The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලොකු පාඩුවක්: වනිඳු හසරංග T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

T

The Leader Desk

February 11, 2026 • 12:05 PM

ශ්‍රී ලංකාවට ලොකු පාඩුවක්: වනිඳු හසරංග T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පාදයේ ආබාධයක් හේතුවෙන් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වුණා.
  •   ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුශාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරගෙන තිබෙනවා.
  • පසුගිය වසරේ සිම්බාබ්වේ ට එරෙහිව පළමු වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් තරග බිමට පිවිසි හේමන්ත ජාත්‍යන්තර විස්සයි20 තරග තුනකදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.
  • ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ ඊළඟට තරග වදින්නේ ඔ්මානය ට එරෙහිවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන මෙහෙයුමේ ආරම්භක තරගයේදී අයර්ලන්තය ට එරෙහිව ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හසරංග එම තරගයේදී මේ ආබාධයට ලක්වීමෙන් පසුවත් පන්දු යැවූ අතර ඔහු එම තරගයේදී කඩුලු තුනක් ලබා ගැනීමට සමත් වුණා.

 

hasa8346029

ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුශාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරගෙන තිබෙනවා. පසුගිය වසරේ සිම්බාබ්වේ ට එරෙහිව පළමු වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් තරග බිමට පිවිසි හේමන්ත ජාත්‍යන්තර විස්සයි20 තරග තුනකදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ ඊළඟට තරග වදින්නේ ඔ්මානය ට එරෙහිවයි. එම තරගය හෙට (12) පෙරවරු 11.00 ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

යාවත්කාලීන කෙරුණු ශ්‍රී ලංකා සංචිතය:

දසන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, දුශාන් හේමන්ත, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, මතීෂ පතිරණ, ප්‍රමෝද් මදුශාන්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවට ලොකු පාඩුවක්: වනිඳු හසරංග T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට | The Leader