The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20: මතීෂ පතිරණ ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු තරගය කණපිට හරවයි

T

The Leader Desk

February 18, 2024 • 4:23 AM

T20: මතීෂ පතිරණ ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු තරගය කණපිට හරවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතීෂ පතිරණගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ (17) පැවති පළමු 20/ 20 තරගයෙන් ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ පළමු 20/ 20 තරගයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින් අතර දැඩි උනන්දුවක් පැවති බවයි.
  • ඉන් පසුව කුසල් මෙන්ඩිස් සමග එක්වු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.
  • නැවත වරක් ක්‍රියාත්මක වූ ෆසාල්හක් ෆාරුකි විසින් ලකුණු 10ක් ලබා ගෙන සිටි කුසල් මෙන්ඩිස් දවා ගන්නා විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුනේ පන්දුවාර 4 යි එක් පන්දුවකදී ලකුණු 36 කට කඩුලු දෙකක් ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ජාත්‍යන්තර 20/ 20 ක්‍රිකට් තරගය නැරඹීමට ප්‍රේක්ෂකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ පළමු 20/ 20 තරගයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින් අතර දැඩි උනන්දුවක් පැවති බවයි.

pall 7
කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක ඊබ්‍රාහිමි සර්දාන් ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පිටියට පිවිසෙන ලදී.

සාර්ථක නොවූ ආරම්භය

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දු වාරයේ දීම ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගැනීමට ඇෆ්ගනිස්ථානයේ ෆසාල්හක් ෆාරුකි සමත් විය.


එක්දින තරගාවලිය පුරාවට සාර්ථක වූ පැතුම් නිස්සංක ගේ දැවී යාම ඇෆ්ගනිස්ථානයට මහත් අස්වැසිල්ලක් ගෙන දීමට සමත් වුණි.

ඉන් පසුව කුසල් මෙන්ඩිස් සමග එක්වු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

නැවත වරක් ක්‍රියාත්මක වූ ෆසාල්හක් ෆාරුකි විසින් ලකුණු 10ක් ලබා ගෙන සිටි කුසල් මෙන්ඩිස් දවා ගන්නා විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුනේ පන්දුවාර 4 යි එක් පන්දුවකදී ලකුණු 36 කට කඩුලු දෙකක් ලෙසයි.

ඉන් අනතුරුව ලකුණු 24ක් ලබා ගෙන සිටි ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිමේ තෙවන කඩුල්ල ලෙස දැවී ගිය අතර චරිත් අසලංක ලකුණු 03 කට දැවී ගියේ නුර් අහමඩ් ගේ පන්දුවක් හමුවේයි.

වනිදුගේ නායකත්ව ඉනිම

පන්දු වාර 7 යි පන්දු 2 ක් අවසානයේදී ලකුණු 55 කට කඩුලු 04ක් දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරූ අඩියකට පත්වුණි.

එලෙස අසීරු තත්ත්වයක පසුවූ ශ්‍රී ලංකා ඉනිමට අස්වැසිල්ලක් ගෙන ඒමට නායක වනිදු හසරංග සමත් වුයේ සධීර සමරවික්‍රම සමග එක්වෙමිනි.

ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු සංඛ්‍යාව 72කි.

එහිදී වනිදු හසරංග ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රබල ප්‍රති ප්‍රහාරයක් දියත් කළේ පන්දු 32 කදී ලකුණු 67ක් රැස් කරමිනි. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 03ක් සහ හතරේ පහරවල් 07ක් ඇතුළත් විය.

pall 8
කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීමට නායක වනිදු හසරංග සමග එක්වී ප්‍රබල දායකත්වයක් දැක්වූ සධිර සමරවික්‍රම දුවද්දී දැවී ගියේ ලකුණු 25ක් රැස් කර ගෙන සිටියදීයි.

ඉන් පසුව වනිදු හසරංග ලකුණු 67 කට දැවි ගියේ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 16ක් අවසානයේ දී ලකුණු 146 කට කඩුලු 06ක් ලෙස තිබියදීයි.

වනිදු හසරංග ගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 14ක් එක්වෙද්දී සෙසු පිතිකරුවන් සිව්දෙනා දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුයේ පන්දු වාර 19කදි සියලු දෙනා දැවි ලකුණු 160ක් ලෙසයි.

ඇෆ්ගනිස්ථානයේ ලකුණු හඹා යෑම

ලකුණු 161ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් පළමු පන්දු වාර 06 අවසානයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් විසින් යවන ලද දෙවන පන්දුවාරයේදී රහමනුල්ලා ගුර්බාස් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

ඊයේ  තරගයේ පළමු පන්දු වාර කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතුණි. ඒ හේතුවෙන් ඔවුන් අතින් අවස්ථා කිහිපයකදී අතිරේක ලකුණු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ලකුණු පුවරුවට එක්විය.

ඊබ්‍රාහිම් සර්දාන් සහ ගුලාබ්දීන් නායිබ් එක්ව ඇෆ්ගිස්ථාන ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 43ක සාර්ථක සබඳතාවයට තිත තැබීමට වනිදු හසරංග සමත් විය.

ලකුණු 16ක් රැස් කරගෙන සිටි ගුලාබ්දින් නායිබ් ගේ කඩුල්ල දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණි.

pal 9
ඉන් පසුව පිටියට පැමිණි අස්මතුල්ලා ඕමර්සායි ලකුණු දෙකකට දවා ගැනීමට මතීෂ පතිරණ සමත් විය.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ 12 වන පන්දු වාරය යැවීමට පැමිණි දසුන් ශානක පිට පිට පන්දු දෙකකදී ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් දෙදෙනෙකු දවා ගැනීමට සමත් වුණි.

