The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගීඩ් ප්‍රියන්දන: ඉන්දුනීසියානු වේග පන්දු යවන්නා T20 ඕවරයක කඩුලු 5ක් ලබා ගත් පළමුවැන්නා වෙයි

T

The Leader Desk

December 24, 2025 • 3:29 PM

ගීඩ් ප්‍රියන්දන: ඉන්දුනීසියානු වේග පන්දු යවන්නා T20 ඕවරයක කඩුලු 5ක් ලබා ගත් පළමුවැන්නා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දුනීසියාවේ ගීඩ් ප්‍රියන්දන (Gede Priandana) ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ මෙතෙක් නොදුටු
  • මේ 28 හැවිරිදි වේග පන්දු යවන්නා ජාත්‍යන්තර T20 ක්‍රීඩාවේ එක් ඕවරයකදී කඩුලු පහක් ලබා ගත් ලොව පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වීමට සමත් වුනා.
  • ඔහු මේ ‌ෙඑතිහාසික වික්‍රමය සටහන් කළේ කාම්බෝජියාව ට එරෙහිව බාලි හිදී පැවැත්වෙන තරග අටකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවක ආරම්භක තරගයේ.
  • පළමුව පන්දුවට පහර දුන් ඉන්දුනීසියාව කඩුලු 5ක් දැවී ලකුණු 167ක් රැස් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

පන්දු යැවීමකින් ඔහුගේ නම වාර්තා පොතට ඇතුළත් කර ගත්තා.

මේ 28 හැවිරිදි වේග පන්දු යවන්නා ජාත්‍යන්තර T20 ක්‍රීඩාවේ එක් ඕවරයකදී කඩුලු පහක් ලබා ගත් ලොව පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වීමට සමත් වුනා. ඔහු මේ ‌ෙඑතිහාසික වික්‍රමය සටහන් කළේ කාම්බෝජියාව ට එරෙහිව බාලි හිදී පැවැත්වෙන තරග අටකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවක ආරම්භක තරගයේ.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දුනීසියාව කඩුලු 5ක් දැවී ලකුණු 167ක් රැස් කළා. ප්‍රියන්දන ඉනිම ආරම්භක කළ ද ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි. පිළිතුරු වශයෙන් කාම්බෝජියාව ට ඔවුන්ගේ පළමු කඩුලු දෙක අඩු මුළු ලකුණු ප්‍රමාණයකට අහිමි වූ අතර 16 වැනි ඕවරය වන විට ඔවුන් 106/5 ලකුණු තත්ත්වයට පත්ව සිටියා.

ප්‍රියන්දන ක්‍රියාත්මක වූයේ මේ අවස්ථාවේදීයි. සිය පළමු පන්දු තුනෙන් කඩුලු ත්‍රිත්වයක් (හැට්-ට්‍රික්) සම්පූර්ණ කළ ඔහු ලකුණු ලබා නොදුන් පන්දුවකින් පසුව තවත් කඩුලු දෙකක් ලබා ගනිමින් තරගය අවසන් කළේ එම ඕවරයේදී එක ලකුණක් පමණක් ලබා දෙමින්. ඒ ලකුණ ද ‘වයිඩ්’ පන්දුවකින් සටහන් වූ අතර කාම්බෝජියාව ජයග්‍රාහී ඉලක්කයට ලකුණු 60ක් අඩුවෙන් දැවී ගියා.

ඕවරයකදී කඩුලු පහක් ලබා ගැනීමක් මීට පෙර වාර්තා වී තිබෙන්නේ පිරිමි දේශීය විස්සයි20 ක්‍රිකට් පිටියේ පමණයි. ඒ, බංග්ලාදේශයේ අල්-අමින් හොසේන් (වසර 2013-14) සහ ඉන්දියාවේ අභිමන්යු මිතුන්ගෙන් (2019-20). එහෙත් ජාත්‍යන්තර වේදිකාවේ එම දක්ෂතාව වාර්තා වූයේ ප්‍රථම වතාවටයි.

මේ දක්වා ජාත්‍යන්තර T20 තරග බිමේ හොඳම පන්දු යැවීම වී තිබුණේ ඕවරයකදී කඩුලු 4ක් ලබා ගැනීමයි. ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග 2019 වසරේ නවසිලන්තය ට එරෙහිව පන්දු හතරකින් කඩුලු 4ක් ලබා ගැනීම ඇතුළුව ජාත්‍යන්තර විස්සයි20 තරගවලදී පන්දු යවන්නන් එක් ඕවරයකදී කඩුලු හතරක් ලබා ගත් අවස්ථාවන් 14ක් සටහන්ව තිබෙනවා. නමුත් කඩුලු 5ක් ලබා ගත් පළමු වැන්නා ගීඩ් ප්‍රියන්දන යි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...