The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාව සමග T20 ලෝක කුසලාන තරග වර්ජනය අවසන් කරන්නැයි පාකිස්තානයට බංග්ලාදේශයෙන් ඉල්ලීමක්

T

The Leader Desk

February 9, 2026 • 12:00 PM

ඉන්දියාව සමග T20 ලෝක කුසලාන තරග වර්ජනය අවසන් කරන්නැයි පාකිස්තානයට බංග්ලාදේශයෙන් ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව ට එරෙහි පාකිස්තානයේ විස්සයි20 ලෝක කුසලාන තරග වර්ජනයට ලොකු පෙරළියක් එක් කරමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) සභාපති අමිනුල් ඉස්ලාම් පෙබරවාරි 15 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත තරගයේ වර්ජනය අවසන් කරන ලෙසට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මෝසින් නක්විගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.
  • එහිදී බංග්ලාදේශය වෙනුවෙන් පාකිස්තානය දැක්වූ සහයෝගය අගය කළ ඉස්ලාම්, වර්ජනය අවසන් කරන ලෙසට නක්විගෙන් ප්‍රබල ඉල්ලීමක් කර ඇතැයි PCB ආරංචි මාර්ග පැවසූ බව එම වාර්තාවේ සඳහන් වනවා.
  • වර්ජනයෙන් ඉවත් වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන් ද නක්වි ට බල කර තිබෙන බව පැවසෙනවා.
  • මේ නිසා PCBය ඔවුන්ගේ මතය වෙනස් කරනු ඇති බවට සුභවාදී තත්ත්වයක් පෙනෙන්නට තිබුන ද, නක්වි පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරිෆ්ගෙන් අවසන් තීරණයක් ලැබෙන තුරු බලා සිටින බව වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


විදෙස් වාර්තාවකට අනුව, ඉස්ලාම් මේ ඉල්ලීම සිදුකර තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ උපසභාපති ඉම්රාන් කවාජා සහ නක්වි සමග ලාහෝර් නුවර ඊයේ පැවති හමුවේදී.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් පාකිස්තානය දැක්වූ සහයෝගය අගය කළ ඉස්ලාම්, වර්ජනය අවසන් කරන ලෙසට නක්විගෙන් ප්‍රබල ඉල්ලීමක් කර ඇතැයි PCB ආරංචි මාර්ග පැවසූ බව එම වාර්තාවේ සඳහන් වනවා. වර්ජනයෙන් ඉවත් වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන් ද නක්වි ට බල කර තිබෙන බව පැවසෙනවා.

මේ නිසා PCBය ඔවුන්ගේ මතය වෙනස් කරනු ඇති බවට සුභවාදී තත්ත්වයක් පෙනෙන්නට තිබුන ද, නක්වි පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරිෆ්ගෙන් අවසන් තීරණයක් ලැබෙන තුරු බලා සිටින බව වාර්තා වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...