දසුන් ශානක විසින් මොහොමඩ් නායිබ් සහ නජිබුල්ලා සර්දාන් දවා ගන්නා විට ඇෆ්ගනිස්ථාන ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 12 යි පන්දු 3 කදී ලකුණු 86 කට කඩුලු 05ක් ලෙසයි.

තරගය කණපිට හැරවූ මතිෂ පතිරණ

නායක ඊබ්‍රාහිම් සර්දාන් සමග එක්වූ කරීම් ජනාත් සයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක් එක් කිරීමට සමත් විය.

කෙසේ වුවත් ඇෆ්ගනිස්ථාන ඉනිමේ 17 වන පන්දු වාරයේදී මතිෂ පතිරණ විසින් ලකුණු 20ක් රැස් කරගෙන සිටි කරීම් ජනාත් ගේ කඩුල්ල දවා ගනු ලැබුවේය.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ 18 වන පන්දුවාරයේ දී මහිෂ් තීක්ෂණ විසින් ලකුණු 07ක් රැස් කරගෙන සිටි කායිස් අහමඩ් ගේ කඩුල්ල දවා ගත්තේය. ඒ වන විට ඇෆ්ගනිස්ථාන ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 07 කට ලකුණු 137ක් ලෙසයි.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ 19 වන පන්දු වාරය යවමින් මතිෂ පතිරණ කඩුලු දෙකක් දවා ගනු ලැබුවේ තමන්ගේ පන්දු වාර 04 තුලදී ලකුණු 24 කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වෙමිනි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට අවසාන පන්දුවාරයේ දී ලකුණු 11ක් අවශ්‍යව තිබුණි.

එම අවසන් පන්දු වාරය යැවු බිනර ප්‍රනාන්දු ලකුණු 06ක් පමණක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට ලකුණු 04ක තියුණු ජයග්‍රහණයක් ලබා දුන්නේ ඇෆ්ගනිස්ථාන ඉනිම පන්දු වාර 20 කදී කඩුලු 09කට ලකුණු 156 කට සීමා කරමින්ය.

මතීෂ පතිරණ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.



19 වැනි ඕවරය ගැන මතීෂ පතිරණ කියයි

තීරණාත්මක 19 වැනි පන්දුවාරයේ දී ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩාම වෙත හරවා ගැනීම තම අරමුණ වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පවසයි.

ඊයේ (17) තරගයෙන් අනතුරු ව අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේ ය. 

"19 ඕවරේ දී දෙපැත්ටම ගේම් එක තිබ්බේ. ඕන වෙලා තිබ්බේ මැච් එක දිනවන්න. මම ගොඩක් වෙලාවට බැලුවේ මැච් එක අපේ පැත්තට හරවා ගන්න. මම හිතුවා ඒක කරා කියලා."

"ඇත්තට ම බිනුර අයියා ගොඩක් හොඳ ඕවර් එකක් දැම්මේ. බිනුර අයියාගේ අත්දැකීම් ගොඩක් පාවිච්චි කළා. එයාගේ කලින් ඕවර් තුනේ ලකුණු ගිහිල්ලා තිබුණත් අන්තිම ඕවර් එකේ ඇවිල්ලා හොඳට ම දැම්මා. මම හිතන්නේ ඒ ඕවර් එකෙන් තමයි අපි මැච් එක දින්නේ."

"ඇත්තට ම අපේ කණ්ඩායමේ ටාගට් එක වෙලා තිබුණේ, 170ට වැඩිය යන්න. ඉතින් අපිට ඒක කරගන්න බැරි වුණා. ලකුණු 10ක් 15ක් ශෝට් වුණා. ඉතින් ඒක කියලා බෑ අපි තරගය දිනන්න නම්, අපි හොඳට කරන්න ඕනේ. ඒක හින්දා මම හිතන්නේ ගොඩක් ලොකුවට ඔළුවට ගත්තේ නෑ."

"ඩෙබියු එකෙන් පස්සේ මට ගොඩක් අවස්ථා ලැබුණා ලීග්වලට ගිහිල්ලා එවගේ සෙල්ලම් කරන්න. ඒ ක්‍රීඩකයෝ එක්ක වැඩ කරන්න මම ලංකාවේ ඉද්දි වැඩ කළා අපේ කෝච්ලා එක්ක. ඒ පොඩි පොඩි වෙනස්කම් කරගෙන තමයි දෙවෙනි 20යි 20 තරගය අද ක්‍රීඩා කළේ."

"පන්දු යැවීමේ වේගය වැඩි කරගන්න කියලා විශේෂයෙන් මොකුත් කළේ නෑ. කලින් කරාට වැඩිය පොඩ්ක් මහන්සි වෙලා ජිම් ශෙෂන්ස් කරා. වැඩිපුර බෝල් කරන්න බෝල් කරන්න තමයි පන්දු යැවීමේ වේගය පුළුවන්. ඒ වගේ පොඩි පොඩි දේවල් කරලා තමයි පන්දු යැවීමේ වේගය වැඩි වෙලා තියෙන්නේ." 

"හයියෙන්ම දාන්න ඕනේ කියලා හිතලා හැම බෝලයක්ම දාන්නේ නෑ. මම මගේ රිදම් එකට ඇවිල්ලා බෝලේ දානවා. එතකොට ඒක සමහර වෙලාවට ගොඩක් වේගයෙන් යන්න පුළුවන්. ඊට වැඩිය අඩුවෙන් යන්නත් පුළුවන්."

"මම ආපු කාලයේ ඉඳලම මම වේගයෙන් පන්දු යැව්වා. ඒකම තමයි වැඩිදියුණු කරගන්න කිව්වේ"


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...