The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලානය: ඉන්දියාවට නොයන්න බංග්ලාදේශය තීරණය කරයි

T

The Leader Desk

January 4, 2026 • 4:39 PM

T20 ලෝක කුසලානය: ඉන්දියාවට නොයන්න බංග්ලාදේශය තීරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන මස ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය නොකිරීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබෙනවා.
  • “ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 T20 ලෝක කුසලානය සම්බන්ධයෙන් මෑතකදී හටගෙන තිබෙන සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) අධ්‍යක්ෂ මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද සවස පැවැත්වුණා.
  • පසුගිය පැය 24 තුළ ඇතිවූ සිදුවීම් සැලකිල්ලට ගනිමින් තත්ත්වය විස්තරාත්මකව සමාලෝචනය කළ ක්‍රිකට් මණ්ඩලය ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නියමිත බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ තරගවල සහභාගිත්වය වටා තිබෙන සමස්ත තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානය පළ කර සිටියා.
  • මේ තීරණයට අනුව, බංග්ලාදේශ කණ්ඩායමේ සියලුම තරග ඉන්දියාවෙන් පිට අලුත් තැනක පැවැත්වීම ගැන සලකා බලන ලෙසට BCBය තරගාවලියේ බලධාරීන් වන ICCයෙන් විධිමත්ව ඉල්ලා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් මේ තීරණයට එළඹ සිටින බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ඒ අනුව ඔවුන්ගේ සියලුම තරග ඉන්දියාවෙන් පිට ස්ථානයකට ගෙන යන ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) විධිමත් ඉල්ලීමක් කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසුර් රහ්මාන් ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ ෆ්‍රැන්චයිසියේ IPL සංචිතයෙන් ඉවත් කරන ලෙසට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය නියෝග කිරීමෙන් පසුව උද්ගතව තිබෙන උණුසුම් තත්ත්වය හමුවේ BCBය අද (ඉරිදා) සවස කැඳවූ හදිසි රැස්වීමේදී මේ තීරණය ගෙන තිබෙනවා. එම රැස්වීමෙන් පසුව ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනයයි මේ.

“ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 T20 ලෝක කුසලානය සම්බන්ධයෙන් මෑතකදී හටගෙන තිබෙන සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) අධ්‍යක්ෂ මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද සවස පැවැත්වුණා.

පසුගිය පැය 24 තුළ ඇතිවූ සිදුවීම් සැලකිල්ලට ගනිමින් තත්ත්වය විස්තරාත්මකව සමාලෝචනය කළ ක්‍රිකට් මණ්ඩලය ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නියමිත බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ තරගවල සහභාගිත්වය වටා තිබෙන සමස්ත තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානය පළ කර සිටියා.

ඉන්දියාව ට යන බංග්ලාදේශ නියෝජිත පිරිසගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය හා ඒ පිළිබඳව වැඩිවෙමින් තිබෙන සැලකිලිමත් වීම ගැන කෙරුනු ගැඹුරු තක්සේරුවකින් සහ බංග්ලාදේශ රජයේ උපදෙස්වල අවධානය යොමු කිරීමෙන් පසුව, වර්තමාන තත්ත්වයන් යටතේ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ සංචාරය නොකරණ බවට අධ්‍යක්ෂ මණ්ඩලය නිශ්චය කර තිබෙනවා.

මේ තීරණයට අනුව, බංග්ලාදේශ කණ්ඩායමේ සියලුම තරග ඉන්දියාවෙන් පිට අලුත් තැනක පැවැත්වීම ගැන සලකා බලන ලෙසට BCBය තරගාවලියේ බලධාරීන් වන ICCයෙන් විධිමත්ව ඉල්ලා තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රීඩකයන්, කණ්ඩායමේ නිලධාරීන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හා අනෙක් විශේෂ පුද්ගලයන්ගේ ආරක්ෂාව හා යහ සාධනය සුරක්ෂිත කිරීමට හා කණ්ඩායමට ආරක්ෂාකාරී සහ යෝග්‍ය පරිසරයක ක්‍රීඩා කිරීමට හැකිවීම තහවුරු කිරීම පිණිස එවැනි පියවරක් ගැනීම අවශ්‍ය බවට මණ්ඩලය විශ්වාස කරනවා.
ICCය මේ තත්ත්වය අවබෝධ කරගෙන ඒ සඳහා ඉක්මනින් ප්‍රතිචාර දක්වනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය බලාපොරොත්තු වනවා.”

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...