර්ධන කටයුතු ජනවාරි 15 වන විට අවසන් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.
  • මුළු ක්‍රීඩාංගණය පුරාම ඒකාකාර ආලෝක මට්ටමක් ලබා ගැනීම සඳහා විදුලි ආලෝක කුළුණු හයක් මත උපායමාර්ගිකව LED ආලෝක සවි කිරීම් 630ක් භාවිතා කර තිබෙනවා.
  • නරඹන්නන්ගේ අත්දැකීම් තවදුරටත් වැඩි දියුණු කිරීම මෙන්ම දෘශ්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය සිදුවීම් නිර්මාණය කිරීමට හැකි වර්ණ ආලෝකකරණ දර්ශන ඇතුළුව බහු මෙහෙයුම් ක්‍රම සක්‍රීය කළ හැකි නවීන ආලෝකකරණ පාලන පද්ධතියක් ද මෙහි ස්ථාපනය කර තිබීම විශේෂත්වයක්.
  • SSC ක්‍රීඩාංගණයට විදුලි ආලෝකය අවශ්‍ය වන පළමු තරගය වන්නේ 2026 T20 ලෝක කුසලානයේ ඔ්මානය හා සිම්බාබ්වේ අතර පෙබරවාරි 9 වැනිදා පස්වරු 3.00 ට ඇරඹෙන ‘බී’ කොටසේ තරගයයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ නව විදුලි ආලෝක පද්ධතිය අති නවීන LED තාක්ෂණය මත පදනම්ව නිර්මාණය කර ඇති අතර ජාත්‍යන්තර ක්‍රීඩා සහ රූපවාහිනී විකාශන අවශ්‍යතා ද සම්පූර්ණයෙන් සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

කෙල්වින් 5700ක වර්ණ උෂ්ණත්වයකින් සහ 90ක වර්ණ විදැහුම්කරණ දර්ශකයක් (CRI) සහිත උසස් කාර්ය සාධනයකින් යුත් LED ලුමිනියර් භාවිතා කරමින් මෙම ආලෝක පද්ධතිය නිර්මාණය කර තිබෙන අතර එමගින් ක්‍රිඩකයින්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහා උසස් දෘෂ්‍ය පැහැදිළිතාවක් ලබා දෙනවා.

609155590 1310278711137242 2749178790642238898 n
මුළු ක්‍රීඩාංගණය පුරාම ඒකාකාර ආලෝක මට්ටමක් ලබා ගැනීම සඳහා විදුලි ආලෝක කුළුණු හයක් මත උපායමාර්ගිකව LED ආලෝක සවි කිරීම් 630ක් භාවිතා කර තිබෙනවා. මෙම විදුලි ආලෝක පද්ධතිය මගින් දීප්තිය වැඩි කරමින් සෙවණැලි අවම කර උසස් ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කිරීමට හැකිව තිබෙනවා.


නරඹන්නන්ගේ අත්දැකීම් තවදුරටත් වැඩි දියුණු කිරීම මෙන්ම දෘශ්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය සිදුවීම් නිර්මාණය කිරීමට හැකි වර්ණ ආලෝකකරණ දර්ශන ඇතුළුව බහු මෙහෙයුම් ක්‍රම සක්‍රීය කළ හැකි නවීන ආලෝකකරණ පාලන පද්ධතියක් ද මෙහි ස්ථාපනය කර තිබීම විශේෂත්වයක්.

SSC ක්‍රීඩාංගණයට විදුලි ආලෝකය අවශ්‍ය වන පළමු තරගය වන්නේ 2026 T20 ලෝක කුසලානයේ ඔ්මානය හා සිම්බාබ්වේ අතර පෙබරවාරි 9 වැනිදා පස්වරු 3.00 ට ඇරඹෙන ‘බී’ කොටසේ තරගයයි. මෙය මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරග පහෙන් එකක්. මෙයින් පළමු තරගය වන පාකිස්තානය හා නෙදර්ලන්තය අතර ගැටුම තරගාවලියේ සමාරම්භක දිනය වන පෙබරවාරි 7 වැනිදා පස්වරු 11.00 ට ආරම්භ වන අතර ඒ අනුව මෙය SSC ක්‍රීඩාංගණය නවීකරණය කිරීමෙන් පසුව එහි පැවැත්වෙන මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගය බවට පත්වනවා.

මේ ක්‍රීඩාංගණයේ පස්වරු 7.00 ට ආරම්භ වන එකම ලෝක කුසලාන තරගය වන්නේ පාකිස්තානය හා අමෙරිකාව අතර පෙබරවාරි 10 වැනිදා තරගයයි. මෙය එම තරගාවලිය යටතේ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි තරගයයි.

SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අනෙක් ලෝක කුසලාන තරග දෙක වන්නේ අයර්ලන්තය හා ඔ්මානය අතර පෙබරවාරි 14 වැනිදා පෙරවරු 11.00 ට ඇරඹෙන තරගය සහ පාකිස්තානය හා නැමීබියාව අතර පෙබරවාරි 18 වැනිදා පස්වරු 3.00 ට ආරම්භ වන තරගයයි.

SSC ක්‍රීඩාංගණයට විදුලි ආලෝක පද්ධතියක් ලබා දීමේ ව්‍යාපෘතියට වැයවන සම්පූර්ණ මුදල වැය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.
610676778 1310276504470796 5636041120102795792 n
රුපියල් බිලියන 1.8ක වියදමින් සවි කෙරෙන විදුලි ආලෝක පද්ධතියේ උස ඇටවුම් ඉන්දියාවෙන් ද, විදුලි ආලෝක ඉතාලියෙන් ද ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද පවසනවා.

කොළඹ නගරයේ හොඳම පහසුකම් තිබෙන SSC ක්‍රීඩාංගණය නවීකරණය කරමින් ඊට විදුලි ආලෝකය ලබා දීම මීට බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබූ දෙයක් බවත් අනාගතයේදී මේ ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීමට හැකිවනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වල මහතා ප්‍රකාශ කරනවා.

දීර්ඝ කාලීන සැලසුම් යටතේ SSC ක්‍රීඩාංගණයේ නරඹන්නන්ගේ උපරිමය දැනට තිබෙන 20,000 සිට 30,000 දක්වා වැඩි කෙරෙනු ඇතැයි ද ඔහු කියා සිටිනවා. 

610751549 1310276684470778 6376075623988058060 n
විදුලි ආලෝක පද්ධතියට අමතරව SSC ක්‍රීඩාංගණයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන ක්‍රීඩක විවේකාගාර දියුණු කිරීම සහ තරග තීරක, තෙවැනි විනිසුරු හා දූෂණ විරෝධී නිලධාරීන් සඳහා නවතම කාමර ඉදිකිරීම, දැනට තිබෙන මාධ්‍ය කුටිය හා තරග විකාශන පාලක මැදිරිය වැඩිදියුණු කිරීම සහ විශේෂ ආරාධිත අමුත්තන් වෙනුවෙන් වන නව ප්‍රේක්ෂකාගාර ඉදිකිරීම වැනි කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතිනවා.

‌මේ සියලු කරුණු අනාවරණය වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ මාධ්‍යවේදීන් සඳහා සංවිධානය කර තිබූ SSC ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවේදී.
 
Copy of VK80509

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...