The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලානයෙන් ඉවත්ව යන ඔස්ට්‍රේලියානු පිලේ සම්පාගෙන් වාර්තාගත පන්දු යැවීමක්

T

The Leader Desk

February 21, 2026 • 3:47 PM

T20 ලෝක කුසලානයෙන් ඉවත්ව යන ඔස්ට්‍රේලියානු පිලේ සම්පාගෙන් වාර්තාගත පන්දු යැවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විස්සයි20 ලෝක කුසලාන තරග බිමේ වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන
  • 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (20) පැවති ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිවු වැනි හා අවසාන තරගයේදී සම්පා ඕවර  3.2ක් යවමින් ඕමානයේ  කඩුලු හතරක් ලකුණු 21කට බිඳ හෙලුවා.
  • ඔහුගේ මේ දක්ෂතාව මත ඔස්ට්‍රේලියාව ට ඕවර 16.2ක් ඇතුළත ලකුණු 104කට ඕමානය දවාලීමට හැකිවුණා.
  • මේ කඩුලු හතර සම්පා ට විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ඔහුගේ කඩුලු එකතුව 44 දක්වා ඉහළට ගෙන ඒමට උපකාරී වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රීඩක ඇඩම් සම්පා පත්ව සිටිනවා.

2026 T20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (20) පැවති ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිවු වැනි හා අවසාන තරගයේදී සම්පා ඕවර  3.2ක් යවමින් ඕමානයේ  කඩුලු හතරක් ලකුණු 21කට බිඳ හෙලුවා. ඔහුගේ මේ දක්ෂතාව මත ඔස්ට්‍රේලියාව ට ඕවර 16.2ක් ඇතුළත ලකුණු 104කට ඕමානය දවාලීමට හැකිවුණා.

මේ කඩුලු හතර සම්පා ට විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ඔහුගේ කඩුලු එකතුව 44 දක්වා ඉහළට ගෙන ඒමට උපකාරී වුණා.

T20 ‌ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ හිටපු බංග්ලාදේශ නායක සහ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන්. වසර 2007 සිට 2024 දක්වා කාලය තුළ විස්සයි20 ලෝක කුසලාන තරග 43කට ක්‍රීඩා කළ ෂකිබ් පිතිකරුවන් 50 දෙනෙක් දවාලුවා. සම්පා ඔහුගේ කඩුලු 44 වාර්තා කර තිබෙන්නේ විස්සයි20 ලෝක කුසලාන තරග 25කට ක්‍රීඩා කරමින්.

විස්සයි20 ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ෂකිබ් හා සම්පා ට පසුව ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් (43), ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග (40) හා පාකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩි (39) සිටිනවා.

ඕමානය ට එරෙහිව ලබා ගත් කඩුලු හතරත් සමග සම්පා T20 ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලු හතරක් බැගින් සිවු වරක් ලබා ගත් පළමු පන්දු යවන්නා බවට පත්වුණා.

පන්දු යවන්නන් සිවු දෙනෙක් - ඇන්රිච් නෝට්ජී (දකුණු අප්‍රිකාව), රෂිඩ් ඛාන් (ඇෆ්ගනිස්තානය), සයීඩ් අජ්මාල් (පාකිස්තානය) සහ ෂකිබ් අල් හසන් (බංග්ලාදේශය) T20 ලෝක කුසලාන තරගවලදී තෙවතාවක් කඩුලු හතරේ දක්ෂතාව වාර්තා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වැඩිම ජාත්‍යන්තර විස්සයි20 කඩුලුලාභියා වන ඇඩම් සම්පා 2026 T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පෙබරාවාරි 11 වැනිදා කොළඹදී පැවති ඔස්ට්‍රේලියාවේ පළමු තරගයේදී අයර්ලන්තයට එරෙහිව කඩුලු හතරක් ලබා ගත්ත ද, ඊළඟ තරග දෙකේදී කඩුලු ලබා ගත්තේ නැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...