The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ප්‍රේමයේ චමත්කාරයෙන් සුන්දර වූ කාඩිෆ් මැරතන් තරගය

T

The Leader Desk

October 14, 2023 • 4:20 PM

ප්‍රේමයේ චමත්කාරයෙන් සුන්දර වූ කාඩිෆ් මැරතන් තරගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘කාඩිෆ් මැරතන්’ යනු වේල්සයේ කාඩිෆ් අගනුවරදී සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන අර්ධ මැරතන් තරගයක්.
  • මුලදී මෙය පූර්ණ කාඩිෆ් මැරතන් තරගය සමග ඒකාබද්ධව පැවැත්වූවත් වැඩි වෙමින් තිබුනු අර්ධ මැරතන් තරගයේ ජනප්‍රියතාව හේතුවෙන් තරගයේ දුර ප්‍රමාණය 2006 වසරෙන් පසුව අඩු කෙරුනා.
  • ‘කාඩිෆ් මැරතන්’ තරගයේ සහභාගත්වය මේ වන විට ධාවකයින් 27,500 දක්වා වැඩි වී තිබෙනවා.
  •   මේ වසරේදී 20 වැනි සංවත්සරය සැමරූ ‘කාඩිෆ් මැරතන්’ තරගය මතක සිටින සිදුවීම්වලින් යුත් එකක් බවට පත්වුනේ තරගයේ අවසන් ජය රේඛාව ප්‍රේමයෙන් හැඩවුනු නිසාවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ලොව ප්‍රසිද්ධ මැරතන් ධාවනවලින් එකක් වන ‘කාඩිෆ් මැරතන්’ තරගය ආරම්භ වුනේ 2003 වර්ෂයේ. මුලදී මෙය පූර්ණ කාඩිෆ් මැරතන් තරගය සමග ඒකාබද්ධව පැවැත්වූවත් වැඩි වෙමින් තිබුනු අර්ධ මැරතන් තරගයේ ජනප්‍රියතාව හේතුවෙන් තරගයේ දුර ප්‍රමාණය 2006 වසරෙන් පසුව අඩු කෙරුනා. ‘කාඩිෆ් මැරතන්’ තරගයේ සහභාගත්වය මේ වන විට ධාවකයින් 27,500 දක්වා වැඩි වී තිබෙනවා.

Cardiff2 

මේ වසරේදී 20 වැනි සංවත්සරය සැමරූ ‘කාඩිෆ් මැරතන්’ තරගය මතක සිටින සිදුවීම්වලින් යුත් එකක් බවට පත්වුනේ තරගයේ අවසන් ජය රේඛාව ප්‍රේමයෙන් හැඩවුනු නිසාවෙන්. ආලයෙන් මුසපත්ව සිටි ජෝඩු දෙකක් මේ අභියෝගාත්මක ධාවන තරගයට ඔවුන්ගේ පෞද්ගලික ස්පර්ශයක්ද එක් කිරීම නිසා ‘කාඩිෆ් මැරතන්’ තරග ඉතිහාසයට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය වුනා. මේ ආදරවන්තයින් තරගයේ අවසාන රේඛාවේදී විවාහ යෝජනා ගෙන ආවේ මැරතන් තරගයට හැඟුම්බර මොහොතක් එක් කරමින්.

 

Cardiff Half 3

මැරතන් ධාවනයට සහභාගි වූ මාක් හැරිස් සම්පූර්ණ දුර දිව්වේ විවාහ ගිවිස ගැනීමේ මුද්දක් සහිත පුංචි පෙට්ටියක් සඟවා ගෙන. ඔහුගේ අරමුණ පිළිබඳ කිසිවක් නොදැන ඔහුගේ පැත්තකින් දුවමින් සිටියේ ඔහුගේ පෙම්වතිය වන සේරෙ ඩවුසන්. දෙදෙන අවසන් රේඛාව පසු කරද්දී සේරෙ පුදුමයට පත් කරමින් මාක් හෘදයාංගම යෝජනාවක් ඉදිරිපත් කර සිටියා. ශරීර යෝග්‍යතා උපදේශිකාවක වන 30 හැවිරිදි සේරෙ මෙයින් අන්දමන්ද වුනා.

