The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 WC: සිම්බාබ්වේ වේග පන්දු යවන්නෝ ඕමානය වනසති

T

The Leader Desk

February 9, 2026 • 4:00 PM

T20 WC: සිම්බාබ්වේ වේග පන්දු යවන්නෝ ඕමානය වනසති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕමානයට එරෙහිව අද කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන තරගයේදී
  • ලකුණු 104ක ඉලක්කය සිම්බාබ්වේ කඩුලු දෙකක් පමණක් අහිමි කරගෙන ජය ගත්තේ තරගයේ තවත් පන්දු 39ක් ඉතිරිව තිබියදී.
  • එය එල්ල වුනේ ඕමාන අංක 9 පිතිකරු නදීම් ඛාන්ගේ පිත්තෙන්.
  • පාදයේ ආබාධයකට ලක්ව කඩුල්ලෙන් ඉවත්ව යාමට පෙර බ්‍රෙන්ඩන් ටේලර් හතරේ පහර 3ක් සමග පන්දු 30කින් ලකුණු 31ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් තරගය අවසන් වෙද්දී සිය අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී ලකුණු 48ක් ලබා ගෙන සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු අටක පහසු ජයග්‍රහණයක් හිමිකර දෙමින් ඔවුන්ගේ මුල් පෙල වේග පන්දු යවන්නන් තිදෙනා කඩුලු ත්‍රිත්වයක් බැගින් ලබා ගත්තා.

ලකුණු 104ක ඉලක්කය සිම්බාබ්වේ කඩුලු දෙකක් පමණක් අහිමි කරගෙන ජය ගත්තේ තරගයේ තවත් පන්දු 39ක් ඉතිරිව තිබියදී. මේ මුළු තරගයේදී එක් හයේ පහරක් පමණක් සටහන් වීම විශේෂත්වයක්. එය එල්ල වුනේ ඕමාන අංක 9 පිතිකරු නදීම් ඛාන්ගේ පිත්තෙන්.

පාදයේ ආබාධයකට ලක්ව කඩුල්ලෙන් ඉවත්ව යාමට පෙර බ්‍රෙන්ඩන් ටේලර් හතරේ පහර 3ක් සමග පන්දු 30කින් ලකුණු 31ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු බ්‍රයන් බෙනට් තරගය අවසන් වෙද්දී සිය අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී ලකුණු 48ක් ලබා ගෙන සිටියා. පන්දු 36ක ඔහුගේ නොදැවුනු ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්ව තිබුණා.

බෙනට් සහ ටඩිවනාශි මරුමානි පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 19කින් ලකුණු 30ක් එක් කිරීමෙන් පසුව ඒ සිවු වැනි ඕවරයේදී ම සිම්බාබ්වේ දෙවැනි කඩුල්ල බිඳ වැටෙමින් ඩයන් මයර්ස් (0) දැවී ගියා. ඉන්පසුව බෙනට් හා ටේලර් මුළු ලකුණු සංඛ්‍යාව 98 දක්වා ඉහළ නැංවූවා. නායක සිකන්දර් රාසා පැමිණ ජයග්‍රහණය සම්පූර්ණ කළා.

ඊට කළින්, ඕමානය විස්සයි20 ලෝක කුසලාන තරගයක සිම්බාබ්වේ ට එරෙහි අඩුම මුළු ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු 103කට දැවී ගියා. ‘පවර් ප්ලේ’ ක්‍රීඩාව අවසන් වන විට ලකුණු 24කට කඩුලු 4ක් දැවී සිටි ඕමානය කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් භාගයක් ම හත් වැනි ඕවරය අවසන් වන විට ලකුණු 27කට දැවී ගොස් තිබුණා. මැද පිතිකරු පෙලින් යම් ප්‍රමාණයක සටනක් ප්‍රදර්ශනය වෙමින් විනයක් ෂුක්ලා සහ සුෆ්යාන් මෙහමූද් හය වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43කින් ලකුණු 42ක් එක් කළා. මෙහමූද් හතරේ පහර දෙකක් සමග පන්දු 39කින් ලකුණු 25ක් රැස් කළා.

ෂකීල් අහමඩ් (4) සහ නදීම් ඛාන් (20) නව වැනි කඩුල්ල සඳහා පන්දු 17කින් ලකුණ 20ක් රැස් කරමින් ඕමානයට පන්දු යැවීම සඳහා යම් ප්‍රමාණයක හෝ මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා දුන්නා.

සිම්බාබ්වේ කණ්ඩායමේ මඳ වේග පන්දු යවන්නන් වන රිචාඩ් එන්රාවා සහ බ්ලෙසං මුසරාබානි පිළිවෙලින් ලකුණු 17කට කඩුලු 3ක් සහ ලකුණු 16කට කඩුලු 3ක් ලබා ගත් අතර වේග පන්දු යවන බ්‍රැඩ් එවන්ස් ලකුණු 18කට කඩුලු 3ක් හිමිකර ගත්තා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

T20 WC: සිම්බාබ්වේ වේග පන්දු යවන්නෝ ඕමානය වනසති | The Leader