The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 කඩුලු 150යි/ලකුණු 1,000යි: ඉන්දියාවේ දීප්ති ෂර්මාගෙන් ලෝක වාර්තාවක්

T

The Leader Desk

December 27, 2025 • 12:00 PM

T20 කඩුලු 150යි/ලකුණු 1,000යි: ඉන්දියාවේ දීප්ති ෂර්මාගෙන් ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු 150ක් සහ ලකුණු 1000ක් ලබා ගත් ලොව පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට ඉන්දියාවේ තුන් ඉරියව් තාරකාව වන දීප්ති ෂර්මා (Deepti Sharma) පත්ව සිටිනවා. ඇය මේ ද්විත්ව වික්‍රමය සම්පූර්ණ කළේ තිරුවානන්තපුරම් නුවර ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව ට එරෙහිව පැවති තෙවැනි විස්සයි20 තරගයේ.
  • පළමු ඉනිමේදී ෂර්මා කඩුලු 150 ඉක්මවා ගියේ කාන්තා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ සම වැඩිම කඩුලු ලාභිනිය බවට පත්වෙමින්.
  • ශ්‍රී ලංකාව ට එරෙහි තෙවැනි තරගයේ ඇයගේ ලකුණු 18 ට කඩුලු 3 පන්දු යැවීම මගින් ඇගේ කඩුලු සංඛ්‍යාව 151 දක්වා ඉහළ නැංවුනේ ඇයව ඔස්ට්‍රේලියාවේ Megan Schutt සමග සම තත්ත්වයට ගෙන එමින්.
  • 150 වැනි සංකේතාත්මක කඩුල්ල වාර්තා වුනේ දීප්ති තරගයේ 14 වැනි ඔ්වරයේදී කවිශා ඩිල්හාරි දවාලූ අවස්ථාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ තරගයට පෙරත් ඇය විස්සයි20 ක්‍රීඩාවේ පිත්තෙන් ලකුණු 1000කට වැඩියෙන් ලබා ගෙන සිටියා. පළමු ඉනිමේදී ෂර්මා කඩුලු 150 ඉක්මවා ගියේ කාන්තා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ සම වැඩිම කඩුලු ලාභිනිය බවට පත්වෙමින්. ශ්‍රී ලංකාව ට එරෙහි තෙවැනි තරගයේ ඇයගේ ලකුණු 18 ට කඩුලු 3 පන්දු යැවීම මගින් ඇගේ කඩුලු සංඛ්‍යාව 151 දක්වා ඉහළ නැංවුනේ ඇයව ඔස්ට්‍රේලියාවේ Megan Schutt සමග සම තත්ත්වයට ගෙන එමින්.

150 වැනි සංකේතාත්මක කඩුල්ල වාර්තා වුනේ දීප්ති තරගයේ 14 වැනි ඔ්වරයේදී කවිශා ඩිල්හාරි දවාලූ අවස්ථාවේ. ඇය ඇගේ අවසාන ඔ්වරයේ මල්ෂා ශෙහානි දවාලමින් දැන් කඩුලු 151ක් ලබා ගෙන සිටින අතර මේ කඩඉමට ඇය පිවිසියේ තරග 131කදී 18.73ක සාමාන්‍යයක් සටහන් කරමින්. Schutt එතැනට සමීප වුනේ දීප්ති ට වඩා තරග අටක් අඩුවෙන් 17.70ක සාමාන්‍යයකින් යුතුව තරග 123කින්.

 26184210181bb48

පිරිමි ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ ආරම්භය වසර 2007 දක්වා ඈතට විහිද ගියත් කිසිම ක්‍රීඩකයෙක් මේ වාර්තාව හිමිකර ගැනීමට සමත් වී නැහැ. මේ ආසන්නයට පැමිණ සිටින්නේ ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන්. විස්සයි20 ක්‍රීඩාවේ වැඩිම කඩුලු ලාභී ක්‍රීඩකයා වන ඔහු තරග 108කින් කඩුලු 182ක් ලබා ගෙන සිටින්නේ පිතිකරණයෙන් ලකුණු 602ක් ද රැස් කරමින්. මේ ශෛලියේ ක්‍රීඩාවේ කඩුලු 150ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන සිටින්නේ තවත් පන්දු යවන්නන් තිදෙනෙකු පමණයි. ඒ, නවසිලන්තයේ ටිම් සවුතී (පිත්තෙන් ලකුණු 303) හා ඉෂ් සොධි (ලකුණු 208) සහ බංග්ලාදේශයේ මුස්ටෆිසුර් රහ්මාන් (ලකුණු 112).

දඟ පන්දු යවන දීප්ති කඩුලු 333ක් ලබා ගනිමින් එදා මෙදා තුර කාන්තා ජාත්‍යන්තර කඩුලු ලැයිස්තුවේ ද තෙවැනි ස්ථානයට පත්ව සිටිනවා. ඇය දැන් පිටුපසින් සිටින්නේ ඉන්දියාවේ ජුලාන් ගෝස්වාමි (355) සහ එංගලන්තයේ කැතරින් ස්කයිවර්-බ්‍රන්ට් (335) ට පමණයි.

 

Deepti Harmanpreet

2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණු දීප්ති ෂර්මා ඇගේ මේ අලුත්ම වාර්තා සමග ඉන්දියාව වෙනුවෙන් මෙතෙක් කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කළ එක් විශිෂ්ටතම තුන් ඉරිව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩිකාවක් ලෙසින් ඇගේ ස්ථානය තහවුරු කරගෙන සිටිනවා. ‌මේ සුපිරි ක්‍රීඩිකාවගේ වයස තවමත් අවුරුදු 28ක් පමණක් වීම ඉන්දියාවේ ප්‍රතිවාදීන් බියවද්දන කාරණාව වී තිබෙනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

T20 කඩුලු 150යි/ලකුණු 1,000යි: ඉන්දියාවේ දීප්ති ෂර්මාගෙන් ලෝක වාර්තාවක් | The Leader