The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලාන ටිකට් අලෙවිය ඇරඹේ: ශ්‍රී ලංකාවේ තරග සඳහා අවම මිල රුපියල් දාහයි

T

The Leader Desk

December 12, 2025 • 11:15 AM

T20 ලෝක කුසලාන ටිකට් අලෙවිය ඇරඹේ: ශ්‍රී ලංකාවේ තරග සඳහා අවම මිල රුපියල් දාහයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර මිල ගණන් රුපියල් 1000 (අමෙරිකානු ඩොලර් 3.26) සිට ආරම්භ වනවා.
  • තරග නැරඹීමට එන පිරිස වැඩි කිරීමේ අරමුණින් නියම කර ඇති මේ මිල ගණන් එතිහාසික අඩුවීමක් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) ප්‍රකාශ කරනවා.
  • පෙබරවාරි 7 වැනිදා ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ආරම්භ වන තරගාවලිය සඳහා ප්‍රවේශ පත් අලෙවියේ පළමු අදියර ඊයේ (දෙසැම්බර් 11) පස්වරු 6.45 ට ආරම්භ වුනා.
  • ටිකට් අලෙවි කිරීමේ දෙවැනි අදියරේ දිනයන් ළඟදීම නිවේදනය කරන බව ICCය ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


තරගාවලියේ අනෙක් සත්කාරක රට වන ඉන්දියාවේ සමහර ක්‍රීඩාංගණවල පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත් මිල ගණන් ආරම්භ වන්නේ ඉන්දියානු රුපියල් 100න් (ඩොලර් 1.11). තරග නැරඹීමට එන පිරිස වැඩි කිරීමේ අරමුණින් නියම කර ඇති මේ මිල ගණන් එතිහාසික අඩුවීමක් බව ජාත්‍යන්තර
ක්‍රිකට් කවුන්සලය (ICC) ප්‍රකාශ කරනවා.

t20 chio

පෙබරවාරි 7 වැනිදා ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ආරම්භ වන තරගාවලිය සඳහා ප්‍රවේශ පත් අලෙවියේ පළමු අදියර ඊයේ (දෙසැම්බර් 11) පස්වරු 6.45 ට ආරම්භ වුනා. ටිකට් අලෙවි කිරීමේ දෙවැනි අදියරේ දිනයන් ළඟදීම නිවේදනය කරන බව ICCය ප්‍රකාශ කරනවා. ප්‍රවේශ පත් tickets.cricketworldcup.com වෙතින් මිලදී ගත හැකි බව නිවේදනය කෙරෙනවා. මිලියන දෙකකට වැඩි ප්‍රවේශ පත් සංඛ්‍යාවක් අලෙවියට තැබෙනු ඇතැයි වාර්තා වනවා.

ලබන වසරේ පැවැත්වෙන තරගාවලිය ආරම්භ වන්නේ පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹදී පැවැත්වෙන තරගයෙන්. ඉන්පසුව එදිනම බටහිර ඉන්දීය කොදෙව් හා බංග්ලාදේශය කොල්කටා හිදී ද, ඉන්දියාව හා අමෙරිකාව මුම්බායි හිදී ද තරග වදිනවා.

 

මේ ජනප්‍රිය තරගාවලිය ඉන්දියාව සමග සමසත්කාරකත්වයෙන් පැවැත්වීමට හැකිවීම පිළිබඳව ඉතාමත් ආඩම්බර වන බවත් ලොව සතර දෙසින් අපේ
ක්‍රීඩාංගණවලට පැමිණෙන ක්‍රිකට් ලෝලීන් සාදරයෙන්පිළිගැනීමට මහත් උනන්දුවෙන් බලා සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසනවා.

Ashley 1ඈෂ්ලි ද සිල්වා


“ටිකට් විකිණීමේ පළමු අදියර දැන් ආරම්භ වී ඇති බැවින්, තරගාවලියේ එක මොහොතක් හෝ මගහැරී නොයාම සහතික කර ගැනීම පිණිස කළින්ම තමන්ගේ ප්‍රවේශ පත් ස්ථිර කරගන්නා ලෙස අපි හැමදෙනාවම උනන්දු කරවනවා” යනුවෙන් ඔහු කියා සිටිනවා.

“ක්‍රීඩා ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම උණුසුම් ව්‍යුහය (විස්සයි20) සමරද්දී අපේ ක්‍රීඩාංගණ දැඩි උද්යෝගය හා ශක්තියෙන් ප්‍රාණවත් වනු දැකීමට අපි මහත් ආශාවෙන් බලා සිටිනවා. මේ ලෝක කුසලානය ඉහළම ස්තරයේ ක්‍රිකට් ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කරනවා පමණක් නොව එය උණුසුම්, ත්‍රාසය දනවන හා අමතක නොවන ක්‍රිකට් ඉසව්වක් ලෙසින් ශ්‍රීලංකාව ට තිබෙන කීර්තිය යළි සහතික කිරීමක් ද වනවා.”

පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 20ක් සහභාගි වන අතර තරගාවලිය තරග 55කින් සමන්විතයි.

561211192 1241153851154207 6391386761846870052 n
ශ්‍රී ලංකාවේ තරග කොළඹ ආර්.ප්‍රේමදාස හා එස්.එස්.සී. හා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයන්හි පැවැත්වෙන අතර ඉන්දියාවේ තරග පැවැත්වෙන්නේ නරේන්ද්‍ර මෝදි (අහමදාබාද්), එම්.ඒ. චිදම්බරම් (චෙන්නායි), අරුන් ජයිට්ලි (නවදිල්ලිය), වන්කඩේ (මුම්බායි) සහ ඊඩ්න් ගාඩ්න්ස් (කොල්කටා) යන
ක්‍රීඩාංගණවලයි.

 

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...