The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 WC: ඕමානයට එරෙහිව අයර්ලන්තයට ලකුණු 96ක පහසු ජයක්

T

The Leader Desk

February 14, 2026 • 3:15 PM

T20 WC: ඕමානයට එරෙහිව අයර්ලන්තයට ලකුණු 96ක පහසු ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕමානයේ පන්දු යවන්නන්ට එරෙහිව වැඩබලන නායක ලෝකන් ටකර්, ගැරත් ඩෙලනි සහ ජෝර්ජ් ඩොක්රල් දියත් කළ
  • ක්‍රීඩාංගණයේ අද පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන තරගය පන්දු 12ක් ඉතිරි කරගෙන ලකුණු 96කින් ජයග්‍රහණය කළා.
  •   ටකර් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් පන්දු 51කින් නොදැවී ලකුණු 94ක් රැස් කළ අතර ඩෙලනි පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 56ක් ලබා ගත්තා.
  • මේ දෙදෙන පස් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57කින් ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):
ප්‍රවේගකාරී පිති ප්‍රහාරයෙන් අයර්ලන්තය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන තරගය පන්දු 12ක් ඉතිරි කරගෙන ලකුණු 96කින් ජයග්‍රහණය කළා.  

ටකර් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් පන්දු 51කින් නොදැවී ලකුණු 94ක් රැස් කළ අතර ඩෙලනි පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 56ක් ලබා ගත්තා. මේ දෙදෙන පස් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57කින් ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

ඩොක්රල්ගේ පිතිහරඹයේ මුල සිට අග දක්වා ම ප්‍රදර්ශනය වුනේ දැඩි ආක්‍රමණශීලී විලාශයක්. ඔහු හයේ පහර 5ක් එල්ල කරමින් නොදැවී ලකුණු 35ක් රැස් කළේ පන්දු 9කට පමණක් මුහුණ දෙමින්. ටකර් සහ ඩොක්රල් හය වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19කින් ලකුණු 70ක නොබිඳි සබඳතාවක් පිහිටුවූ අතර අයර්ලන්තය ඔ්වර විස්ස අවසන් වන විට කඩුලු පහක් පමණක් අහිමි කරගෙන මුළු ලකුණු 235ක් වාර්තා කළා.

අයර්ලන්තය ඔවුන්ගේ ඉනිමේ අවසන් ඕවර දෙකේදී ලකුණු 44ක් රැස් කළ අතර ඊට පෙර ඕවර පහ ඇතුළත ලකුණු පුවරුවට එක් කළ ලකුණු ප්‍රමාණය 78ක්.
ඉලක්කය හඹා යාමේදී ඕමානයේ සියලුම ක්‍රීඩකයින් ඕවර 18ක් ඇතුළත ලකුණු 139කට දැවී ගියා. එම ඉනිමේ කැපී පෙනුනු සිදුවීම වූයේ ආමීර් කලීම් සහ හමාඩ් මිර්සා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49කින් පිහිටුවූ ලකුණු 73ක සබඳතාව. කලීම් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමග පන්දු 29කින් ලකුණු 50ක් ලබා ගත් අතර මිර්සා හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමග පන්දු 37කින් ලකුණු 46ක් රැස් කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...