The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

U15 SLYL 2024: ප්‍රීමා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය 21දා ඇරඹේ

T

The Leader Desk

November 19, 2024 • 3:12 PM

U15 SLYL 2024: ප්‍රීමා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය 21දා ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා යූත් ලීග් - U15 SLYL - තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය නැවත වතාවක් ඉදිරිපත්ව සිටිනවා.
  • ජාතික ක්‍රිකට් ගමන් මඟේ වැදගත් ඉසව්වවක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන මේ තරගාවලිය සඳහා ප්‍රීමා සමූහය අනුග්‍රාහකත්වය දක්වන්නේ 2007 වස‌රේ සිට.
  • ‘ප්‍රීමා අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය 2024’ තරගාවලිය ආරම්භ වන්නේ නොවැම්බර් 21 වැනිදා.
  • මේ ඔ්වර 50 තරගාවලියට කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන පළාත් කණ්ඩායම් පහක් තරග වදිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා යූත් ලීග් - U15 SLYL - තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය නැවත වතාවක් ඉදිරිපත්ව සිටිනවා.

ජාතික ක්‍රිකට් ගමන් මඟේ වැදගත් ඉසව්වවක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන මේ තරගාවලිය සඳහා ප්‍රීමා සමූහය අනුග්‍රාහකත්වය දක්වන්නේ 2007 වස‌රේ සිට.

XRTW45S

මෙරට තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දිස්ත්‍රික්ක හා පළාත් නියෝජනය කරමින් සිය දස්කම් ප්‍රදර්ශනය කිරීමට මේ තරගාවලිය මහඟු අවස්ථාවක් වන අතර අතීතයේ මෙන්ම වර්තමානයේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන බොහෝ ක්‍රීඩකයන්ව පළමුව හඳුනා ගෙන තිබෙන්නේ මේ තරගාවලියෙන්.

‘ප්‍රීමා අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය 2024’ තරගාවලිය ආරම්භ වන්නේ නොවැම්බර් 21 වැනිදා. මේ ඔ්වර 50 තරගාවලියට කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන පළාත් කණ්ඩායම් පහක් තරග වදිනවා.

තරග පැවැත්වෙන ස්ථාන වනුයේ කොළඹ විශ්ව විද්‍යාලය, කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය, තර්ස්ටන් විදුහල හා රාජකීය විදුහල.

U15 SLYL 2024 තරගාවලියේ අවසන් පූර්ව තරග නොවැම්බර් 28 සහ අවසාන තරගය නොවැම්බර් 30 පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය පිරිනැමීම ඊයේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේදී සිදු කෙරුනු අතර මෙහිදී කණ්ඩායම්වල නායකයින් විසින් ප්‍රීමා කුසලානය නිරාවරණය කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මේ තරගාවලිය සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සංවර්ධන කැලැන්ඩරයේ මේ තරගාවලිය ඉතා වැදගත් ඉසව්වක් බවත් දිස්ත්‍රික් යෞවන ක්‍රිකට් තරගාවලියේ දස්කම් පෑ ක්‍රීඩකයන් මේ තරගාවලියට තෝරා ගැනුනු බවත් කියා සිටියා.

“අපගේ අනාගත ක්‍රිකට් ක්‍රීඩක පරපුර පෝෂණය කිරීම මේ තරගාවලියේ අරමුණයි. මේ සඳහා ප්‍රීමා සමූහයේ අඛණ්ඩ කැපවීම අප ඉතා අගය කොට සලකනවා” යනුවෙන් ද ඈෂ්ලි ද සිල්වා පවසා සිටියා.

වයස අවුරුදු 13 සිට ඉහළට දිවෙන ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් පද්ධතිය ඉතාමත් ශක්තිමත් බවත් අද වන තුරු පාසල් ක්‍රමවේදයේ එක් ක්‍රීඩකයෙක් හෝ මඟහැරී නැති බවත් කී ඈෂ්ලි ද සිල්වා, “යාපනයෙන් පවා ක්‍රීඩකයන් දෙදෙනෙක් අද ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා” යැයි ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ප්‍රීමා සමූහයේ සිලෝන් ඇග්රෝ ආයතනයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න ද මෙහිදී කතා කරමින්, 2007 වසරේදී වයස අවුරුදු 13න් පහළ තරගාවලියක් ලෙසින් ආරම්භ වූ දා පටන් මේ තරගාවලියට ප්‍රීමා අනුග්‍රහය දක්වන බවත් අද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පෙලහර පාන බොහෝ ක්‍රීඩකයන් බිහිවූයේ මේ තරගාවලියෙන් බවත් පෙන්වා දුන්නා.

කොළඹින් කණ්ඩායම් දෙකක් හා ගාල්ල, දඹුල්ල, මහනුවරින් කණ්ඩායමක් බැගින් සහභාගි වන මේ තරගාවලියේ අවසාන මහා තරගය රූපවාහිනියෙන් සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබෙන බව ද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල හා ප්‍රීමා සමූහයේ සිලෝන් ඇග්රෝ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර කළමනාකරු ඩොනවන් ඔන්ඩච්චි ද මේ අවස්ථාවට සහභාගි වුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...