එම තරගය පෙබරවාරි 22 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ. තරගය ආරම්භ වන්නේ පස්වරු 3.00 ට.
‘සුපිරි අට’ වටයේ (y) ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රතිවාදීන් දෙදෙනා වන්නේ නවසිලන්තය හා පාකිස්තානය.

ශ්‍රී ලංකා - නවසිලන්ත තරගය පෙබරවාරි 25 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, ශ්‍රී ලංකා - පාකිස්තාන තරගය පෙබරවාරි 28 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර මේ තරග දෙක ම ආරම්භ වන්නේ පස්වරු 7.00 ට.
‘සුපිරි අට’ වටයේ X කොටසට ඉන්දියාව, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව ඇතුළත්ව සිටිනවා.
‘සුපිරි අට’ තරග සටහන
* පෙබරවාරි 21 - නවසිලන්තය හා පාකිස්තානය
* පෙබරවාරි 22 - එංගලන්තය හා ශ්‍රී ලංකාව
* පෙබරවාරි 22 - ඉන්දියාව හා දකුණු අප්‍රිකාව
* පෙබරවාරි 23 - සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව්
* පෙබරවාරි 24 - එංගලන්තය හා පාකිස්තානය
* පෙබරවාරි 25 - නවසිලන්තය හා ශ්‍රී ලංකාව
* පෙබරවාරි 26 - බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව
* පෙබරවාරි 26 - ඉන්දියාව හා සිම්බාබ්වේ
* පෙබරවාරි 27 - එංගලන්තය හා නවසිලන්තය
* පෙබරවාරි 28 - පාකිස්තානය හා ශ්‍රී ලංකාව
* මාර්තු 1 - සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකාව
* මාර්තු 1 - ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව්
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com-වර්නන් ගුණසේකර




