The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දඩ ගැසීමට ලක්ව සිටින පාකිස්තාන ක්‍රීඩකයන් අතර T20 ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභියාත්

T

The Leader Desk

March 4, 2026 • 9:29 AM

දඩ ගැසීමට ලක්ව සිටින පාකිස්තාන ක්‍රීඩකයන් අතර T20 ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභියාත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තාන රුපියල් ලක්ෂ පනහ (ඩොලර් 18,000) බැගින් වන දඩයකට ලක්ව සිටින 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් අතර එම තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන සහිබ්සාඩා ෆර්හාන් ද සිටීම ක්‍රිකට් ලෝකයේ කතාබහට ලක්ව තිබෙනවා.
  • මීට අමතරව ෆර්හාන්, විස්සයි20 ලෝක කුසලාන තනි තරගාවලියක ශතක දෙකක් ලබා ගත් එකම ක්‍රීඩකයා බවට ද පත්ව සිටින්නේ ශ්‍රී ලංකාව ට එරෙහිව ලකුණු 100ක් සහ නැමීබියාව ට එරෙහිව නොදැවී ලකුණු 100ක් රැස් කරමින්.
  •   2009 ශූරයින් වන පාකිස්තානයේ මෙවර ලෝක කුසලාන ගමන ‘සුපිරි අට’ වටයෙන් අවසන් වුනේ ශ්‍රී ලංකාව ට එරෙහිව විශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට අසමත් වීමෙන්.
  • පාකිස්තානය ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පිරිමි තරගාවලියක අවසන් පූර්ව වටයක් මෙවර මඟහැරුනේ අඛණ්ඩව සිවු වැනි වරට.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ පාකිස්තාන ආරම්භක පිතිකරුවා මෙවර තරගාවලියේදී ලකුණු 383ක් වාර්තා කළේ T20 ලෝක කුසලාන තරගාවලියක මෙතෙක් සටහන්ව තිබූ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වූ ඉන්දියාවේ විරාට් කෝලිගේ ලකුණු 319 වාර්තාව බිඳ දමමින්. මීට අමතරව ෆර්හාන්, විස්සයි20 ලෝක කුසලාන තනි තරගාවලියක ශතක දෙකක් ලබා ගත් එකම ක්‍රීඩකයා බවට ද පත්ව සිටින්නේ ශ්‍රී ලංකාව ට එරෙහිව ලකුණු 100ක් සහ නැමීබියාව ට එරෙහිව නොදැවී ලකුණු 100ක් රැස් කරමින්. දඩයට ලක්ව සිටින ක්‍රීඩකයින්ගෙන් කෙනෙකු වන ෆකාර් සමාන් ක්‍රීඩා කළේ තරග දෙකකට පමණයි.

1770181501750 Pakistan Team

 

2009 ශූරයින් වන පාකිස්තානයේ මෙවර ලෝක කුසලාන ගමන ‘සුපිරි අට’ වටයෙන් අවසන් වුනේ ශ්‍රී ලංකාව ට එරෙහිව විශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට අසමත් වීමෙන්. පාකිස්තානය ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පිරිමි තරගාවලියක අවසන් පූර්ව වටයක් මෙවර මඟහැරුනේ අඛණ්ඩව සිවු වැනි වරට.

fined

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට මුදල්මය වශයෙන් දඬුවම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) තීරණය කළේ තරගාවලියේ මූලික වටය යටතේ පෙබරවාරි 15 වැනිදා පැවති ඉන්දියාව ට එරෙහි තරගයේ ලැබූ ලකුණු 61ක පරාජයෙන් පසුව. පාකිස්තානය අවසන් පූර්ව වටයට පිවිසියා නම් එම දඬුවම අහෝසි කිරීමට නියමිතව තිබුණා. එහෙත් ශ්‍රී ලංකාව ට එරෙහි ලකුණු පහක ජයග්‍රහණයට පෙර නවසිලන්තය සමග තරගය වැස්සට සේදී යමින් සහ එංගලන්තය සමග තරගය පරාජය වීමෙන් පසුව ඔවුන්ට ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව අවසන් හතර දෙනා අතරට පිවිසීමට නොහැකි වෙමින් නවසිලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...