The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නවසිලන්තයට එරෙහි ලජ්ජා සහගත පිතිකරණයෙන් සමසත්කාරක ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට

T

The Leader Desk

February 26, 2026 • 11:06 AM

නවසිලන්තයට එරෙහි ලජ්ජා සහගත පිතිකරණයෙන් සමසත්කාරක ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ලජ්ජා සහගත පිතිකරණය හේතුවෙන් සමසත්කාරක රට 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ඊයේ ඉවතට විසිවුනේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නවසිලන්තය වෙතින් ලකුණු 61ක නින්දිත පරාජයක් ලබමින්.
  •   නවසිලන්ත ජයග්‍රහණයට මුල් වූයේ දඟ පන්දු ප්‍රහාරය මෙහෙයවමින් තම ක්‍රිකට් දිවියේ හොඳම දක්ෂතාව වාර්තා කර ලකුණු 27කට කඩුලු 4ක් ලබා ගත් රචින් රවින්ද්‍ර.
  • පිතිකරණයේදී ද අංක 3 පිතිකරුවා ලෙසින් ඔහු සිය කාර්යය මැනවින් ඉටු කරමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග පන්දු 22කින් ලකුණු 32ක් රැස් කළා.
  • මේ දෙදෙන හත් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47කින් ලකුණු 84ක අතිශය වැදගත් සබඳතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කිරීමෙන් පසුව නවසිලන්තය 168/7ක මුළු ලකුණු ප්‍රමාණයක් කරා ඉදිරියට තල්ලු කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


‘සුපිරි අට’ තරගයේ ලකුණු 169ක ඉලක්කයක් හඹා යාමේදී, ලකුණු ලබා ගැනීමට දඟලන මුල් පෙල පිතිකරුවන්ගේ අසම්පූර්ණ ක්‍රීඩාව හේතුවෙන් ශ්‍රී ලංකාව 107/8කට සීමා කෙරුණා. මේ පරාජයත් සමග මෙවර තරගාවලියේ තවත් ඉදිරියට යාමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අවසන් වුණා.

 

b456uw54656

නවසිලන්ත ජයග්‍රහණයට මුල් වූයේ දඟ පන්දු ප්‍රහාරය මෙහෙයවමින් තම ක්‍රිකට් දිවියේ හොඳම දක්ෂතාව වාර්තා කර ලකුණු 27කට කඩුලු 4ක් ලබා ගත් රචින් රවින්ද්‍ර. පිතිකරණයේදී ද අංක 3 පිතිකරුවා ලෙසින් ඔහු සිය කාර්යය මැනවින් ඉටු කරමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග පන්දු 22කින් ලකුණු 32ක් රැස් කළා.

ජිමී නීෂාම් වෙනුවට කණ්ඩායමට ඇතුළත් කර තිබූ කෝල් මැක්කොන්චී ද ඔහුගේ වටිනාකම ඔප්පු කරමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමග පන්දු 23කින් නොදැවී ලකුණු 31ක් ලබා ගත් අතර නායක මිචල් සැන්ට්නර් තීරණාත්මක ක්‍රීඩාවක නියැලෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් එල්ල කර පන්දු 26කින් ලකුණු 47ක් රැස් කළා. මේ දෙදෙන හත් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47කින් ලකුණු 84ක අතිශය වැදගත් සබඳතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කිරීමෙන් පසුව නවසිලන්තය 168/7ක මුළු ලකුණු ප්‍රමාණයක් කරා ඉදිරියට තල්ලු කරමින්.

 

rtruy5mr7


ප්‍රතිචාර වශයෙන්, නැවත වතාවක් ශ්‍රී ලංකාවේ පිතිකරණය බිඳ වැටුනේ පෙර තරගයේදී එංගලන්තය ට එරෙහිව ලකුණු 95කට දැවී යාමට සමාන අයුරින්. ලකුණු 168 ආරක්ෂා කිරීමේදී මැට් හෙන්රිගේ 2-1-3-2ක අතිදක්ෂ ‘පවර් ප්ලේ’ පන්දු යැවීම මගින් නවසිලන්තය කලින් ම පළමු ඕවර හයේ ක්‍රීඩාව තම පාලනයට යටත් කර ගත්තා.

හෙන්රි නවසිලන්ත ප්‍රහාරයේ පළමු අධි වේගී පන්දුවෙන් ම පැතුම් නිස්සංකගේ කඩුල්ල බිඳ දැමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අන්දුන් කුන්දුන් කරවමින්. ඉක්බිති හෙන්රි ඔහුගේ ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන්, කමිල් මිෂාර වෙනුවට කැඳවා තිබූ චරිත් අසංලංක (5) දවාලුවා.

