The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 WC බංග්ලාදේශ අර්බුදය හමුවේ පාකිස්තානය ඔවුන්ගේ සහභගිත්වය ගැනත් නැවත සිතා බලාවිද?

T

The Leader Desk

January 19, 2026 • 3:54 PM

T20 WC බංග්ලාදේශ අර්බුදය හමුවේ පාකිස්තානය ඔවුන්ගේ සහභගිත්වය ගැනත් නැවත සිතා බලාවිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන මස ඇරඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ සහභාගිත්වය පිළිබඳ අර්බුදයට
  • ඒ අනුව, බංග්ලාදේශ අර්බුදය විසඳා ගත්තේ නැත්නම් පාකිස්තානය ද ඔවුන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට ඉඩ තිබෙන බව එම වාර්තා සඳහන් කරනවා.
  • “බංග්ලාදේශ රජය ඔවුන්ගේ T20 ලෝක කුසලාන තරගාවලියේ සහභාගිත්වය සම්බන්ධයෙන් සහයෝගය සොයමින් පාකිස්තානයේ නිලධාරීන් අමතා තිබෙන අතර ඔවුන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා” යනුවෙන් ආරංචි මාර්ග පැවසූ බවට එම වාර්තාවේ දැක්වෙනවා.
  • හසීනා ඉන්දියාව ට පලා ගිය අතර ඇය නැවත රටට භාරදෙන ලෙසට කළ ඉල්ලීම් මේ දක්වා නොසලකා හැර තිබෙන්නේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර තිබෙන සබඳතා තවදුරටත් පළුදු කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

මැදිහත්වන ලෙසට බංග්ලාදේශය පාකිස්තානයෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආරක්ෂක හේතුන් මත සිය ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩා කිරීම බංග්ලාදේශ ක්‍රිකට් මණ්ලය  ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව බංග්ලාදේශය රාජ්‍යතාන්ත්‍රික සහ ක්‍රිකට් සහයෝගය ඉල්ලමින් පාකිස්තානය ට සමීප වී තිබෙනවා.

ඒ අනුව, බංග්ලාදේශ අර්බුදය විසඳා ගත්තේ නැත්නම් පාකිස්තානය ද ඔවුන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට ඉඩ තිබෙන බව එම වාර්තා සඳහන් කරනවා. එය එසේ වුවහොත්, දැනටමත් සංකීර්ණව තිබෙන තත්ත්වයට අනපේක්ෂිත අලුත් ප්‍රශ්නයක් එක්වනවා.

“බංග්ලාදේශ රජය ඔවුන්ගේ T20 ලෝක කුසලාන තරගාවලියේ සහභාගිත්වය සම්බන්ධයෙන් සහයෝගය සොයමින් පාකිස්තානයේ නිලධාරීන් අමතා තිබෙන අතර ඔවුන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා” යනුවෙන් ආරංචි මාර්ග පැවසූ බවට එම වාර්තාවේ දැක්වෙනවා. “බංග්ලාදේශ ප්‍රශ්නය විසඳා ගත්තේ නැත්නම් තමන්ගේ සහභාගිත්වය ගැනත් නැවත සලකා බැලීමට ඔවුන්ට හැකි බවට ඔවුන් අඟවා තිබෙනවා.”

බංග්ලාදේශය ඉන්දියාවේ සංචාරය නොකිරීමේ ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කරමින් සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට මේ අලුත්ම තත්ත්වය විසින් නිර්මාණය කරනු ලබන්නේ සැලකිය යුතු අවදානමක්.

හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් නෙරපා දමමින් පසුගිය අගෝස්තුවේ ධකා නුවර සිදුවූ දේශපාලනික ප්‍රචණ්ඩ පෙරළියෙන් පසුව පාකිස්තානය හා බංග්ලාදේශය අතර සබඳතාවන් ප්‍රාණවත් වී තිබෙනවා. හසීනා ඉන්දියාව ට පලා ගිය අතර ඇය නැවත රටට භාරදෙන ලෙසට කළ ඉල්ලීම් මේ දක්වා නොසලකා හැර තිබෙන්නේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර තිබෙන සබඳතා තවදුරටත් පළුදු කරමින්.

ඉස්ලාමාබාද් සහ ධකා අතර ක්‍රිකට් සබඳතා මෑත මාසවලදී වර්ධනය වී තිබෙනවා. මේ ක්‍රිකට් පාලක මණ්ඩල දෙක පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ඉතාමත් සමීපව කටයුතු කළේ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොසින් නක්වි ට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම්ගෙන් ප්‍රබල සහයෝගයක් ලැබෙමින්. ඊට ප්‍රතිඋපකාර කළ නක්වි, එම තරගාවලියට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමක් කැඳවන ලෙසට බංග්ලාදේශය කළ ඉල්ලීමට සහාය දැක්වුවා.

දැන් බංග්ලාදේශය සමග සහයෝගිතාවක් පිළිබඳව පාකිස්තානය සංඥා කිරීමෙන් පසුව, ලෝක කුසලාන ප්‍රශ්නයට ඉක්මනින්ම විසඳුමක් සොයා ගැනීම සඳහා ICCය මුහුණ දී සිටින්නේ විශාල පීඩනයකට. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඔ්නෑම පූර්ණ සාමාජික රටවල් දෙකක් සිදුකරන වර්ජනයකින් ළඟ එන T20 ලෝක කුසලාන තරගාවලිය වැටෙන්නේ පෙර නොවූ විරූ අර්බුදයකට.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :

ICCයෙන් බංග්ලාදේශයට අවසන් නිවේදනයක්: 'ඉන්දියාවේ ක්‍රීඩා කළේ නැත්නම් ඒ වෙනුවට ස්කොට්ලන්තය ගන්නවා'

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

T20 WC බංග්ලාදේශ අර්බුදය හමුවේ පාකිස්තානය ඔවුන්ගේ සහභගිත්වය ගැනත් නැවත සිතා බලාවිද? | The Leader