The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝකී ෆර්ගසන්ගේ කඩුලු ත්‍රිත්වය හමුවේ දෙවැනි T20 තරගයේ ජය නවසීලන්තයට

T

The Leader Desk

November 11, 2024 • 5:05 AM

ලෝකී ෆර්ගසන්ගේ කඩුලු ත්‍රිත්වය හමුවේ දෙවැනි T20 තරගයේ ජය නවසීලන්තයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවට එරෙහිව තරග 3-0ක් ලෙස ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් වාර්තාගත ලෙස ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පැවති පළමු T20 තරගයෙන් පරාජයට පත්වුයේ ඔවුන් ලබා සිටි කීර්තියට දැඩි පසුබෑමක් ඇති කරමිනි.
  • කෙසේවෙතත් නවසීලන්තය දෙවැනි තරගය ජය ගැනීමත් සමග, තරග 2-0ක තරගාවලි ජයක් තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබූ ශ්‍රී ලංකාවට, තරග 1-1ක් ලෙස තරගාවලිය අවසන් කිරීමට සිදුවිය.
  • ඊයේ තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ නම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි.
  • අවසන්වරට ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන තිබුණේ 2013 වසරේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාවට එරෙහිව තරග 3-0ක් ලෙස ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් වාර්තාගත ලෙස ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සමග පැවති පළමු T20 තරගයෙන් පරාජයට පත්වුයේ ඔවුන් ලබා සිටි කීර්තියට දැඩි පසුබෑමක් ඇති කරමිනි.

කෙසේවෙතත් නවසීලන්තය දෙවැනි තරගය ජය ගැනීමත් සමග, තරග 2-0ක තරගාවලි ජයක් තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබූ ශ්‍රී ලංකාවට, තරග 1-1ක් ලෙස තරගාවලිය අවසන් කිරීමට සිදුවිය.

ඊයේ තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ නම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි.

අවසන්වරට ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන තිබුණේ 2013 වසරේදීය.

ඒ හැරෙන්න එම තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත් වූ සෑම තරගාවලියක්ම (තරගාවලි 4) ජයගැනීමට සමත් වූයේ නවසීලන්තය යි.

2 වැනි T20 තරගය

NZ vs SL


පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එල්ල කරන ලද අභියෝගයට සාර්ථකව ප්‍රතිචාර දක්වමින් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ ඊයේ පැවති දෙවනි T20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක ජයක් හිමි කර ගත්තේය.

තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 109 ක් වැනි පහසු ඉලක්කයක් හිමිවුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 103කට දැවී ගියේය.

පැතුම් නිස්සංක හුදෙකලා සටනක නිරත වන අයුරු දක්නට ලැබුණි. ඔහු පන්දු 48කින් ලකුණු 50ක් රැස් කරමින් සිය 13 වැනි අර්ධ ශතකය වාර්තා කළේය. ඔහු පන්දු 51 කට මුහුණ දෙමින් ලකුණ 52ක් රැසක් කළේය.

wanidu7

තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ වනිඳු හසරංගය

 

කාසියේ වාසිය දිනු චරිත් අසලංක පළමුව පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ බල ඇණියේ සාර්ථක පන්දු යැවීම හමුවේ නවසීලන්ත කණ්ඩයම පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැසක් කළේ ලකුණු 108ක් පමණි.

පන්දු යැවීමේදී වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුළදී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තේය. මහීෂ් තීක්ෂණ ද සිය පන්දුවාර 4 තුළ ලකුණු 11කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ වනිඳු හසරංගය.

 

ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කළ ලොකී ෆර්ගසන්

 

1dims.apnews
ලකුණු 109ක පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට ලෝකී ෆර්ගසන් සමත්විය.

ඔහු සිය මුල් පන්දුවාර දෙක තුළ ලකුණු 7කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ හෙලීමට සමත්විය. ඒ කඩුළු ත්‍රිත්වයක් ද සමගිනි.

ඔහුගේ කඩුලු ත්‍රිත්වයට කුසල් ජනිත් පෙරේරා, කමිදු මෙන්ඩිස් සහ චරිත් අසලංකගේ කඩුලු අයත් ය.

 

dims.apnews
කුසල් ජනිත් ලකණු 3කටත්, කමිදු මෙන්ඩිස් එක් ලකුණකටත්, නායක චරිත් අසලංක ලකුණු නොලබා දැවීයාමත් ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීමට ප්‍රබල ලෙස බලපෑවේය. ලොකී ෆර්ගසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

භානුකර රාජපක්ෂ ලකුණු 15ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 14ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...