 

che678m8im8r7979ujftj

දැඩි අපහසුතාවට පත්වූ ශ්‍රී ලංකාව ට ලකුණු ලබා නොගත් පන්දුකෝඩයක් මධ්‍යයේ පළමු ඕවර හය තුළ රැස් කිරීමට හැකිවූයේ කඩුලු 2ක් දැවී ලකුණු 20ක් පමණයි. මෙය ජාත්‍යන්තර විස්සයි20 තරගයක ශ්‍රී ලංකාවේ දෙවැනියට අඩුම ‘පවර් ප්ලේ’ ලකුණු ප්‍රමාණය වන අතර ඔවුන්ගේ පළමුවැන්න 2022 වසරේ ධරම්සාලා නුවරදී ඉන්දියාව ට එරෙහිව සටහන් කළ කළ ලකුණු 18 ට කඩුලු 3 යි. මීට අමතරව, 2022 වසරේ සිඩ්නි නුවරදී නවසිලන්තය ට ම එරෙහිව වාර්තා කළ 24/4න් පසුව ශ්‍රී ලංකාව ඊයේ ලබා ගත්තේ T20 ලෝක කුසලාන තරගයක ඔවුන්ගේ අඩුම ‘පවර් ප්ලේ’ මුළු ලකුණු සංඛ්‍යාවයි.

t67mi478mi78i

 

‘පවර් ප්ලේ’ ක්‍රීඩාව අවසන් වීමෙන් පසුව ප්‍රහාරය බාරගත් රවින්ද්‍ර, කුසල් මෙන්ඩිස් (11) ‘ස්ටම්ප්’ කිරීමකට ලක් කළා. ඊට පන්දු දෙකකට පසුව, පවන් රත්නායක ද ‘ස්ටම්ප්’ කිරීමට හසුවුණා. රවින්ද්‍ර තවදුරටත් ඔහුගේ සිත් බඳනාසුලු පන්දු යැවීමේ නිරත වෙමින් මුලා කරවන පන්දුවලින් නායක දසුන් ශානක (3) සහ දුශාන් හේමන්ත (3) දවාලුවා.

සැන්ට්නර් නිශ්ශබ්දව ලකුණු 19කට කඩුල්ලක් ලබා ගනිමින් ඔහුගේ පන්දු යැවීම අවසන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ කමිඳු මෙන්ඩිස් (31) දවාලමින් සහ මේ තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉරණම හා නික්ම යාම සංඥා කරමින්.

 

vw6uybw56nu67m
තරගය මුලදී පන්දුවෙන් දැඩි බලපෑමක් එල්ල කිරීමට ශ්‍රී ලංකාව ට හැකිවුණා. පළමුව පන්දුවට පහර දීමේදී නවසිලන්ත ඉනිම මැද කඩා වැටෙමින් ඔ්වර 9.3 හා 12.1 අතරේදී ලකුණු 9කට කඩුලු 4ක් බිඳ වැටුනා. මහීෂ් තීක්ෂණ (30/3) සහ දුෂ්මන්ත චමීර (38/3) ඔවුන්ගේ තියුණු පන්දු යැවීමෙන් නවසිලන්තය ඔ්වර 12.1ක් ඇතුළත 84/6කට අඩු කළා.

කෙසේ වෙතත්, මැක්කොන්චී 17 වැනි ඕවරයේදී ප්‍රතිප්‍රහාරයක් දියත් කරමින් චමීරගේ පන්දුවලට හයේ පහර දෙකක් සහ හතරේ පහරක් එල්ල කරමින් එම ඕවරයේදී ලකුණු 18ක් ලබා ගත්තා. අනතුරුව සැන්ට්නර් 18 වැනි ඕවරයේදී තීක්ෂණ ට බැට දෙමින් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් එල්ල කර එම ඕවරයෙන් ලකුණු 21ක් උදුරා ගත්තේ නවසිලන්තයට යළි ගැම්ම ලබා ගනිමින්. මේ පිතිකරුවන් දෙදෙනාගේ දැඩි ප්‍රහාරයෙන් නවසිලන්තය අවසන් ඕවර  හතරේදී ලකුණු 70ක් රැස් කළා. ඊට පෙර, ආරම්භක පිතිකරු ෆින් ඇලන් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග පන්දු 13කින් ලකුණු 23ක් ද, රවින්ද්‍ර ලකුණු 32ක් ද නවසිලන්ත ඉනිමට එක්කර තිබුණා.

sl490857896

 

මේ වැදගත් ජයග්‍රහණයත් සමග නවසිලන්තය තීරණාත්මක ලකුණු දෙකක් උපයා ගත්තා පමණක් නොව අවසන් පූර්ව වටයේ ස්ථානයක් සහතික වීමේ ආසන්නයට පිවිසියා. පාකිස්තානය ට ඔවුන්ගේ අවසන් පූර්ව සිහින ප්‍රණවත්ව තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව ට එරෙහි අවසාන ‘සුපිරි අට’ තරගයෙන් විශාල ජයග්‍රහණයක් ඔවුන්ට අවශ්‍ය වන අතර එම තරගය සෙනසුරාදා පල්ලෙකැලේදී පැවැත්වෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...