The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සන්ජු සැම්සන් ඉන්දියාව අවසන් පූර්ව වටයට ගෙන යයි: කොදෙව්වෝ T20 ලෝක කුසලානයෙන් සමුගනිති

T

The Leader Desk

March 2, 2026 • 11:07 AM

සන්ජු සැම්සන් ඉන්දියාව අවසන් පූර්ව වටයට ගෙන යයි: කොදෙව්වෝ T20 ලෝක කුසලානයෙන් සමුගනිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සන්ජු සැම්සන්ගේ ලකුණු 97ක නොදැවුනු ඉනිම මත ඉන්දියාව ඊයේ කොල්කටා හිදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු පහකින් පරදවමින් එංගලන්තය ට එරෙහිව මුම්බායි හිදී අවසන් පූර්ව ගැටුමකට වේදිකාව සකස් කර ගත්තා.
  •   පළමුව පන්දුවට පහර දීම පිණිස කැඳවීමෙන් පසුව කොදෙව්වන් අවසන් ඕවර පහේදී එක් කරගත් ලකුණු 70 සමග 195/4ක මුළු ලකුණු ප්‍රමාණයක් වාර්තා කළා.
  • පිට පිට දෙවැනි තරගයේදීත් ඉන්දියා ඉනිම ආරම්භ කළ සැම්සන් ඉලක්කය හඹා යාමේදී නැංගුරම බවට පත්වුණා.
  • ඉන්දියාව 41/2ක් දක්වා අඩුවී සිටියදී සැම්සන් හා නායක සූර්යකුමාර් යාදව් (18) ලකුණු 58ක සබඳතාවකින් ඉනිම ස්ථාවර කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ තීරණාත්මක ‘සුපිරි අට’ තරගයේදී සැම්සන් ඊඩ්න් ගාඩ්න්ස් හිදී 67,000ක සෙනඟක් වශී කරමින් උත්කෘෂ්ට පන්දු 50ක ඉනිමක් ක්‍රීඩා කළේ හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින්.

 

wi1
පළමුව පන්දුවට පහර දීම පිණිස කැඳවීමෙන් පසුව කොදෙව්වන් අවසන් ඕවර පහේදී එක් කරගත් ලකුණු 70 සමග 195/4ක මුළු ලකුණු ප්‍රමාණයක් වාර්තා කළා. ඊට පිළිතුරු වශයෙන්, ඉන්දියාව ට ඉක්මනින් කඩුලු දෙකක් අහිමි වූව ද අවශ්‍ය ලකුණු ලබා ගැනීමේ වේගය පවත්වා ගෙන ගියා.

පිට පිට දෙවැනි තරගයේදීත් ඉන්දියා ඉනිම ආරම්භ කළ සැම්සන් ඉලක්කය හඹා යාමේදී නැංගුරම බවට පත්වුණා. ඉන්දියාව 41/2ක් දක්වා අඩුවී සිටියදී සැම්සන් හා නායක සූර්යකුමාර් යාදව් (18) ලකුණු 58ක සබඳතාවකින් ඉනිම ස්ථාවර කළා.

ඉන්පසුව සැම්සන් සමග එක්වූ තිලක් වර්මා පන්දු 15කින් ලකුණු 27ක දායකත්වයක් ලබා දීමෙන් පසුව 15 වැනි ඔ්වරයේ මුළු ලකුණු 141/4දී දැවී යන විට ඉන්දියාව ට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 55ක් අවශ්‍යව තිබුණා. හාඩික් පාන්ඩ්‍යා ලකුණු 17කට දැවී ගොස් තිබියදීත් සසල නොවූ සැම්සන් ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවූයේ පන්දු හතරක් ඉතිරිව තිබියදී.

ebb5uin

 

ඊට පෙර, ජේසන් හෝල්ඩර් සහ රොව්මාන් පවල් ලකුණු 76ක නොදැවුනු සබඳතාවක් බෙදා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 196ක අභියෝගාත්මක ඉලක්කයක් ලබා දීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට උපකාරී වෙමින්. උපායශීලී පියවරක් ගනිමින් කොදෙව්වන් ඔවුන්ගේ ටෙස්ට් ක්‍රිකට් නායක රොස්ටන් චේස් ට T20 නායක ෂායි හෝප් සමග ඉනිම ආරම්භ කිරීම සඳහා උසස්වීමක් ලබා දුන්නා. මේ හේතුවෙන් නිත්‍ය ආරම්භක පිතිකරු බ්‍රැන්ඩන් කිං කණ්ඩායමෙන් ඉවත් කර දඟ පන්දු යවන අකීල් හොසේන් ඇතුළත් කිරීමට ඔවුන්ට හැකිවුණා.

වැඩිදියුණු කෙරුනු මේ ආරම්භක පිතිකරු යුගලය ස්ථාවර ආරම්භයක් ලබා දෙමින් සිටියදී දඟ පන්දු යවන වරුන් චක්‍රවර්ති ලකුණු 32කට හෝප් දවාලමින් එම සබඳතාව බිඳ දැමුවා.

 

bgh67i6n8i

ශිම්රෝන් හැට්මයර් වේගවත් ලකුණු 27ක් පන්දු 12කින් රැස් කරගෙන සිටියදී ජස්ප්‍රිට් බුම්රාගේ (2/36) පන්දුවකට දැවී ගියේ කොදෙව් ලකුණු පුවරුවේ 102/2ක් සටහන් කරමින්. චේස් (40) හා ශර්ෆේන් රදෆෝඩ් දැවී යාමෙන් පසුව පවල් හා හෝල්ඩර් කොදෙව් ඉනිමේ පසු අවස්ථාවේදී දරුණු ප්‍රහාරයක් එල්ල කළා. පවල් හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමග පන්දු 19කින් නොදැවී ලකුණු 34ක් ලබා ගත් අතර හෝල්ඩර් හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමග පන්දු 22කින් නොදැවී ලකුණු 37ක් රැස් කළා.

789

 

ඉන්දියා කණ්ඩායමේ පන්දු රැකීම එතරම් උසස් තත්ත්වයක නොතිබූ අතර චේස් ලකුණු 15ක් ලබා ගෙන සිටියදී දුන් උඩ පන්දුව ඇතුළුව උඩ පන්දු තුනක් ඔවුන් අතින් ගිලිහුණා.

මේ තරගයට පෙර, මෙවර තරගාවලියේ සිටින එකම අපරාජිත කණ්ඩායම වන දකුණු අප්‍රිකාව කඩුලු පහකින් සිම්බාබ්වේ පරාජය කරමින් බදාදා කොල්කටා හිදී නවසිලන්තය සමග අවසන් පූර්ව තරගයකට පිවිසියා.

2026 විස්සයි20 ලෝක කුසලාන අවසාන මහා තරගය අහමදාබාද් හිදී ලබන ඉරිදා  පැවැත්වෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...