The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

The Next Chapter: ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරුගේ සේවය දීර්ඝ කෙරේ

T

The Leader Desk

June 21, 2026 • 4:31 PM

The Next Chapter: ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරුගේ සේවය දීර්ඝ කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ කෙටි කාලයක් තුළ සැලකිය යුතු ජයග්‍රහණ රැසක් වාර්තා කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA)
  • අල්මුතයිරිගේ පළමු ධූර කාලය තුළ ලබා ගත් ජයග්‍රහණ හා සපුරා ඇති ඉලක්ක පිළිබඳව ඉතාමත් තෘප්තියට පත්ව සිටින ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා, අල්මුතයිරි ට දෙවැනි සේවා කාලයක් ලබා දී තිබෙන්නේ කිසිදු පැකිලීමකින් තොරව බව වාර්තා වනවා.
  • එයින් පිළිබිඹු කෙරෙන්නේ ඔහු කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය යි.
  • (සටහන : වර්නන් ගුණසේකර) 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු gunasekera33@gmail.com    
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රේණිගත කිරීම්වල 205 වැනි ස්ථානයේ සිට 187 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඔසවා තැබූ පුහුණුකරු අබ්දුල්ලා අල්මුතයිරිගේ ගිවිසුම අලුත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කරන ‘ඊළඟ පරිච්ඡේදය’ – The Next Chapter - වැඩසටහන යටතේ ජාතික ප්‍රධාන පුහුණුකරුගේ සේවා කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා තීරණය කර තිබෙන්නේ අල්මුතයිරි පසුගිය වසර දෙක තුළ ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් දැක්වූ කැපවීම, වෘත්තීයභාවය සහ ලබා දුන් සාර්ථක ප්‍රතිඵල අගය කිරීමක් වශයෙන්.

dfgdgft
ජස්වර් උමාර් සහ අබ්දුල්ලා අල්මුතයිරි මහත්වරු අතර පැවති සාකච්ඡාවකින් පසුව මේ ගිවිසුම අලුත් කිරීම සඳහා අත්සන් තැබුණා.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ කැපී පෙනෙන සාර්ථකත්වයකට මං විවර කළ අල්මුතයිරිගේ පළමු ධූර කාලයේ අගනා උත්සාහය පිළිබඳව ඒ මහතාට සිය ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානියා, ඉදිරි කාලය තුළ ජාතික කණ්ඩායම විසින් අත්පත් කරගත යුතුව තිබෙන නව ඉලක්ක සහ අරමුණු පිළිබඳව ද පැහැදිලි කළා.

අල්මුතයිරිගේ පළමු ධූර කාලය තුළ ලබා ගත් ජයග්‍රහණ හා සපුරා ඇති ඉලක්ක පිළිබඳව ඉතාමත් තෘප්තියට පත්ව සිටින ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා, අල්මුතයිරි ට දෙවැනි සේවා කාලයක් ලබා දී තිබෙන්නේ කිසිදු පැකිලීමකින් තොරව බව වාර්තා වනවා. එයින් පිළිබිඹු කෙරෙන්නේ ඔහු කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය යි.

නව ගිවිසුම් කාලය තුළ ශ්‍රී ලංකා පාපන්දුවේ ප්‍රධාන පුහුණුකරුවා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් හඳුන්වා දී තිබෙන නව අරමුණු සහ තාක්ෂණික සැලසුම් ක්‍රියාත්මක කරමින් ජාතික කණ්ඩායම තවත් ඉහළ මට්ටමකට ගෙන යාමේ වගකීම බාර ගැනීමට නියමිතව තිබෙනවා.

රටේ පාපන්දු ක්‍රීඩාව තාක්ෂණික, තරගකාරී සහ පරිපාලනමය වශයෙන් ශක්තිමත් පදනමක් මත ඉදිරියට ගෙන යාමේ සංකල්පයට The Next Chapter වැඩසටහනෙන් නව ශක්තියක් එක් කරනවා.

මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රය සෑම අංශයකින්ම දියුණු වෙමින් තිබෙන අතර පැහැදිලි දැක්මක්, ශක්තිමත් නායකත්වයක් සහ දිගුකාලීන සංවර්ධන සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නව ඉහළ තලයකට රැගෙන යාමේ ගමන දැන් අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන බවට පාපන්දු විශාරදයින් විශ්වාස කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...