The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලසිත් මාලිංග: ශ්‍රී ලංකා වේග පන්දුව ශක්තිමත් කරන්න T20 ලෝක කුසලාන ජයග්‍රාහී නායකයා කැඳවයි

T

The Leader Desk

December 31, 2025 • 12:11 PM

ලසිත් මාලිංග: ශ්‍රී ලංකා වේග පන්දුව ශක්තිමත් කරන්න T20 ලෝක කුසලාන ජයග්‍රාහී නායකයා කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේග පන්දුවේ පුරාවෘත්තයක් වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක වේග පන්දු පුහුණුකරු ලෙස පත්ව සිටිනවා. ඔහුට මේ තනතුර ලබා දී තිබෙන්නේ 2026 විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කරගෙනයි.
  •   ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ තරග 84කින් කඩුලු 107ක් ලබා ගෙන සිටින මාලිංග වඩාත්ම ජනප්‍රියව සිටින්නේ තරගයේ අවසන් තීරණාත්මක ඕවරවල ශිල්ප දක්වන ප්‍රායෝගික බුද්ධියෙන් පන්දු යවන්නෙකු ලෙසින්.
  • 2021 වසරේදී සියලු ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව මේ 42 හැවිරිදි වේග පන්දු යවන්නා T20 ෆ්‍රන්චයිස් ලීගයන්හි උපදේශකයෙකු හා පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කර තිබෙනවා.
  • ඔහු 2022 වසරේ ද ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ උපක්‍රමශීලී පුහුණුකරු ලෙස කාර්යභාරයක් ඉටු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝක කුසලාන තරගාවලියට සූදානම් වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බලඇණිය ශක්තිමත් කිරීමට මාලිංගගේ සහාය ලබා ගැනීම පිණිස දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 25 දක්වා බලපැවැත්වෙන පරිදි කෙටි වාර පදනමක් යටතේ මේ පත්වීම සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් මගින් ප්‍රකාශ කරනවා.

ඉන්දියාව ට එරෙහිව 2014 වසරේදී ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව කරා මෙහෙයවූ ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ගෙන එන්නේ වේග පන්දු යැවීමේ හැකියාවේ පොහොසත් පළපුරුද්දක්.

 

1564162883 lasith malinga retires

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ තරග 84කින් කඩුලු 107ක් ලබා ගෙන සිටින මාලිංග වඩාත්ම ජනප්‍රියව සිටින්නේ තරගයේ අවසන් තීරණාත්මක ඕවරවල ශිල්ප දක්වන ප්‍රායෝගික බුද්ධියෙන් පන්දු යවන්නෙකු ලෙසින්. 2021 වසරේදී සියලු ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව මේ 42 හැවිරිදි වේග පන්දු යවන්නා T20 ෆ්‍රන්චයිස් ලීගයන්හි උපදේශකයෙකු හා පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කර තිබෙනවා.

ඔහු 2022 වසරේ ද ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ උපක්‍රමශීලී පුහුණුකරු ලෙස කාර්යභාරයක් ඉටු කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...