The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එකම වෙලාවේ ජාත්‍යන්තර T20 කණ්ඩායම් 2ක් ක්‍රීඩා කරවීමට ඉන්දියාව සැලසුම් කරයි

T

The Leader Desk

April 22, 2026 • 12:19 PM

එකම වෙලාවේ ජාත්‍යන්තර T20 කණ්ඩායම් 2ක් ක්‍රීඩා කරවීමට ඉන්දියාව සැලසුම් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියා ප්‍රිමිය ලීගයෙන් (IPL) ලැබෙන ‘තරගවලට සූදානම්’ ක්‍රීඩකයින්ගේ ස්ථිර සැපයුමෙන් ප්‍රාණවත්ව සිටින ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය නිරතුරුව වර්ධනය වෙමින් තිබෙන ඉන්දියාවේ සහජ කුසලතා ක්‍රිකට් සංචිතය ප්‍රයෝජනයට ගෙන ජාත්‍යන්තර විස්සයි20 තරග සඳහා ඉක්මනින්ම ජාතික කණ්ඩායම් දෙකක් යෙදවීමට පෙළඹී සිටිනවා.
  • මේ හදිසි අවශ්‍යතාව මතුව තිබෙන්නේ විශේෂයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි විස්සයි20 තරගාවලියක් සමග එකම වකවානුවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු මේ වසර අග කාලයේ එක පිට එක වැටී ඇති තරග කාලසටහන් නිසායි.
  •   “ආසියානු ක්‍රීඩා උළෙල සහ ඉන්දියා-කොදෙව් T20 තරගමාලාව තියෙන්නේ එකම කාලයේ.
  • ඒ නිසා අපට T20 කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරවීම ගැන බලන්න වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉදිරියේ එන කාර්යබහුල ජාත්‍යන්තර කැලැන්ඩරයට මුහුණ දීම පිණිස ඉන්දියා ක්‍රිකට් බලධාරීන් දැන් අවධානය යොමු කර තිබෙන්නේ එකවර පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩකයින් 30-35ක සංචිතයක් ගොඩනැගීමට බව වාර්තා වනවා.

මේ හදිසි අවශ්‍යතාව මතුව තිබෙන්නේ විශේෂයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි විස්සයි20 තරගාවලියක් සමග එකම වකවානුවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු මේ වසර අග කාලයේ එක පිට එක වැටී ඇති තරග කාලසටහන් නිසායි. මේ හේතුවෙන් එකම වේලාවේදී තරගකාරී කණ්ඩායම් දෙකක් යෙදවීම ගැන සලකා බැලීමට ක්‍රිකට් තේරීම් නිලධාරීන්ට සිදුව තිබෙනවා.

87tt

 

“ආසියානු ක්‍රීඩා උළෙල සහ ඉන්දියා-කොදෙව් T20 තරගමාලාව තියෙන්නේ එකම කාලයේ. ඒ නිසා අපට T20 කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරවීම ගැන බලන්න වෙනවා. ජාත්‍යන්තර තරගවලට කැඳවිය හැකි 30-35ක ක්‍රිකට් ක්‍රීඩක සංචිතයක් මින් ඉදිරියට තබා ගැනීම වැදගත් වනවා. ළඟ එන අයර්ලන්ත සංචාරය වැනි එක්සත් රාජධානියේ කෙරෙන බොහෝ සංචාර සඳහා දැනට වඩා විශාල ක්‍රීඩක සංඛ්‍යාවක් සංචිතයේ තබා ගන්නවා. මෙය ආසියානු ක්‍රීඩා උළෙල දක්වා දික් කරනවා” යනුවෙන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.

2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙන් ක්‍රිකට් ක්‍රීඩාව ද දැන් බහු-ක්‍රීඩා ඉසව් බවට පත්ව තිබෙන මේ යුගයේ ඉන්දියාවේ මේ පියවර වඩාත් පළල් වූ උපායක් පිළිබිඹු කරනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කණ්ඩායමේ දක්ෂතාවේ ගැඹුර හා සුනම්‍යතාව අත්‍යවශ්‍ය වී තිබෙනවා. මේ ක්‍රියාව අත්හදා බලන වේදිකාවක් ලෙස අයර්ලන්ත සංචාරය යොදා ගැනීමට අපේක්ෂා කෙරෙන්නේ, එහිදී ඇෆ්ගනිස්තානය ට එරෙහි යෝජිත විස්සයි20 තරගමාලාවක් ඇතුළු අනාගත තරගාවලියන්ට පෙර, ඉන්දියා කණ්ඩායමට ඇතුළු වීමේ මාඉමේ සිටින ක්‍රීඩකයින්ව ප්‍රසාරණය කෙරුනු සංචිත රාමුවක් ඇතුළත පරීක්ෂා කිරීමට හැකිවන බැවින්.

මේ කාර්යයේදී, පන්දුව තිබෙන්නේ තමාගේ ඇසට හසුවන මායිමේ නම් එය පිටියෙන් ඉවතට යැවීමේ මන්ත්‍රය පමණක් අනුගමනය කරන 15 හැවිරිදි වයිභව් සූර්යවන්ශි වැනි නැගී එන IPL ක්‍රීඩකයින් කෙරෙහි ඉන්දියා ක්‍රිකට් තේරීම් නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...