The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'රිටත් පුහුණුකරුත් නැතිව දිනූ තුෂේන්' - ඇත්ත නැත්ත මෙන්න !

T

The Leader Desk

April 29, 2023 • 10:31 AM

'රිටත් පුහුණුකරුත් නැතිව දිනූ තුෂේන්' - ඇත්ත නැත්ත මෙන්න !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උස්බෙකිස්තානයේ මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් යුත්
  • එම තරගාවලියේදී පිරිමි රිටි පැමීමේ ඉසව්වෙන් මීටර් 4.70 ක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තුෂේන් සිල්වා ක්‍රීඩකයා සමත් විය.
  • සබැඳි පුවත් වසර 72කට පසු රිටි පැනීමෙන් ලංකාවට ජාත්‍යන්තර පදක්කමක්
අකුරු ප්‍රමාණය (Font Size):

කණ්ඩායමක් පසුගිය 24 වෙනිදා දිවයිනෙන් පිටත් විය.

එම තරගාවලියේදී පිරිමි රිටි පැමීමේ ඉසව්වෙන් මීටර් 4.70 ක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තුෂේන් සිල්වා ක්‍රීඩකයා සමත් විය.

එම ක්‍රීඩකයා හට මෙම තරගාවලිය සඳහා ඔහු පුහුණුකිරීම් සඳහා භාවිතා කළ රිට රැගෙන යාමට නොහැකිවීම පිළිබඳව මාධ්‍ය වාර්තා පලවීමත් සමග ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.මුතුමාල ගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ එවැනි ඉල්ලීමක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදු කර නොමැති බවයි.

 තරගාවලිය සදහා සහභාගී වීමට නියමිත කණ්ඩායම සදහා අනුමැතිය හා ඉල්ලුම්කරන ලද අනෙකුත් සියලුම පහසුකම් ලබා දුන් අතර, ගුවන් ටිකට්පත් සඳහා වැය වූ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කර ඇති අතර එම මුදල් ලද වහාම සංගමය වෙත ලබා දීමට සැළසුම් කර ඇති බවත්, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් නොකළ කාරණාවක් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා කිරීම කණගාටුවට කරුණක් බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරමින් රටට කීර්තියක් ගෞරවයක් ගෙන දෙමින් ජාත්‍යන්තර තරගාවලියකදී රිදී පදක්කමක් දිනා, නව යොවුන් ජාතික වාර්තාවක් ද පිහිටවූ තුෂේන් සිල්වා ක්‍රීඩකයාට සුබ පැතුම් එක් කරන අතර, අමාත්‍යවරයාගේ නිර්දේශයන් ද සහිතව අමාත්‍යාංශ ලේකම්තුමාගේ සහයෝගය ද ඇතිව ඔහුගේ ඉදිරි ක්‍රීඩා ගමන වෙනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ‍ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපරිම සහයෝගය ලබාදෙන බවත් තරගාවලිය නිමා වී දිවයිනට පැමිණි පසු ඔහු සමග සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවත් ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


 පසුව මේ සම්බන්ධයෙන් ජාතික මළල ක්‍රීඩා සංගමයේ පුහුණුකරු අධ්‍යක්ෂ අයි.එම්.රණසිංහ ගෙන් දුරකතනයෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ එම ක්‍රීඩකයා පුහුණුවීම් කිරීමට භාවිතා කළ රිට උස්බෙකිස්තානය වෙත රැගෙන යාමට සූදනම් කර ගුවන්තොටුපොල වෙත රැගෙනවිත් තිබූ නමුත් අදාල ගුවන් සේවා සමාගමෙන් අමතර ලක්ෂ 3 ක මුදලක් ගෙවීමට එම අවස්ථාවේ දැනුම් දුන් බවයි. පෙර සූදානමක් නොතිබූ බැවින් මළල ක්‍රීඩා සංගමයට එම මුදල් ගෙවීමේ කටයුතු ක්ෂණිකව සිදු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් කණ්ඩායම් කළමණාකරු මැදිහත්ව උස්බෙකිස්තානයේ තරගාවලි කළමණාකරු සමග සාකච්ඡා කර තුෂේන් ක්‍රීඩකයා හට එහි දී රිටක් ලබා දීමට හැකි බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කණ්ඩායම ගමන පිටත් වූ බවයි.


තුෂේන් ක්‍රීඩකයා උස්බෙකිස්තානයේ දී මනා ජවයකින් යුතුව ක්‍රීඩා කළ බවත්, ඔහු වෙත ලබා දුන් රිට ගුණාත්මක භාවයෙන් ඉහළ රිටක් බවත්, ඔහුගේ දක්ෂතා අතරට යාමට එය ද ඉවහල් වූ බව විශ්වාස කරන බවත් පැවසූ අයි.එම්.රණසිංහ, තාක්ෂණික වාර්තාව ලැබුණු පසු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීමට හැකි බව පැවසීය.


සබැඳි පුවත්
වසර 72කට පසු රිටි පැනීමෙන් ලංකාවට ජාත්‍යන්තර පදක්කමක්

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...