The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දසුන් ශානකගෙන් T20 වේගවත්ම අර්ධ ශතකයක්: ශ්‍රී ලංකාව ලකුණු 105කින් ඕමානය පරදවයි

T

The Leader Desk

February 12, 2026 • 10:11 AM

දසුන් ශානකගෙන් T20 වේගවත්ම අර්ධ ශතකයක්: ශ්‍රී ලංකාව ලකුණු 105කින් ඕමානය  පරදවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕමානය ට එරෙහිව අර්ධ ශතක තුනක් සමග ලකුණු 225ක මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ශ්‍රී ලංකාව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවති 2026 ලෝක කුසලාන තරගයෙන් ලකුණු 105ක පහසු ජයක් වාර්තා කළා.
  •   ඕමානය වෙනුවෙන් විස්සයි20 ලෝක කුසලාන අර්ධ ශතකයක් වාර්තා කරමින් මොහමඩ් නදීම් පන්දු 56කින් ලකුණු 53ක් (හතරේ පහර 3යි, හයේ පහරයි) ලබා ගත්තා.
  • වයස අවුරුදු 43යි දවස් 161ක්ව තිබියදී මේ අර්ධ ශතකය ලබා ගනිමින් නදීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙහෙයවන ඕනෑම තරගාවලියක අර්ධ ශතකයක් වාර්තා කළ කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වුණා.
  • මීට කළින් එම වාර්තාවට හිමිකම් කීවේ 1996 ODI ලෝක කුසලාන තරගයේදී පාකිස්තානය ට එරෙහිව ලකුණු 58ක් සටහන් කළ නෙදර්න්තයේ ෆ්ලේවින් අපොන්සෝ (අවුරුදු 43යි දවස් 121යි).
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය T20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දෙවැනියට වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව මෙන්ම මේ තරගාවලියේ වැඩිම මුළු ලකුණු ප්‍රමාණයයි.

 

so 2

කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් ද, පවන් රත්නායක ලකුණු 60ක් ද, දසුන් ශානක ලකුණු 50ක්ද ලබා ගැනීමෙන් පසුව මහීෂ් තීක්ෂණ ලකුණු 11කට කඩුලු 2ක් ද, දුශ්මන්ත චමීර ලකුණු 19කට කඩුලු 2ක් ද බිඳ හෙලූ අතර දුනිත් වෙල්ලාලගේ, දුශාන් හේමන්ත සහ කමිඳු මෙන්ඩිස් කඩුල්ලක් බැගින් ලබා ගත්තා.

nadeem1

 

ඕමානය වෙනුවෙන් විස්සයි20 ලෝක කුසලාන අර්ධ ශතකයක් වාර්තා කරමින් මොහමඩ් නදීම් පන්දු 56කින් ලකුණු 53ක් (හතරේ පහර 3යි, හයේ පහරයි) ලබා ගත්තා. වයස අවුරුදු 43යි දවස් 161ක්ව තිබියදී මේ අර්ධ ශතකය ලබා ගනිමින් නදීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙහෙයවන ඕනෑම තරගාවලියක අර්ධ ශතකයක් වාර්තා කළ කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වුණා. මීට කළින් එම වාර්තාවට හිමිකම් කීවේ 1996 ODI ලෝක කුසලාන තරගයේදී පාකිස්තානය ට එරෙහිව ලකුණු 58ක් සටහන් කළ නෙදර්න්තයේ ෆ්ලේවින් අපොන්සෝ (අවුරුදු 43යි දවස් 121යි).  

ඉලක්කය හඹා යාමේදී ඕමානය ට රැස්කර ගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 120ක් පමණයි.

 

so 3
පළමුව පන්දුවට පහර දීම පිණිස කැඳවනු ලැබූ ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ‘පවර් ප්ලේ’ ක්‍රීඩාවේදී දැවී ගියා. කමිල් මිෂාර (8), ජේ ඔඩෙඩ්රාගේ පිට දඟ පන්දුවට දැවී ගිය අතර පැතුම් නිස්සංක (13), සුෆ්යාන් මෙහමූද්ගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් දැවී ගියා. ඕමානය එම කඩුල්ල ලබා ගත්තේ තෙවැනි විනිසුරුගෙන්. ඒ අනුව, පළමු ඕවර හය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු දෙකට ලකුණු 58ක් රැස්කර ගෙන සිටියා.

කුසල් මෙන්ඩිස් හා පවන් රත්නායක තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52කින් ලකුණු 94ක් එක් කළා. රත්නායක පන්දු 28කින් ලකුණු 60ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුණා. පවන් රත්නායක අද පන්දු 24කින් වාර්තා කළේ ඔහුගේ පළමු ජාත්‍යන්තර විස්සයි20 අර්ධ ශතකය.

so 4

 

නායක දසුන් ශානක ඔහුගේ අර්ධ ශතකය කරා ගියේ ඉතාමත් වේගයෙන්. හතරේ පහර දෙකක් සහ හයේ පහර පහක් එල්ල කළ ඔහු ලකුණු 50 රැස් කළේ පන්දු 19කින්. මෙය ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග බිමේ ශ්‍රී ලංකාවේ වේගවත්ම අර්ධ ශතකය ලෙසින් වාර්තා පොතට එක්වුණා. ශානක සහ කුසල් මෙන්ඩිස් සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28කින් ලකුණු 63ක සබඳතාවක් පිහිටුවූවා.

කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී ගියේ පන්දු 45කින් ලකුණු 61ක් රැස් කරගෙන. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්ව තිබුණා.

කමිඳු මෙන්ඩිස් පන්දු 17කින් නොදැවී ලකුණු 19ක් රැස් කළේ හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින්. දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු හයයි. ශ්‍රී ලංකාව කඩුලු 5 ට ලකුණු 225 යි.

so 6

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් වැඩියෙන්ම බැට කෑ පන්දු යවන්නා වූයේ ලකුණු 60ක් ලබා දුන් සුෆ්යාන් මෙහමූද්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...