The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වේග රිද්මයේ T10 ක්‍රිකට් ශ්‍රී ලංකාවටත්

T

The Leader Desk

October 30, 2023 • 9:42 AM

වේග රිද්මයේ T10 ක්‍රිකට් ශ්‍රී ලංකාවටත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිත්තු 90ක් පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම රිද්මයෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් පිනවීමේ අරමුණින් T10 ක්‍රිකට් තරගාවලිය මෙරට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙනවා.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාජා ක්‍රීඩාංගණයේදී සිවු දිනක් තිස්සේ පැවති ඒ තරගාවලිය හැඳින්වුනේ ‘2017 T10 ලීගය’ ලෙසින්.
  •  ජගත් ක්‍රිකට් කවුන්සලය 2020 වසරේ මැයි මාසයේදී මේ ක්‍රිකට් ආකෘතිය නිල වශයෙන් අනුමත කළා.
  • 2022 ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් T10 තරගාවලියක් පැවැත්වූ ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) පළමු පූර්ණ සාමාජික ක්‍රිකට් මණ්ඩලය බවට පත්වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් තිබෙන පිලකට ඕවර් 10 බැගින් වන මේ ‘දහයයි10’ ක්‍රිකට් ක්‍රීඩා ශෛලිය භාවිතා කරමින් ප්‍රථම වතාවට තරගාවලියක් පැවැත්වුනේ 2017 වසරේ දෙසැම්බරයේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාජා ක්‍රීඩාංගණයේදී සිවු දිනක් තිස්සේ පැවති ඒ තරගාවලිය හැඳින්වුනේ ‘2017 T10 ලීගය’ ලෙසින්.

 ජගත් ක්‍රිකට් කවුන්සලය 2020 වසරේ මැයි මාසයේදී මේ ක්‍රිකට් ආකෘතිය නිල වශයෙන් අනුමත කළා.

spice isle 2022 logo
2022 ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් T10 තරගාවලියක් පැවැත්වූ ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) පළමු පූර්ණ සාමාජික ක්‍රිකට් මණ්ඩලය බවට පත්වුනා. දැන් එළඹෙන දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේදීත් මේ තරගාවලිය ප්‍රථම වතාවට ආරම්භ කිරීමට කටයුතු සංවිධානය වෙමින් පවතිනවා.

මේ අනුව ‘Lanka T10’ ලෙසින් නම් කර තිබෙන තරගාවලියේ මංගල ඉසව්ව 2023 දෙසැම්බර් 12 සිට 23 දක්වා කොළඹදී පැවැත්වීමටයි නියමිත. ඊට කළින් මෙහි ප්‍රථම ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


තරගාවලිය කණ්ඩායම් හයකින් සමන්විත වනු ඇති අතර මේ කණ්ඩායම් හැඳින්වෙනු ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ නගර හයක නම්වලින්.

Lanka T10 696x404
Lanka T10 සංවිධානය කරන්නේ T10 Sports කළමනාකාරිත්වය හා T10 ගෝලීය ක්‍රීඩා නව ක්‍රම නිෂ්පාදන සමූහ ආයතනය ඒකාබද්ධව.

මේ පිරිමි T10 තරගාවලියට සමගාමීව ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවන් ද ඇතුළත් ප්‍රථම කාන්තා T10 තරගාවලියක් සඳහා සත්කාරකත්වය ලබා දීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාවට Lanka T10 තරගාවලියට සත්කාරකත්වය දැක්වීම පිළිබඳව අතිශයෙන් සතුටු වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මෙසේ කියා සිටියා. 

Shami Silva

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා

“ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් ම එක්වූ ආකෘතිය තමයි T10. මේ ශෛලිය දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය වෙමින් තිබෙනවා. මේ අලුත් කාර්යයේ කොටසක් වෙන්න ලැබීම ගැන සතුටු වන අපි පළමු Lanka T10 තරගාවලිය සාර්ථකත්වයේ කතාන්දරයක් වනු ඇතැයි විශ්වාස කරනවා.”

ළඟ එන ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳව අදහස් දක්වමින් T10 Sports කළමනාකාරිත්වයේ සභාපති ෂාජි අල් මල්ක් මෙසේ ප්‍රකාශ කර සිටියා.

Untitled 128

T10 Sports කළමනාකාරිත්වයේ සභාපති ෂාජි අල් මල්ක්

“අවුරුදු ගණනාවක සිට අපි T10 නීත්‍යානුකූල ක්‍රිකට් ශෛලියක් ලෙස ස්ථාපිත කර තිබෙනවා පමණක් නොව එය වැඩියෙන්ම විනෝදයක් ගෙන දෙන ක්‍රිකට් ක්‍රීඩාවක් ලෙසින්ද පිළිගෙන තියෙනවා. මේ ආකාරයේ ක්‍රිකට් තරග සජීවිව නරඹමින් තමන්ගේ ජනප්‍රිය ක්‍රිකට් සුපිරි තරුවලට ‘චියර්’ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මහත් ආශාවක් දක්වනවා. T10 ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ට ගෙන ඒමට ලැබීම ගැන අපි මහත් උද්දාමයට පත්ව සිටිනවා.”

Lanka T10 සඳහා දැනටමත් ආරම්භ වී තිබෙන ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම අවසන් වන්නේ නොවැම්බර් 5 වැනිදා. 



සටහන :
බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...