The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියා පිලේ ශ්‍රී ලංකා සංචාරය: ‘ඩිට්වා’ ආධාර රැස්කිරීමේ T20 තරග දෙකක්

T

The Leader Desk

January 3, 2026 • 1:55 PM

ඉන්දියා පිලේ ශ්‍රී ලංකා සංචාරය: ‘ඩිට්වා’ ආධාර රැස්කිරීමේ T20 තරග දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් සඳහා ලබන අගෝස්තුවේ ශ්‍රී ලංකාව ට පැමිණෙන ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම එම සංචාරයේදී
  • ඩිට්වා කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මුදල් රැස්කිරීම පිණිස මේ තරග දෙක පැවැත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
  • ඩිට්වා කුණාටුවෙන් ශ්‍රී ලංකාව ට අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක අලාභහානී සිදුවූ අතර පුද්ගලයින් 600කට ජීවිත අහිමි වුණා.
  • නව සැලසුම් යටතේ 2026 අගෝස්තු මාසයට යෙදෙන ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ටෙස්ට් තරග දෙකක් හා ජාත්‍යන්තර විස්සයි20 තරග දෙකකින් සමන්විත වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ටෙස්ට් තරගමාලාවට අමතරව ජාත්‍යන්තර විස්සයි20 තරග දෙකක් ක්‍රීඩා කිරීමට එකඟ වී තිබෙනවා.

ඩිට්වා කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකා ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මුදල් රැස්කිරීම පිණිස මේ තරග දෙක පැවැත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

සුළිසුළඟෙන් විපතට පත්වූ ජනතාවගේ සුබ සාධන කටයුතුවලට මුදල් රැස් කිරීමේ අරමුණින් මේ තරග දෙක පැවැත්වීමට කළින් සැලසුම් කර තිබුනේ දෙසැම්බර් 27 හා 29 යන දිනවල බවත් නමුත් එම තරගවලින් උපරිම අදායම් ඵල නෙලා ගැනීමට හැකිවන පරිදි ඒවා සංවිධානය කිරීමට කල් නොතිබුණු බැවින් එම තරග මෙසේ කල්දැමීමට සිදුවූ බවත් ශම්මි සිල්වා මහතා ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළා.

ඩිට්වා කුණාටුවෙන් ශ්‍රී ලංකාව ට අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක අලාභහානී සිදුවූ අතර පුද්ගලයින් 600කට ජීවිත අහිමි වුණා.

නව සැලසුම් යටතේ 2026 අගෝස්තු මාසයට යෙදෙන ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ටෙස්ට් තරග දෙකක් හා ජාත්‍යන්තර විස්සයි20 තරග දෙකකින් සමන්විත වනවා.

මේ අතර, ලබන සතියේ දඹුල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ජාත්‍යන්තර විස්සයි20 තරග තුනෙන් ලැබෙන ආදායම ඩිට්වා සුළිසුළඟින් ශ්‍රී ලංකාව යළි නැගිටීමේ අරමුදලට පරිත්‍යාග කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...