“ගෙවුනු අන්තිම කිලෝමීටර් පහේ දිවීම නිසා මගේ දණිසේ වේදනාවක් හටගෙන තිබුනා. ඒ නිසා මාක් ඇත්තෙන්ම මගේ අත අල්ලා ගෙන සිටියා. මේ සියල්ල සිදුවෙද්දී මාක් එයාගෙ අනිත් අතේ මුද්ද තියාගෙන ඉන්න ඇති” යනුවෙන් සේරෙ පැවසුවේ ඒ සුන්දර මොහොත යලි ආවර්ජනය කරමින්.

වසර තුනක් තිස්සේ පෙමින් බැඳී සිටි මේ යුවළ ඔවුන්ගේ ජීවිතයේ මේ විශේෂ අවස්ථාව බෙදා ගත්තේ තරගයේ නරඹන්නන් දහස් ගණනක් ඉදිරියේ. මේ දෙදෙනා සමග ධාවනයේ යෙදුනු ඔවුන්ගේ මිතුරා වන ඇන්ඩෲ හිල්, මාක් විවාහ යෝජනාව ඉදිරිපත් කළ මොහොත කැමරාවට හසුකර ගත්තා. සේරෙ යෝජනාව කෙළින් ම බාර ගත් අතර වසර දෙකක පමණ කාලයකින් පසුව විදේශයකදී විවාහ උත්සවය ගැනීමට ඔවුන් දැන් සැලසුම් කරගෙන යනවා.

 

Cardiff Half 5

තවත් අනපේක්ෂිත යෝජනාවක්

මේ අතර, තවත් ධාවකයෙකු වූ ජායි චිම් ද මේ සමාන අනපේක්ෂිත ක්‍රියාවක යෙදීමට මාන බලමින් සිටියා. ඔහු, ඔහුගේ පෙම්වතිය වන එලීවිය ඩය ට විවාහ යෝජනාව ඉදිරිපත් කළේ දෙදෙනා තරගයේ අවසාන රේඛාව පසු කිරීමෙන් මොහොතකට පසුවයි. මූල්‍ය පාලකයෙකු වන ජායි තරගයේ සැතපුම් 13ක දුර ප්‍රමාණය මුළුල්ලේම දියමන්ති පටියක් ඔහුගේ සාක්කුවේ සඟවා තබා ගෙන සිටීමට සමත් වුනා. පුහුණු වරලත් ගණකාධිකාරිවරියක වන එලීවිය එම යෝජනාව අප්‍රමාණ සතුටකින් යූතුව පිළිගැනීමෙන් පසුව දෙදෙනා ඒ අමතක නොවන දවසේ ඉතිරි කාලය පවුලේ අය සහ මිතුරු මිතුරියන් සමග උත්සව සිරියෙන් ගත කළා.

මේ සුන්දර සිදුවීම් නිසා මේ වසරේ කාඩිෆ් අර්ධ මැරතන් තරගය ඇත්ත වශයෙන් ම මතක හිටින තරගයක් බවට පත්ව තිබෙනවා. විවාහ ගිවිස ගත් ආදරවන්තයින්ට වැදගත් වුනේ තරගයේ අවසාන රේඛාව පසු කිරීම පමණක් නෙවෙයි. එය ඔවුන් ට, දෙදෙනා එකට එක්ව යන අලුත් ගමනක ආරම්භයක් ද වුනා. ඔවුන්ගේ ආදර අන්දරය විසින් මේ තරගයට ප්‍රේමයේ චමත්කාරය ද එක් කරනු ලැබුවේ එය ආදරය සහ කැපවීමේ විශේෂ කතාන්දරයක් බවට පත් කරමින්.

 

Cardiff 3

 

 දුර දිවීමේ තරගයක් විවාහ යෝජනාවකින් කෙළවර වීම සැමදා සිදුවන්නක් නෙවෙයි. මේ තරග ඉසව්ව වසර ගණනාවක් යන තුරු ම මතකයේ රැඳී තිබෙනු ඇත්තේ ඒ නිසා යි.


Screenshot 2023 10 15 at 09.39.44(වර්නන් ගුණසේකර)
gunasekera33@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...