The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාවේ ටිලක් වර්මාගෙන් නව T20 ලෝක වාර්තාවක්

T

The Leader Desk

January 29, 2025 • 9:43 AM

ඉන්දියාවේ ටිලක් වර්මාගෙන් නව T20 ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරණ රටවල කණ්ඩායම් අතර මේ නව ලෝක වාර්තාව වර්මා සටහන් කළේ පන්දු 55කට පමණක් මුහුණ දී ලකුණු 72ක් රැස් කරමින්.
  • ඔහුගේ මේ විශිෂ්ට නොදැවුනු ඉනිම හතරේ පහර 4ක් සහ හයේ පහර 5කින් අලංකාර වී තිබුණා.
  • ඉන්දියාව වෙනුවෙන් පසුගිය ඉනිම හතරේදී වර්මා දකුණු අප්‍රිකාව ට එරෙහිව ලකුණු 107ක් (පන්දු 56කින්) හා ලකුණු 120ක් (පන්දු 47කින්) සහ එංගලන්තය ට එරෙහිව ලකුණු 19ක් හා 72ක් නොදැවී ලබා ගැනීමට සමත් වුනා.
  • මාක් චැප්මන් මීට පෙර මෙම වාර්තාව හිමිකර ගෙන සිටියේ ජාත්‍යන්තර විස්සයි20 තරගවලදී දැවී යාමට පෙර ලකුණු 271ක් රැස්කර ගත් නවසිලන්තයේ මාක් චැප්මන් (Mark Chapman).
අකුරු ප්‍රමාණය (Font Size):

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරණ රටවල කණ්ඩායම් අතර මේ නව ලෝක වාර්තාව වර්මා සටහන් කළේ පන්දු 55කට පමණක් මුහුණ දී ලකුණු 72ක් රැස් කරමින්. ඔහුගේ මේ විශිෂ්ට නොදැවුනු ඉනිම හතරේ පහර 4ක් සහ හයේ පහර 5කින් අලංකාර වී තිබුණා.
 
ඉන්දියාව වෙනුවෙන් පසුගිය ඉනිම හතරේදී වර්මා දකුණු අප්‍රිකාව ට එරෙහිව ලකුණු 107ක් (පන්දු 56කින්) හා ලකුණු 120ක් (පන්දු 47කින්) සහ එංගලන්තය ට එරෙහිව ලකුණු 19ක් හා 72ක් නොදැවී ලබා ගැනීමට සමත් වුනා.
 
 126122781 chappersමාක් චැප්මන්

මීට පෙර මෙම වාර්තාව හිමිකර ගෙන සිටියේ ජාත්‍යන්තර විස්සයි20 තරගවලදී දැවී යාමට පෙර ලකුණු 271ක් රැස්කර ගත් නවසිලන්තයේ මාක් චැප්මන් (Mark Chapman).

ජාත්‍යන්තර T20 තරගවල දැවී යාම් දෙකක් අතර වැඩිම ලකුණු (ICC පූර්ණ සාමාජික කණ්ඩායම්)

ටිලක් වර්මා (ඉන්දියාව) – 318 (නොදැවී 107, නොදැවී 120, නොදැවී 19, නොදැවී 72)
 
tilak varma 3ටිලක් වර්මා (ඉන්දියාව) – 318 (නොදැවී 107, නොදැවී 120, නොදැවී 19, නොදැවී 72)

මාක් චැප්මන් (නවසිලන්තය) – 271 (නොදැවී 65, නොදැවී 16, නොදැවී 71, නොදැවී 104, 15)

ඒරන් ෆින්ච් (ඔස්ට්‍රේලියාව) – 240 (නොදැවී 68, 172)

ෂ්රියාස් අයර් (ඉන්දියාව) – 240 (නොදැවී 57, නොදැවී 74, නොදැවී 73, 36)

ඩේවිඩ් වෝන (ඔස්ට්‍රේලියාව) – 239 (නොදැවී 100, නොදැවී 60, නොදැවී 57, නොදැවී 2, 20)
 
 



warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...