The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රෂිඩ් ඛාන්: T20 ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම කඩුලුලාභී ඇෆ්ගන් ලකුණ

T

The Leader Desk

February 6, 2025 • 11:30 AM

රෂිඩ් ඛාන්: T20 ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම කඩුලුලාභී ඇෆ්ගන් ලකුණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රෂිඩ්, ඔහුගේ අගනා ක්‍රිකට් දිවියට තවත් මුදුන් සලකුණක් මෙසේ එක් කළේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඩ්වේන් බ්‍රාවෝගේ වාර්තාව මකා දමමින්.
  • බ්‍රාවෝ ඔහුගේ වෘත්තීය ක්‍රිකට් දිවිය පසුගිය වසරේ අවසන් කළේ විස්සයි20 කඩුලු 631ක් ලබා ගෙන.
  • රෂිඩ් එම කඩුලු ප්‍රමාණය අභිබවා ගියේ SA20 නමැති දකුණු අප්‍රිකාවේ ඉහළම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ MI Cape Town කණ්ඩායම නියෝජනය කරමින් Paarl Royals පිලේ දුනිත් වෙල්ලාලගේ දවාලමින්.
  • ‌මේ තරගයේදී රෂිඩ් ඔහුගේ සීමිත ඕවර හතර තුළ ලකුණු 34කට කඩුලු 2ක් ලබා ගත් අතර ඔහුට ගොදුරු වූ අනෙක් පිතිකරුවා වූ‌යේ ඩිනේෂ් කර්තික්.
අකුරු ප්‍රමාණය (Font Size):

රෂිඩ්, ඔහුගේ අගනා ක්‍රිකට් දිවියට තවත් මුදුන් සලකුණක් මෙසේ එක් කළේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඩ්වේන් බ්‍රාවෝගේ වාර්තාව මකා දමමින්. බ්‍රාවෝ ඔහුගේ වෘත්තීය ක්‍රිකට් දිවිය පසුගිය වසරේ අවසන් කළේ විස්සයි20 කඩුලු 631ක් ලබා ගෙන. රෂිඩ් එම කඩුලු ප්‍රමාණය අභිබවා ගියේ SA20 නමැති දකුණු අප්‍රිකාවේ ඉහළම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ MI Cape Town කණ්ඩායම නියෝජනය කරමින් Paarl Royals පිලේ දුනිත් වෙල්ලාලගේ දවාලමින්. ‌මේ තරගයේදී රෂිඩ් ඔහුගේ සීමිත ඕවර හතර තුළ ලකුණු 34කට කඩුලු 2ක් ලබා ගත් අතර ඔහුට ගොදුරු වූ අනෙක් පිතිකරුවා වූ‌යේ ඩිනේෂ් කර්තික්.


3a2754d0 e336 11ef bb6d d9439f19ed70.jpg
T20 තරග 461කට ක්‍රීඩා කර තිබෙන රෂිඩ් 18.07ක සාමාන්‍යකින් යුතුව කඩුලු 633ක් ලබා ගෙන සිටිනවා. බ්‍රාවෝ ඔහුගේ කඩුලු 631 ලබා ගත්තේ 24.40ක සාමාන්‍යයක් සටහන් කරමින්.

මේ දෙදෙනාට පිටුපසින් සිටින අනෙක් T20 සුපරි දඟ පන්දු යවන්නන් වනුයේ කඩුලු 574ක් ලබා ගෙන සිටින කොදෙව් පිලේ සුනිල් නාරයින් සහ කඩුලු 531ක් වාර්තා කර ඇති දකුණු අප්‍රිකාවේ ඉම්රාන් ටහිර්. බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන් ලබා ගෙන තිබෙන කඩුලු ප්‍රමාණය 492ක්.

රෂිඩ් ඛාන් 2015 වසරේ ඔක්තෝබරයේ ප්‍රථම වතාවට විස්සයි20 ක්‍රිකට් තරග බිමට පිවිසෙන විට එහි වැඩිම කඩුලුලාභියාව සිටියේ ලසිත් මාලිංග. ඉන්පසු වසරේ අප්‍රේල් මාසයේදී ඩ්වේන් බ්‍රාවෝ එම කිරුළ හිමිකර ගත්තේ කඩුලු 300ක් ලබා ගත් පළමුවැන්නා බවට පත්වෙමින්. වසර අටක් හා මාස දහයකට ආසන්න කාලයක් T20 ක්‍රීඩාවේ පන්දු යවන්නන් අතර ඉහළින්ම වැජඹීමට 31 හැවිරිදි බ්‍රාවෝ සමත් වුණා.

රෂිඩ් ට තවමත් වයස අවුරුදු 26ක් වන බැවින් සිය වාර්තාවට තවත් කඩුලු එක්කර ගෙන බ්‍රාවෝ ට වඩා වැඩි කාලයක් කිරුළ රැකගෙන සිටීමට අවශ්‍ය කාලය රෂිඩ් ට තිබෙනවා.

download 2

ලොව පුරා ක්‍රිකට් ලීගයන් වැඩියෙන්ම තමන් සතුකර ගැනීමට කැමති ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින රෂිඩ් ඛාන් IPL (ඉන්දියා ප්‍රිමිය ලීගය) හා PSL (පාකිස්තාන සුපර් ලීගය) ශුරතාවක් බැගින් දිනා ගෙන සිටින අතර ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි දී ඔහු නිතර කියැවෙන නාමයක් බවට පත්ව සිටියේ ලකුණු 17කට කඩුලු 6ක හොඳම දක්ෂතාවක් ඇතුළුව Strikers කණ්ඩායම වෙනුවෙන් තරග 69කට ක්‍රීඩා කරමින්.

පා දඟ ගුග්ලි පන්දු යවන මේ සුපිරි පන්දු යවන්නා විසි වතාවක් කඩුලු හතරක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන තිබෙනවා.

rashid khan helicopter bcci 625x300 1527310633751

රෂිඩ් ඛාන්ගේ පිතිකරණය ද වර්ධනය වී තිබෙන්නේ ඔහු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත් කරමින්. ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා වඩාත්ම කැපී පෙනුනේ 2018 IPL තරගාවලියේ. එහිදී ඔහු පන්දු 10කින් ලකුණු 34ක් රැස් කරමින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 170ක මුළු ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාමෙන් පසුව එය ආරක්ෂා කර ගැනීමට උපකාරී වූයේ ලකුණු 19කට කඩුලු 3ක් ලබා ගැනීමට අමතරව උඩ පන්දු දෙකක් ද රැක ගනිමින්.

ඔහුගේ ක්‍රීඩාවේ තිබෙන බලපෑම කොතරම් ද යත්, රෂිඩ්ගේ වර්තමාන IPL කණ්ඩායම වන ගුජරාට් ටයිටන්ස් අමෙරිකානු ඩොලර් මිලියන 1.8ක් වැය කරමින් ඔහුගේ සේවය රඳවා තබා ගත්තා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...